ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, January 19, 2018

බැඳුම්කර වාර්තාවෙන් රනිලා නිදොස් කර නිදහස් කරලා.....!!!

ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  මෙසේ අදහස් පල කලේය.
බැඳුම්කර වාර්තාවෙන් අගමැති නිදොස් කර ඇති බවට එජාප මහ ලේකම් කබීර් හසීම්  ඊයේ කිව්වා.  නමුත් තිත්ත ඇත්ත ඊට වෙනස්.  වාර්තාවේ 26 පරිච්ඡේදය වෙන් කර තිබෙන්නේ බැඳුම්කර වංචාවේ අගමැති භූමිකාව වෙනුවෙන්.  ආණ්ඩුවේ  පොදු මතය වුණේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති බවට පත් කළ යුතුයි කියා අගමැති කොමිසමට පවසා තිබෙනවා.  වාර්තාවේ  849 පිටුවේ සඳහන් වන ආකාරයට upon formation of the new government in January 2015, there was a general consensus within the Government that Mr Mahendran should be appointed to the post of Governor of CBSL.
මේ පත්වීමට තමන් විරුද්ධ වුණු බවට ජනාධිපති කියනවා. ඒ වගේම රජයේ මාධ්‍යහමුවෙදි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමතිත් තමන් විරුද්ධ වුණු බව කියනවා.  එසේ නම් ආණ්ඩුවේ පොදු මතය බවට අගමැති කියන්නේ කෙසේද?  අර්ජුන් මහේන්ද්‍රන් විදේශිකයෙකු වීම මහ බැංකු අධිපති ධූරය ලබා ගැනීමට ප්‍රශ්නයක් නොවේ ද කියා අගමැතිගෙන් අහනවා.

ඔහුගේ පිලිතුර වුණේ කිසිම නීතිමය බාධාවක් නෑ කියා.  ඔහු විදේශිකයෙකු වීම නොවේ ප්‍රශ්නය.  සිංගප්පූරු ජාතිකයෙකු වීමයි ප්‍රශ්නය. ඇතැම් රටවල පුරවැසියන්ට ද්විත්ව පුරවැසි භාවය ලබාගන්න පුලුවන්. නමුත් සිංගප්පූරු ජාතිකයෙකුට බෑ.  සිංගප්පූරු ජාතිකයින්ට වෙනත් රටකට පක්ෂපාති වෙන්න බෑ. ඔවුන්ට පක්ෂපාතී විය හැක්කේ සිංගප්පූරු ජනරජයට පමනයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වන උපලේඛණයේ සදහන් වෙනවා රජයේ ඉහල තණතුරු භාරගන්නා නිලධාරීන් ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතී වන බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අණුගමනය කර ආරක්ෂාකරන බවටත් ලබාදෙන දිවුරුමක්. නමුත් අර්ජුන් මහේන්ද්‍රන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වන උපලේඛණයේ තිබෙන දිවුරුම ලබා දී නෑ. සිංගප්පූරු ජාතිකයෙක් වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අණුගමනය කර ආරක්ෂාකරන බවට ඔහුට දිව්රුම් දෙන්න බෑ. එසේනම් ඇසිය යුතු ප්‍රශ්නය වී තිබුනේ අර්ජුන් මහේන්ද්‍රන් විදේශිකයෙක් වීම නීතිමය භාදාවක්ද කියල නෙමෙයි ඔහු සිංගප්පූරු ජාතිකයෙක් වීම නීතිමය භාදකයක්ද කියලයි.
මේ කරුණු කොමිසම ඉදිරියේ මතු වුණේ නෑ.  ඉතාම දක්ෂව හරස් ප්‍රශ්න අහපු අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා අගමැති ගෙන් හරස් ප්‍රශ්න අහන්න සිටියා නම් මේ කරුණු මතු වෙනවා.  මොකද ඔය අනිකුත් ආන්දෝලනාත්මක කරුණු මතුකරගත්තේ එතුමන්ගේ සුවිශේෂී හරස්ප්‍රස්න ඇසීමේ හැකියාව නිසා. නමුත් දප්පුල ලිවේරා මහත්තයව ඉවත්කරලා අගමැති නිර්දේශයෙන් පත් වුණු නීතිපති ජයන්ත ජයසූරිය තමයි අගමැතිගෙන් හරස් ප්‍රශ්න ඇහුව්වේ.  අපි  පුංචි දරුවොත් එක්ක ක්‍රිකට් ගහද්දි දරුවට ලකුණු ලබාගන්න ලේසි වෙන්න පුල්ටොස් එක දාල දෙනවා. අන්න ඒ වගේ තමයි බවුන්සර් නැති, යෝකර් නැති, පුල්ටොස් පන්දු යැවීමක් තමයි අපි නීතිපතිවරයාගෙන් දැක්කේ.  ඒ නිසා අගමැති වැරදිකරු බවට ප්‍රකාශකරන්නට අවශ්‍ය ඉතා වැදගත් තොරතුරු හරස් ප්‍රශ්න ඇසීම හරහා කොමිසම ඉදිරියේ මතු වුණේ නැත්තේ. මොනවාද ඒ අගමැතිගෙන් ඇසිය යුතුව තිබු ප්‍රශ්න?
  • මුදල් අමාත්‍යාංශය යටතේ තිබිය යුතු මහ බැංකුව ඔබ යටතට පවරා ගත්තේ ඇයි?

ලංකා ඉතිහාසය පුරා මහ බැංකුව තිබුණේ මුදල් ඇමති යටතේ.  ඊට හේතුවක් තිබෙනවා.  නීතිය අනුව මහ බැංකු අධිපති පත් කළ යුත්තේ මුදල් ඇමතිගේ නිර්දේශයෙන්.  මුදල් නෝට්ටු අත්සන් කරන්නේ මුදල් ඇමති සහ මහ බැංකු අධිපති.  වාර්ෂික මහ බැංකු වාර්තාව භාර දිය යුත්තේ මුදල් ඇමතිට.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වන උපලේඛණය යටතේ ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාති වන බවට දිවුරුම් දිය නොහැකි පුද්ගලයෙකු මහ බැංකු අධිපති කලේ ඇයි?
  • ජනාධිපතිතුමා සහ රාජිත ඇමතිතුමා විරුද්ධවුණා නම් අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්වීමට පොදු එකඟතාවක් තිබුණා යනුවෙන් ඔබ ප්‍රකාශ කරන්නේ කසේද?
  • අර්ජුන් මහේන්ද්‍රන්ට ඇමතිවරු විරුද්ධ වෙද්දී ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ මම භාර ගන්නවා යනුවෙන් පැවසුවාද?  එයින් අදහස් කලේ කුමක්ද? මොකද වගකීම භාරගත්ත කෙනා වැරැද්දක් සිදුව තිබේනම් ඉල්ලා අස්වෙන්න ඕනෑ. ඒක තමයි ලෝක සම්ප්‍රදාය.
  • බැඳුම්කර නිකුතුව සඳහා වෙන්දේසි ක්‍රමය පදනම් කර ගන්නැයි මහ බැංකු අධිපතිට තමන් උපදෙස් දුන් බවට අගමැතින් ප්‍රකාශකල බවට වාර්ථාවේ සදහන් වෙනවා. එසේනම් බැඳුම්කර නිකුතුව සඳහා වෙන්දේසි ක්‍රමය පදනම් කර ගන්නැයි මහ බැංකු අධිපතිට උපදෙස් දෙන්න ඔබට තිබුණු නීතිමය බලය කුමක්ද?
සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයක් සංස්ථාපනය කරන පනතෙන් ඒ ආයතනයට නියෝග ලබා දෙන්න ඇමතිට බලය දෙනවා.  නමුත් මහ බැංකුව සංස්ථාපනය කළ මුදල් නීති පනතෙන් විෂය භාර ඇමතිට ඒ බලය දීලා නෑ.  එසේනම් අගමැතිතුමා අර්ජුන් මහේන්ද්‍රන්ට ප්‍රතිපත්තිමය තීන්දු සඳහා උපදෙස් ලබා දුන්නේ කොහොමද?
  • බැඳුම්කර පිළිබඳ අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට අගමැති පත් කළ පිටිපන කමිටුවට පත් නොකලේ ඇයි?
  • පිටිපන කමිටුව අර්ජුන් මහේන්ද්‍රන් නිදොස් කළත් වැදගත් නිර්දේශ ගණනාවක් දුන්නා. කමිටුවේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර නොගත්තේ ඇයි?
  • බැඳුම්කර වංචාව පිළිබඳ ඩියු ගුණසේකර කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් වීම වැළැක්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ඔබ ජනපතිට උපදෙස් දුන්නා ද?
මෙන්න මේ ප්‍රශ්න කොමිසම ඉදිරියේ ඇසුවා නම් අගමැති වැරදිකරු බවට කොමිසම තීරණය කරනවා.  ඒ වැදගත් ප්‍රශ්න සියල්ල ඇසීමට ඇති අවස්ථාව වළක්වලා දැන් අගමැති නිර්දෝෂියි කියන්න එජාපයට බෑ.
ඒ වගේම 2015 මාර්තු 17 දින අගමැති පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර නිකුතුවට මැදිහත් වුණේ නෑ කියලා කරපු ප්‍රකාශය වැරදිය කියා 854 පිටුවේ සඳහන් වෙනවා.  ඒ කියන්නේ අගමැතිතුමා පාර්ලිමේන්තුව නොමග යවා ඇති බව කොමිසමත් පිලි ගන්නවා.  එය අගමැතිතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන ඒමට හොඳටම ප්‍රමාණවත්. පාර්ලිමේන්තුව නොමග යැවු අගමැතිවරයෙක් පිළිබදව පාර්ලිමේන්තුවට තව දුරටත් විශ්වාසයක් තැබිය නොහැකි නිසා අගමැතිතුමන් එක්කෝ ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් අගමැතිට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනවිත් ඔහු ඉවත්කිරීමට පාර්ලිමේන්තුව පියවර ගත යුතුයි.
– අරවින්ද අතුකෝරල

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.