ඉස්සර වැරදි නිවැරදි කරන්න ආ උදවිය කෝ......?
කාර්යයබහුල යහපාලනය.........
තිස් වසරකට පසු මෙරට ඉදිකළ විශාලතම වාරි ව්‍යාපෘතිය වන ලක්ෂ පහෙළොවක පමණ ජනතාවට සෙත සලසන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවැරීම නිමිත්තෙන් උත්සව දෙකක් පසුගියදා පැවැත්විණි. මොරගහකන්ද වේල්ල මතදී මංගල දියවර මුදාහැරීමෙන් පසු ජනපතිවරයා පැමිණියේ පොල්ගොල්ල වේල්ල මත සංවිධානය කර තිබූ ජනහමුවකටය. දින ගණනාවක් පුරා වේල්ල මත ඉදිකළ වේදිකාව නිසා පොල්ගොල්ල ජලාශය හරහා මාර්ගය වසා තැබීමෙන් ජනතාව යම් දුෂ්කරතාවට පත් වූවත් ඔවුන් ඒ සියල්ල ඉවසා ගත්තේ මෙය රටේ යහපත වෙනුවෙන් කෙරෙන්නාවූ ව්‍යාපෘතියක් නිසාය. මෙම දිනවල මැතිවරණ වේදිකාව දැඩි උණුසුම් තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක මෙම උත්සවයට ජනපති අගමැති ප්රමුඛ යහ පාලන ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරු රැසක් පැමිණ සිටියහ. එකට ආණ්ඩු කරන උදවිය ඡන්ද වෙනුවෙන් එකිනෙකාට දෝෂාරෝපණය කරමින් තමන් සුදනා වන්නට උත්සහ කරන අයුරු දිනපතා මාධ්‍යය මගින් දකිනා මහවැලි ජනතාව මෙම උත්සවයේදී මැති ඇමැතිවරු ඉතා සුහඳව කටයුතු කරන අයුරු දැක පුදුම වූවාට සැක නැත. යහපාලන ආණ්ඩුවට පදනම වැටුණු ජනවාරි 08 විශේෂ දිනයක් වූ නිසා ජනපතිට මෙන්ම අගමැතිටද මෙදින ඉතා කාර්යබහුල දිනයක් විය. මේ නිසාම තම කතාව නිම කළ අගමැතිවරයා ජනපති කතාවටද සවන් නොදී එම ස්ථානයෙන් පිටව ගියේ මලික් සමරවික්රමද සමඟය.එදා නොහොද අද හොඳවීම
පසුගිය ජනපතිවරණය සමයේ මෛත්‍රිපාල සිරිසේනට සහායදීම සඳහා මුලින් ගිය කිහිප දෙනා අතර මධ්‍යම පළාතේ හිටපු ප්‍රධාන ඇමැතිවරයකු මෙන්ම කැබිනට් අමාත්‍යවරයකු ද වූ නන්දිමිත්ර ඒකනායකද විය. මෙම උත්සවයට එතුමාද පැමිණ සිටියේය. ජනපතිවරණය සමයේ මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක සිටියේ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කිරීමේ සටනේය. මෛත්‍රීගේ ජයග්රහණයෙන් පසු ඔහුට සහායට පැමිණි මහ ඇමැතිවරයා පොල්ගොල්ලේ පැවැති උත්සවයේදී අසුන් ගෙන හිටියේ ජනපති ළඟින්මය. නන්දිමිත්ර තම සහෝදරයාවූ සරත් ඒකනායක මහ ඇමැතිවරයා අසළට පැමිණ යමක් කී පසු ඔහු ජනපති හා කතා කරන්නට නන්දිමිත්රට අවස්ථාවක් ලබාදෙනු දක්නට ලැබිණි. දේශපාලනයේ හැටි එසේය. අද නොහොද හෙට හොදය. හෙට හොද අනිද්දාට නොහොදය. ජනතා බලාපොරොත්තුව මෙයද...?
දේශපාලනයෙන් තොරව මැරෙන්නවත් නිදහස නැතිහැටි
ඉකුත්දා ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ අපූරු සිදුවීමක් අසන්නට ලැබුණේ, මිනිස් සිත මොනතරම් නම් බල තන්හාවෙන් ආඩ්‍යව ඇත්ද යන්නත් මනුස්සකම් මේ තරමටම වියෑකී ඇත්ද යන්නත් සිතිවිලි උපද්දවමිනි. හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ඇතුළු කණ්ඩායමක් මෙවර ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග වැදීමට කටයුතු කර ඇත්තේ ආසන සංවිධායකධුරය හෙබවූ අය සමඟ ඇතිවූ කුමක් හෝ ගට්ඨනයක් නිසා බවට අදාළ බල ප්‍රදේශ යෙන් පිටතටද රාවය ගොස් තිබිණි. ස්වාධීන කණ්ඩායම තරමක් ප්‍රබල ලෙස ප්‍රදේශයේ කටයුතු කරද්දී , හිටපු සභාපතිවරයාගේ පියා මිය ගියේය. මිය ගොස් පැය දෙක ගතවන්නටත් මත්තෙන් මාධ්‍යවේදීන් වෙත පණිවුඩ ආයේ, ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු තම පියාට පහර දී ඇති අතර පහරදීමෙන් පියා මිය ගොස් ඇති බව කියාය. බරපතළ කාරණයක් බැවින්ම මේ පිළිබඳව එහි ගොස් මරණ පරීක්ෂණ වාර්තා ද කියවා බලා තොරතුරු සොයා බලද්දී දැනගන්නට ලැබුණේ, පියා මිය ගොස් ඇත්තේ, අධික රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ තත්ත්වයක් මත මොළෙය් නහරයක් පුපුරා යැමෙන් බවය. නහරයක් පුපුරා මියයන්නට වත් මේ දේශපාලන බලය දැන් ඉඩක් තබා නැත්තේ, මරණය ද දේශපාලන වාසියකට හරවාගන්නට මාන බලන හීනමාන ඇත්තෝ ඇති නිසාය.
බෙල්වුඩ්... ගලවන්නේ පරණබඩුවලට විකුණන්නද ?
මෙරටට සෞන්ද¾ර්යය ප්‍රවීනයන් දායාද කළ, කඳුකරයේ බෙල්වුඩ් සෞන්දර්යය නිකේතනය අලුත්වැඩියා කිරීම ගැන අප කිසිවිටෙකත් , විරුද්ධ වන්නේ නැත. එහෙත් නැවත ඉදි කිරීමට අවශ්‍යතාවයක් නැති තත්ත්වයක තිබියදී , වාසි ලබා ගැනීමට සිටින්නවුන් අත ලොස්සකගේ සැලසුම් මත, ගොඩනැඟිල්ල කඩාවැටෙන බවට ව්‍යාජ ඡායාරූප සභාපතිවරයාට යවා ඊට අනුමැතිය ලබා ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. ගොඩනැඟිල්ලේ තරප්පු පෙළ හි ඇති ලෑලි ද, ගොඩනැඟිල්ලේ ඇති ඉපැරණි යකඩ ද, අකුණු සන්නායකය ද විකුණා දමන්නට නැතහොත් නැවත ඉදිකිරීම සදහා භාරගන්නට බලාපොරොත්තු වන්නාට ඉඩ සලසා තම තමන්ගේ බඩවඩා ගන්නට සිටින්නවුන් සැලසුම් කර ඇති බවට දන්නේ කීයෙන් කී දෙනාද...? මේ සා විශාල ගොඩනැඟිල්ලක් යළි ස්ථාපිත කිරීම සදහා රජයේ නැතහොත් මහජන මුදල් කොතෙක් නම් වියදම් කළ යුතු වන්නේද? උපදින වෙනත් බවයකට හෝ පව් රැගෙන නොයා, දැනට පවතින දහසක් නිර්මාණකරුවන් බිහිකළ පැරණි ගොඩනැඟිල්ල තීන්ත ගා පවිත්‍ර කොට අලුත් වැඩියා කළේ නම් කොතරම් හොඳදැයි නොසිතෙන්නේ මන්ද? ගරු සභාපතිතුමනි, මෙම ගොඩනැඟිල්ල දෑසින් දැක අනුමැතිය දුන්නේ නම් , විශ්‍රාම ගිය දිනකදී රටට ඉතිරියක් කළ බව සිතමින් ඔබටද සතුටු විය හැකි වනු ඇත.
සභානායකගෙන් මාධ්‍යයට දෝස් මුරයක්......
ඇතැම් මාධ්‍ය මේ දිනවල අසත්‍ය පුවත් ප්‍රචාරය කරන බවත්, ඒයට පෙබරවාරි දහවැනිදා ජනතාව හොද පිළිතුරක් ලබා දෙනු ඇති බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ, ඉකුත් දා ගුරුදෙණියේ පැවැති රැස්වීමකදීය.
මේ දිනවල ඇතැම් මාධ්‍ය වැඩි ඉඩක් ලබාදී ඇත්තේ ජනපතිගේ නිල කාලය පිළිබඳවත්, බැඳුම්කර සිද්ධිය පිළිබඳවත්ය. ඒවා මැතිවරණයක් ආසන්න යේදී§ ජනතා සිතුවිලි කලම්බාදැමුව හොත්, ජනවරමට හානිවනු ඇතැයි හෙතෙම සිතුවා ද නොදනිමි.
සමන්ති වීරසේකර