මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුලසුන හෙබවූ මෙම සමුලුවට ඇල්ලේ ගුනවංශ හිමි, සාටක සුණඛ බැසිල් රාජපක්ෂ, නිවාර්ඩ් කබ් රාල්, මේජර් ජෙනරල් කමල් ගුනරත්න ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.
“පසුගියදා සිරිසේන ජනාධිපති ප්‍රකාශයක් කරමින් කියා සිටියා ඔහු බලා පොරොත්තු වෙනවා කියලා ශ්‍රී ලාංකන් ගුවන් සේවය ගැන ජනාධිපති කොමිසමක් පත්කරල කරුණු හොයන්නට. ඔහු ඉන් ජනතාවට අඟවන්නට උත්සාහ කලේ රාජපක්ෂ සමයේ මේ ආයතන පාඩුවට දිවූ බවයි.
මම කිසිම විටක පසුගිය රජය ශ්‍රී ලාංකන් ගුවන් සේවය පාලනය කල ආකාරය සුද්ද කරන්න යන්නේ නැහැ. එමිරේට්ස් ගුවන් සමාගමේ කලමනාකරණය ඉවත් කරල ශ්‍රී ලාංකන් ගුවන් සේවය යලි රජයට පවරා ගැනීමේ තීරණය කුමන හේතුවක් නිසා හෝ ගත්තානම් ඉන්පසු එම ගුවන් සේවය පාලනය කරන්න ක්ෂේත්රය ගැන හොද දැනුමක් තිබෙන සභාපතිවරයෙකු ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කල යුතුව තිබුනා. ඒ තනතුරුවලට නෑදෑ හිතමිතුරන් පත් කිරීම පසුගිය රජය විසින් ගත් , පුර වැසියෙකු ලෙස මා එකග නොවන තීරණයක්. නමුත් ඒ වරද ගැන දිගින් දිගටම කතා කරමින් ආ යහපාලන රජය එය ඊටත් වඩා නරක ලෙස සිදුකලා. සභාපතිවරයා කලේ අගමැතිගේ පාසැල් මිතුරෙක්. ඊට කලින් කරල තියෙන්නේ ඇදුම් නිශ්පාදනය. ඔන්න පලපුරුද්ද. ප්‍රදාන විධායක නිලදාරිය කලේ අගමැතිගෙ අඹ යාලුවගේ මල්ලී. ඔහුගෙ වැටුප පසුගිය රජය කාලයේ ගෙව්වා වගේ හතර ගුනයක් කියල ජනතා විමුක්ති පෙරමුනෙ හදුන්නෙත්ති පසුගියදා පෙන්නල දීල තිබුනා. කියන විදියට නව රජය යටතේ පත්කල නිලධාරියෝ ටික ගුවන් සේවයට දරන්න බැරි තරම් පඩි හා වරප්‍රසාද වැඩි කරගෙන. රුපියල් මිලියන 3 කට වඩා මාසික ආදායමක් ලබන නිලධාරියෝ 4 දෙනෙක් ඉන්නවලු.
පසුගියදා ජනාදිපතිතුමාම මේ නිලදාරීන්ගේ වැටුප් විස්තර ඉල්ලුවාම ගුවන් සේවයේ සභාපතිවරය එය ප්‍රතික්ශේප කලා කියලත් පත්තර වල තිබුනා. ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබද්දි ප්‍රධාන විධායක නිලධාරියාට රුපියල් කෝටියක ප්‍රසාද දීමනවක් දෙන බවකුත් පසුගිය දිනවල වාර්තා වුනා. මොවුන් මේ විදියට ශ්‍රී ලංකන් ගුවන් සේවය සූරාකන අතර දිගින් දිගටම ගන්නාවැරදි තීරණ නිසා ගුවන් සේවයේ පාඩු දෙගුන තෙගුන වෙලා.
ශ්‍රී ලංකන් ගුවන් සේවා ඉතිහාසයේ අසාර්ථකම යුගය ආරම්ඹ වුනේ යහපාලනය බලයට
ආවට පසුවයි. ඔබ දන්නවා ඇති ගුවන් යානා ක්ශේෂ්ත්‍රයේ ලොකුම වියදම ඉන්ධන
වියදම බව. අපි දන්නවා 2011-2014 කාලයේ ලෝක තෙල් මිල බැරලයකට ඩොලර් 110ක්
වැනි ඉතා ඉහල අගයක තිබුනේ. ශ්‍රී ලාංකන් ගුවන් සේවයට එදා ලාබ ලබන්නට තිබුන
මූලිකම බාදාව මේ අධික තෙල් මිලයි. නමුත් 2015 ජනවාරි සිට මේ තෙල් මිල
පුදුමාකාර ලෙස අඩුවුනා. බැරලයක මිල ඩොලර් 50 ටත් වඩා පහලට ආවා.
මෙ තත්වය යටතේ හරියට අනෙකුත් වියදම් කලමණාකරනය කරගෙන ගුවන් සේවාව
පවත්වාගෙන ගියානම් පසුගිය වසර 3 තුල රටට විශාල ලාබයක් ලැබිය යුතුව තිබුනා.
නමුත් ඒ වෙනුවට පසුගිය වසර දෙකේ ශ්‍රී ලාංකන් ගුවන් සේවය විශාල ලෙස පාඩු
ලැබුව. ඒ මේ වැඩ බැරි දාසලාගේ වැඩ බැරි කම නිසයි. හැම වැඩක්ම අනා ගන්නවා.අද තෙල් මිලේ වාසිය පසුගිය රජය කාලේ තිබුනනම් එදා ලාබය හා අද අලාබය අපට ගනන් හදා බලන්න පුලුවන් මෙන්න මේ ආකාරයට.
- 2013 ලාබයරුපියල් බිලියන 8 යි ( කෝටි 800 )
- 2014 ලාබය රුපියල් බිලියන 1 යි ( කෝටි 100 )
- 2015 ලාබය රුපියල් බිලියන 5 යි ( කෝටි 500 )
- 2016 අලාබය රුපියල් බිලියන 8 යි ( කෝටි 800
- 2017 අලාබය රුපියල් බිලියන 14 යි ( කෝටි 1400 )
මොකද්ද මේකට හේතුව. වැඩ බැරි දාසලට ගුවන් සේවාව කලමණාකරණය කිරීමට බැරි කම පමන නොවෙයි නෑදෑයො යාලුවො තොග වශයෙන් ආයතනයේ ඉහල තනතුරුවලට දමාගෙන එය සූරා කෑමයි. හිතාගන්නවත් බැරි තරම් ඉහල වැටුප් හා විවිධ වරප්‍රසාද අනුමත කරගෙන ආයතනේ වියදම් විශාල ලෙස ඉහල දමා ගැනීමයි. මේ අයගේ පඩි හා වරප්‍රසාද මොවද කියල මාධ්‍ය වලින් ඇහුවහම ආයතනයේ සභාපති කියනවා ඒවා පුද්ගලිකයි රහසිගතයි කියල. හැබැයි මේ කාබාසිනියා කරන්නේ මහජන මුදල්. අපේ රටේ මිනිස්සුන්ට ලොකු අමාරුවක් තිබුනේ පසු ගිය රජයේ ඥාති සංග්‍රහ ගැනනේ. ඒව වැරදියි කියමු. ඉස්සර හිටියේ හිටපු ජනාධිපතිගේ මල්ලිනේ සභාපති ලෙස. එහෙනම් අද මේ යහපාලකයන්ගේ නෑදෑයො මිත්‍රයො එකතුවෙලා මේ කරන මහජන දේපල විනාශය ගැන මොකද්ද කියන්න තියෙන්නේ ? එදා මෙහෙම පාඩු තිබිල නැහැනේ . තෙල් මිල අද ගානට තිබුනනම් එදා ආයතනය ලාබ ලබනවනේ. අද තෙල් මිල මෙතරම් අඩුවෙලත් මොවුන් ආයතනය විනාශ කරල නේද ? ”
– චාමින්ද කරුණාරත්න