දෙවැනි ඊළාම් යුද්ධයේ හෙළි නොවූ රහස - විජයකලා එල්ටීටීඊ රහස් හෙළිකරයි ...!!!
විජයකලා මහේෂ්වරන් ද්‍රවිඩ ජනතාවගේ නායකයා ලෙස පසුගියදා හැඳින්වූ ප්රභාකරන් අමිර්තලිංගම්ගේ ඝාතනයෙන් පසු අපූරු ත්‍යාගයක් ප්‍රේමදාසගෙන් ලබා ගත්තේය. එනම් තම සංවිධානයට දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව හරහා ලැබුණ පිළිගැනීමයි. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ලබාගත් මෙම වරප්‍රසාදය පිළිබඳව මුල් හෙළි කිරීම. එල්ටීටීඊ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් 1989 දෙසැම්බර් මස මුල්වරට හෙළි කරනා විට මෙම ලියුම් කරුද මෙම පුවත්පත් සාකච්ඡාවට සහභාගි විය. හෝටල් කාමරය තුළ ආයුධ සහිත ත්රස්තවාදීන් සිටි අතර ප්‍රේමදාස පාලනය එල්ටීටීඊ යට ලබාදී තිබූ බලය සහ වරප්‍රසාද සාමය අගය කරන ජනතාවගේ භීතියට හේතු විය.
ටීයූඑල්එෆ් නායකයා මරාදමා වසරක් යැමට ප්රළුම ඝාතකයන්හට දේශපාලන පිළිගැනීම ලබාදීම කිසි ලෙසකින්වත් පිළිගත හැකි තත්ත්වයක් නොවේ. එල්ටීටීඊ සහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අතර පුදුමාකාර සම්බන්ධතාවක් පැවතිණි. ජනාධිපතිවරයාගේ නියෝගය මත මැතිවරණ දෙපාර්තමේන්තුව එල්ටීටීඊ ය PFLT (People's Front of Liberation Tigers) පිළිගත්තේය. ආයුධ සන්නද්ධ සංවිධානයක් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනීම කිසිදු ආකාරයක පරීක්ෂණයකට හෝ පසු විපරමකට කිසිදා ලක් වූයේ නැත.
එල්ටීටීඊ ය දේශපාලන පක්ෂයක් ලෙස පිළිගත් එවකට ඡන්ද කොමසාරිස් චන්දානන්ද ද සිල්වා ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළේ නැත. පාර්ලිමේන්තුවේදී එල්ටීටීඊ ලබාගත් නව වරප්‍රසාදය පිළිබඳව නිසියාකාර කතිකාවතක් ඇතිවූයේ ද නැත. දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනීමෙන් මාස කීපයක් ඇතුළත එල්ටීටීඊ ය දෙවැනි ඊළම් යුද්ධය 1990 ජුනි මස 10/11 ආරම්භ කළේය.
එල්ටීටීඊ ය 2005 නොවැම්බර් මස එවකට එජාප නායක වික්‍රමසිංහ මහතා සමග අන්තර්වාර ස්වයං පාලන අධිකාරිය පිළිබඳව ඇති කර ගැනීමට උත්සාහ කළ ගිවිසුම එල්ටීටීඊ ය දේශපාලන පක්ෂයක් ලෙස ප්‍රේමදාස ජනාධිපතිවරයා පිළිගැනීම සමඟ සලකා බැලිය යුතුය.
දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනීම ලබා මාස 6 ක් ඇතුළත දෙවැනි ඊළම් යුද්ධය 1990 ජුනි ආරම්භ කළේය.
වික්‍රමසිංහ ලිඛිත පොරොන්දුවක් ලබා නොදීම හේතුවෙන් ඔහුව 2005 නොවැම්බර් මස පරාජය කළ එල්ටීටීඊ ය, 2005 දෙසැම්බර් මස හතරවැනි ඊළාම් යුද්ධය ආරම්භ කළේය. තම සංවිධානයේ ජයග්‍රහණය පිළිබඳව එල්ටීටීඊ යට කිසිදු සැකයක් පැවතියේ නැත. එල්ටීටීඊ යේ ක්‍රියාමාර්ගය ආර්. සම්බන්ධන්ගේ ද්‍රවිඩ ජාතික සංධානය අනුමත කළේය. එල්ටීටීඊ ය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් ද්‍රවිඩ ජාතික සංධානය සහ එජාපයේ මහේශ්වරන් වැනි මන්ත්‍රීවරු එල්ටීටීඊ ය සමඟ එකට සිටගත් බව පැහැදිලිය.
එල්ටීටීඊ යේ 2009 ජනවාරි කිලිනොච්චියේ පරාජයෙන් පසු, සිවිල් ජනතාවට නැගෙනහිර වෙරළ තීරය දෙසට පසුබසින තම සංවිධානයේ 'සේනාංක' සමග පසුබැසීමට නියෝග කළ ත්රස්තවාදීන්ගේ නොහික්මුණු උපක්‍රමය නොදැක්කා සේ ද්‍රවිඩ ජාතික සංධානය කටයුතු කළේය. මුල්ලිවයිකාල් ප්‍රදේශයේ 300,000 අධික සිවිල් ජනතාවක් මිනිස් පලිහ ලෙස යොදා ගැනීම, කිසිදු ද්‍රවිඩ දේශපාලන පක්ෂයක විරෝධතාවකට හේතු නොවීය.
විජයකලා මහේෂ්වරන්ගේ ආදරණීය ද්‍රවිඩ නායකයා තම ජනතාව බිල්ලට තබා බේරී යැමට උත්සාහ කළේ විදේශීය මැදිහත් වීමක් මාර්ගයෙනි. විජයකලා මහේෂ්වරන් කියන පරිදි 200,000 ක ජනතාවක් මුල්ලිවයිකාල් සටනේදී මරුමුවට පත්වූවානම් එම පුද්ගල සංඛ්‍යාව තුළ කොපමණ එල්ටීටීඊ ත්රස්තවාදීන් ප්‍රමාණයක් සිටියා දැයි ඇය හට හෙළි කිරීමට හැකි විය යුතුය. එසේ නැත්නම් 200,000 ක් සිවිල් ජනතාව විය යුතුය.
වියජකලා මහේෂ්වරන් මතක තබාගත යුත්තේ ත්‍රස්ත නායක ප්රභාකරන් පමණක් නොව දහස් ගණනක් (ත්රස්තවාදීන් ඇතුළුව) ජීවිත අහිමි වූයේ වික්‍රමසිංහ 2005 නොවැම්බර් ජනාධිපතිවරණයේදී පරාජය වූ නිසා නොව එල්ටීටීඊ යේ යුද පිළිවෙත හේතුවෙනි. 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා පිළිබඳව එල්ටීටීඊ යට ප්‍රශ්නයක් නොතිබූ බව පැහැදිලිය. කවුරු ජයග්‍රහණය කළත්, රජය යුද ක්රියාමාර්ගයකින් පරාජය කිරීමට එල්ටීටීඊ ය තීරණය කර තිබූ බව එල්ටීටීඊ සවිධානයේ "කර්නල්" තම්ලිනී යුද්ධයෙන් පසු ලියූ ජීවිත කතා පොතේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇත.
එල්ටීටීඊ යේ ක්‍රියාමාර්ග පිළිබඳව ද්‍රවිඩ ප්‍රජාව පසු විපරමක් කළ යුතුමය. විජයකලා මහේෂ්වරන් ප්රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශය එම අවශ්‍යතාව ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
ලිපි අංක 2 මෙහි ප්‍රථම
කොටස පහත සබැඳියෙන් පිවිස කියවිය හැකියි...
http://www.lankanews.org/2017/12/2005.html