ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 18, 2018

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදහන්.. රවි කරුණානායක සැක කටයුතුයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල  මෙසේ අදහස් පල කලේය.
‘2018 ජනවාරි 3දා ජාතිය අමතමින් ජනාධිපති කිව්වේ  බැඳුම්කර වාර්තාවේ පිටු 1,257ක් තිබෙනවා කියා.  ඒත් ඊයේ ඉදිරිපත් කළ වාර්තාවේ තිබෙන්නේ පිටු 1154යි.  ඒ කියන්නේ පිටු 103ක් අඩුයි.
මේ වාර්තාව තමන්ට ලැබුණු බවත් එහි අසත්‍ය කරුණු තිබෙන නිසා එය ප්‍රසිද්ධ කරන්න බෑ කියාත් රවි කරුණානායක මන්ත්‍රි කිව්වා.  ඒ නිසා අපට සාධාරණ සැකයක් තිබෙනවා රවි කරුණානායක මන්ත්‍රිට අසත්‍ය යැයි සිතෙන කරුණු වාර්තාවෙන් ඉවත්කළ නිසාද පිටු 103කින් වාර්තාව අඩු උනේ කියලා.VIDEO

එබැවින් මේ වාර්තාව පිළිබඳ  ජනතා විශ්වාසනීයත්වය ගොඩ නැගෙන්න නම් ජනාධිපති මේ පිටු 103ට මොකද වුණේ කියා රටට කියන්න ඕනෑ’
– අරවින්ද අතුකෝරල




බැදුම්කර කොමිසමේ වාර්තාවක් රවී ලග..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් තමනට ලැබුනු බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක  පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මට්ටක්කුලියේද පැවති එජාප ජනහමුවක් අවසානයේ මාධ්‍යවේදීන් විසින් කරනු ලැබූ ප‍්‍රශ්න කිරීමකදීය.
එම වාර්තාව ලබා දෙන්නැයි පසුගියදා මන්ත‍්‍රීවරයා ජනාධිපති කාර්යාලයට ගියද පිටපතක් නොලැබුනේය.
එම කාර්යාලය ඉදිරිපිටදී එදින ඔහු ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රීලනිප පාර්ශවයට දැඩි චෝදනා එල්ල කලේය.
හිටපු ඇමති රවි කරුණානායකට එරෙහිව අල්ලස් නඩු පවරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව ජනාධිපතිවරයා පසුගියදා බැදුම්කර විශේෂ ප‍්‍රකාශයේදී කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.