කිසිම වෙදකමකින් සනීප කරන්න බැරි ලෙඩවලට බෙහෙත් නාඩිවාක්‍යයේ තියෙනවා...!!!
නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න.
මේ ජාතියේ විරයින් සොයන වේලාවයි
- වර්ෂ 1815 පෙබරවාරි මස 19 දින සර් රොබර්ට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා
යුද හමුදා මුලාදෑණින් කිහිපදෙනෙක්ද සමඟ රාත්‍රී භෝජනය ගනිමින් සිටියේය.
මෙවේලේ අශ්වාරෝහකයකු පැමිණ ආණ්ඩුකාරවරයාට ඉතා වැදගත් ලියවිල්ලක් භාර
දුන්නේය. මේ ලියවිල්ල අතට ගත් ආණ්ඩුකාරවරයාගේ දෑස විමතියෙන් දිලිසෙන හැටි
සෙස්සන් දුටුවෝය.
"සිංහල ර-ජුරුවෝ හිර භාරයට පත්වෙලා"
අණ්ඩුකාරවරයා සාඩම්බරව කීවේය. සතුටු කඳුළු වගුරමින් තමා සමඟ සිටි අන් සැමට අතට අත දුන්නේය.
"යුරෝපීය ජාතීන් තුන් වර්ගයකට අවුරුදු තුන්සිය ගණනක් මුළුල්ලේ උත්සාහ
කරලත් කරගන්න බැරි වුණුදේ අප කළා. ඒකට උපකාර කළ ඔබලාට මගේ අවංක ස්තූතිය
පුදකරනවා" යෑයි ආණ්ඩුකාරවරයා තවදුරටත් කීවේය.
සුජීව සේනසිංහ දේශපාලනයට එන්නේ 2007 දී ය. ඊට පෙර ඔහු සුමිත්‍රා පීරිස්ගේ චිත්‍රපටයක චරිතයක් නිරූපණය කර තිබිණ. යූ. එන්. පියට එක්ව කෙටි කලකට පසු පක්ෂය තුළ පැවැති රනිල් වික්‍රමසිංහ විරෝධී බලවේගය සමඟ එකතු වූ ඔහු රෝසි සේනානායක, දයාසිරි ජයසේකර, තලතා අතුකෝරල , මෛත්‍රි ගුණරත්න යනාදී රනිල් විරෝධීන් සමඟ එක්වීය. අනතුරුව තම පක්ෂ නායකයා එලවනු පිණිස මුළු කාලයම වැය කළේය. එහෙත් එය බැක්ෆයර් විය. එබැවින් නැවත රනිල් වික්‍රමසිංහට හේත්තු වූ ඔහු රාජ්‍ය ඇමැති තනතුරකට පත්විය. හොඳ වෙලාවට අගමැති වික්‍රමසිංහ ඔහුට දුන්නේ රාජ්‍ය ඇමැතිකමක් පමණය. ජ්‍යෙෂ්ඨ ඇමැතිකමක් දුන්නා නම් ඔහු මේ වන විටත් ඉන්නේ පාර්ලිමේන්තුව පවා විසුරුවන තත්ත්වයකය. සුජීව සේනසිංහගේ වයස අවුරුදු 45 කි. කනිෂ්ඨ දේශපාලනඥයකු වුවද ඔහු තලත්තෑනි මිනිහෙකි. කතා කිරීමට පෙර සිතා බැලීමටත් විරුද්ධකාරයන්ගේ ගර්හාවට ලක් නොවීමටත් ඔහු සිතට ගත යුතුය.
සුජීව සේනසිංහගේ මාධ්‍ය හමුව සමාන කළ
හැක්කේ ඇඳ සිටින ජංගිය ගලවා මුහුණ වසාගෙන ලඡ්ජාවෙන් ගැලවීම වැනි කටයුත්තකට
බව අපගේ වැටහීමය. හතුරකුටවත් මෙවැන්නක් නොවේවා.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති සම්බන්ධයෙන් තමන් මහත් සේ කලකිරී ඇතැයි පා.ම.රා.ඇ. සුජීව සේනසිංහ පවසයි.
පා.ම. යනු පාර්ලිමේන්තු මන්ත්‍රීය. රා.ඇ. යන රාජ්‍ය ඇමැති ය. පා.ම.රා.ඇ. සුජීව සේනසිංහ
බැඳුම්කර කොමිසමට විරුද්ධව මෙතරම් නටන්නේ ඇයි? අපගේ වැටහීමට අනුව ඔහු
විසින් අර්ජුන් ඇලෝසියස්ට දෙන ලද දුරකථන ඇමතුම් ගණන හෙළිවීම මෙයට හේතුව ය.
බැඳුම්කරය ගැන පොතක් ලිවීම සඳහා අර්ජුන් ඇලෝසියස්ට දුරකථනයෙන් කතා කළ බව
ඔහු කියා ඇත. එය ඉතාම ගොං උත්තරයක් බව වෙබ් සයිට් එකක තිබිණ. සේනසිංහ
දුරකථන ඇමතුම් ගත් කාලය වන විට පොත ලියා අච්චු ගසා විකුණලාත් අවසන්ලු·