අයවැයෙන් මිල ඉහළ යන භාණ්ඩ හා සේවා මෙන්න..!!!
මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා
රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් ඍජුව නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ
නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න
ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද
අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.
පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්තු වැඩිකර තිබේ. තැපැල් ගාස්තු, විදුලිය ගාස්තු, ජල ගාස්තු මේ නිසා ඉහළ යයි.
නව ව්‍යවස්ථාව වෙනුවෙන් නිරන්තරව පෙනී
සිටින ඒබ්‍රහම් සුමන්තිරන් මන්ත්‍රීවරයා පසුගිය දිනක සිදුකළ ප්‍රකාශයක්
පිළිබඳව අපේ අවධානය යොමුවිය. ඒ කවරක්ද? "මේ ජාතික කොඩියට මමත් කැමැති
නැහැ" යන්නයි. ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රීවරයාද උතුරේ අධ්‍යාපන ඇමැතිවරයාගේ
ක්‍රියාකලාපය අනුමත කරනු පෙනේ. මේ රටේ ජාතික කොඩිය නිර්මාණය විය යුත්තේ
දෙමළ සන්ධානයට අවශ්‍ය ලෙසද? සියලු ජනයාගේ ගරුබුහුමනට ලක්ව ඇති ජාතික කොඩිය
වෙනස් කිරීමට කවර බලවේගයක් උත්සාහ දරයිද? එම ජාතිවාදී බලවේගවලට අවශ්‍ය
පරිදි ජාතික කොඩිය වෙනස් කළ නොහැකිය. ජාතික කොඩියටත් සංහිඳියාවේ ප්‍රහාර
එල්ලවී තිබේද යන්න ගැටලුවයි.
නව ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී
සිටින සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩිය ගැන සිය අකැමැත්ත ප්‍රකාශ කර
ඇත්තේ මඩකලපුවේ පැවැති හමුවකදීය. උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පවා
පළාත් ඇමැතිවරයා විසින් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම හෙළා දකිද්දී
අනෙක් පසින් සුමන්තිරන් මන්ත්‍රීවරයා ජාතික කොඩියට ගරහයි.
එම්. රූපසිංහ වයස අවුරුදු 3 දී
ගෝනුස්සකු දෂ්ට කිරීමෙන් සිදු වූ විෂ ශරීරගතවීමකින් සිය දෙනෙත් අන්ධභාවයට
පත්ව අසරණව සිටිනා පුද්ගලයෙකි.
ඔහු අංක 46 3/4 , පැරකුම්
පෙදෙස, පදියතලාව පාර, මහියංගණ යන ලිපිනයේ පදිංචි ය. මේ වන විට විවාහක එක්
දරු පියකු වන අතර ජීවත් වීම සදහා වැව් මාළු කපා අලෙවිය සිදු කරයි.
රූපසිංහ, ඇස් පෙනෙන කෙනකු සේ පුදුමය දනවමින් මනාසේ වැව් මාළු මුවහත්
පිහියකින් කපා, කැබලි කර, පොතු ගැලවීමට සමතෙකි. ඇස් පෙනෙන අයට ද එය අසීරු
කාර්යයකි. එසේම මුදල් ගනු දෙනුව වැරදීමකින් තොරව සිදු කිරීමට සමතෙකි.