ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, November 19, 2017

යාපනයේ සාමාන්‍ය ජනතාව බිය වද්දන සියලුම කල්ලි අත්අඩංගුවට ගන්න -

මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්...!!!
 යාපනයේ නීතිය හා සාමය බිඳවැටෙන අන්දමට ක්‍රියා කරමින් අහිංසක වැසියන් කඩුවලින් කපා දමමින් ජනතාව බියවද්දන සියලුම කල්ලි ඉතා ඉක්‌මනින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන්  යාපනයේ පොලිස්‌ ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.
  මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට 16 දා සවස යාපනය මහාධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

අයිවෝ ඩෙනිස්‌ දැඩි සත්කාර ඒකකයේ

ගුවන් විදුලි සහ චිත්‍රපට පසුබිම් ගී ගායකයෙකු, සංගීත ගුරුවරයෙකු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපදේශකවරයෙකු ද වූ ජනාධිපති සම්මාන ලාභී අයිවෝ ඩෙනිස්‌ මහතා බරපතළ ලෙස රෝගාතුරවී කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
  පනහ දශකයේ ගුවන් විදුලියේ සංගීත වැඩසටහනකට සුනිල් ශාන්තගේ වරෙන් හීන් සැරේ වරෙන් හීන් සැරේ ගීතය අයිවෝ ඩෙනිස්‌ විසින් ගායනා කරන ලදි. මෙය ශ්‍රවණය කළ සුනිල් ශාන්ත තමාගේ හඬට සමාන හඬක්‌ ඇති මේ නවකයා සොයා ගෙන එන ලෙස තම හිතවත් පැටි්‍රක්‌ දෙනිපිටියට දැන්වීය. ඒ අනුව පැමිණි අයිවෝ ඩෙනිස්‌ සුනිල් ශාන්තගේ ගෝලයකු බවට පත්විය.

විග්නේෂ්වරන්ගේ පාඩම සහ සර්වේශ්වරන්ගේ කොඩිය

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය "අදොa වාතයකට" තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.

සංහිදයාවේ තරම මෙන්න.. ගිංතොට ගැටුමේ සුලමුල බොදු බල සේනාව කියයි..

ගාල්ලේ ගිංතොට ප‍්‍රදේශයේ ඇතිව වූ සිදුවීමෙන් ආන්ඩුවේ සංහිදියාවේ තරම හොදින්ම පෙනී යන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ගාල්ලේ ගින්තොට ප්‍රදේශයේ සිදුවූ ජාතිවාදී ගැටුම් සම්බන්දයෙන් බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි නමින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර උන්වහන්සේගේ නමින් ව්‍යාජ පණිවුඩයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බව වාර්තා වී ඇත.
පවතින තත්වය සොයාබලා , විශේෂයෙන් තුවාලකරුවන් හා දේපල හානි පිලිබඳව සොයා බලා ප්‍රදේශයේ සාමය ඇතිකිරීම සොයා බැලීමට බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.