ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, November 11, 2017

මනෝ ගනේෂන්, දිගම්බරන්, හකීම්,ෆයිසර් කල්ලිය ශ්‍රී පාද සමනොළ අඹගමුවෙන් වෙන් කරයි ...!!!

* යහපාලන රජය තවත් ජාතිවාදී ඡන්ද පොරොන්දුවක්‌ ඉටු කරයි...!!!


 බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ තෙවැනි ගමනේදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනොල කන්ද මස්‌තකයට පිවිස එහි තමන් වහන්සේගේ ශ්‍රී පාදය තැබූ බව ඓතිහාසික ජනප්‍රවාදයන්හි මෙන්ම වංශකතා ප්‍රවෘත්තිවලද දැක්‌වෙයි. ශ්‍රීපාද මස්‌තකයට ළඟා වන මාර්ග නවයක්‌ පමණ තිබේ. ඉන් ප්‍රධාන මාර්ග දෙකින් එකක්‌ රත්නපුර පළාබත්ගල හරහාද අනෙක හැටන් හරහාද වැටී ඇත. පළමු වැනි විජයබාහු රජු ශ්‍රී පාද නමස්‌කාරයට සිත් ඇතිව එහි ළඟා වීම නිමිති කොට පළාබත්ගල ශ්‍රී පාද මාර්ගයට යාබදව ගිලීමලේ විහාරස්‌ථානයේ ශිලා ලේඛනයක්‌ කරවූහ. ගිලීමලය බඹරබොටුව ආදී ගම් ශ්‍රී පාදයට පූජා කළහ. එයට සමාන තවත් ලිපියක්‌ ගිනිගත්හේන නගරයට ආසන්නයේ අඹගමුවේ සන්ක්‌ලයින් නමැති තේවත්තක පැරණි විශ්‍රාම ශාලාවක්‌ ඉදිරිපස පිහිටුවා ඇත. මෙහි සඳහන් වන්නේ ශ්‍රී පාදස්‌ථානයට කළ යුතු වත්පිළිවෙත් මෙන්ම මගීන් උදෙසා දන්හල් පැවැත්වීම සඳහා පිදූ ගම්වරයන් ගැනයි. උඳුවප් මස පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන්නේ වෙසක්‌ පොහොයෙනි. එම කාලය තුළ ශ්‍රී පාද රජ මාවත ලෙසින් සැලකෙන රත්නපුර මාර්ගයත් හැටන් මාර්ගයත් නඩත්තු කරනු ලබන්නේ එම පළාත්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය සභා මගිනි. හැටන් මාර්ගයේ තිබෙන එකම ප්‍රාදේශීය සභාව අඹගමුව ප්‍රාදේශීය සභාවයි.

ශ්‍රීපාද අඩවිය බෙදා වෙන් කිරීම...!!!

අද රටේ ජනමතය සකස් කරන්නන් අතර ජාතිකවාදීන් ඉන්නේ ඉතා ස්වල්පයයි. ජාතිකවාදීන් ලෙස පෙනී සිටින්නන් බොහෝ දෙනා ජාතික අරමුණු ඇති ව නොව දේශපාලන අරමුණු ඇති ව වැඩ කරන අය. ඔවුන්ගේ පසුබිම අවසානයේ දී ව්‍යාජ සමාජවාදය. විශේෂයෙන් ම පැරණි ජ වි පෙරමුණේ ව්‍යාජ සමාජවාදය. මේ අය මහින්දගේ හොඳක් කියන විට මෛත‍්‍රිපාලගේ වැරැුද්දක් කියන විට රනිල්ට දොස් කියන විට ගම්මන්පිලගේ හෝ විමල්ගේ හෝ ප‍්‍රකාශයක් අගය කරන විට සතුටු වනවා. සයිටම් ගැන මොවුන්ට ඇත්තේ නිදහස් අධ්‍යාපනය ඉවරයි වැනි අඳෝනාවක් පමණයි. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු කුමක් දැයි ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ගේ ස්ථාවරවල ඇති පරස්පර ඔවුන්ට පෙනෙන්නේ නැහැ. සයිටම් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළේ යැයි කියන එහෙත් තවමත් ජීවත්වන දොස්තරවරුන් ගැන ඔවුන් හිතන්නේ වීරත්වයෙන්. දෙමව්පිය මාරාන්තික උපවාසයෙන් අවසානයේ දී වාසි ලබන්නේ රනිල් හා දෙමළ ජාතිවාදීන්.
මගේ ලිපි කියවන්නන් ගැන මට යම් තක්සේරුවක් තියෙනවා. ඔවුන් මේ ලිපියක් සමස්තයක් ලෙස කියවන්නේ නැහැ. වාක්‍යයක් දෙකක් පමණක් තමන් කැමති ආකාරයකින් ග‍්‍රහණය කර ගන්නවා. ලිපියක හරය ග‍්‍රහණය කර ගන්නේ නැහැ. මේ රටේ ව්‍යාජ සමාජවාදය ජාතිකත්වයට උඩින් තිබෙනතාක් රටට යහපතක් වන්නේ නැහැ. මහා සංඝයා වහන්සේ මැදිහත් වූ අවස්ථාවක ජාතිකත්වයට තාවකාලික ජයග‍්‍රහණ පමණක් ලබා ගන්න පුළුවන් වේවි.

ලංකාවේ පාතාලයේ නරුමයන්ට හෝ පවුල් සාමාජිකයන් හට ඔබේ ඡන්දය නොදෙන්න...!!!

* දකුණ හොල්ලන පාතාල සෙල්ලමේ අලුත්ම තත්ත්වයයි මේ
 


 * කොස්‌ගොඩදි තුනක්‌ මරුට... බටපොලදි පහකට වෙඩි...

  තාරුකගේ මවද මේ වනවිට දේශපාලනයට සම්බන්ධ කාන්තාවක ලෙස කටයුතු කරමින් සිටියි. එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ඇය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් තරග කිරීමටද වරම් ලබාගෙන සිටින බව පැවසෙයි.!!!
  ලොකුවාගේ සොහොයුරා තාරුක සමග කීවේය. තාරුකට අවශ්‍ය වී තිබුණේ ලොකුවා ඝාතනය කළ පුද්ගලයන්ගෙන් පළිගන්නා අතරම දකුණේ පාතාලයේ තම බලය ව්‍යාප්ත කර ගැනීමය. කොස්‌ගොඩ තාරුක ඒ වනවිට රට පුරා මහා පරිමාණ බැංකු මංකොල්ල රැසක්‌ සිදු කර තිබුණේය. මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් මුදල් කොල්ල කෑම, මීරිගම කොමාර්ෂල් බැංකුවට ආයුධ සන්නද්ධව කඩා වැදී රුපියල් විසි ලක්‍ෂයකට ආසන්න මුදල් කොල්ල කෑම සිදු කළේ තාරුක ඇතුළු කල්ලියක්‌ විසින් ය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම කටින් පමණයි….ගැසට්ටුව ලොවෙත් නෑ


පසුගිය 08 වෙනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල අඩු කිරීම මේ වන තෙක් සිදු නොමැති බවට වාර්තා වෙනවා.
එම මාධ්‍ය හමුවේදි මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ 08 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට එම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීම ට අවශ්‍ය ගැසට් නිවේදන නිකුත් කරන බව වුවත් එම ගැසට් නිවේදනය මේ වන තෙක් නිකුත් කර නොමැත.
කෙසේ වෙතත් එම ගැසට් නිවේදනය ඉදිරි සතියේදී නිකුත් කිරීමට බලාපෙරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළ අතර එම ගැසට් නිවේදනය නිකුත් වන් තුරු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු නොවනු ඇති.

නපුංසකයා ඵළිදැක්වූ නපූ අයවැයේ සැබෑ පසුබිම...!!!

රටම බියර් පුරයක්‌ ජාතිය මත් කරන්න සියල්ල සූදානම්....!!!
හැංගි හොරා වෙස්‌ බැඳි බියර් සමාගම්, එළිපිට නටන 2018 අය වැය...!!!
 අයවැයෙන් මත්පැන් බදු ලිහිල් කිරීමට ඉඩ දෙන්න එපා - වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි
 2015 ජනවාරි 08 සිදුවූ ආණ්‌ඩු පෙරළිය සමග රටේ බොහෝ දේ වෙනස්‌වූ ආකාරය අප මේ වන විට හොඳින්ම අත්විඳිමින් සිටී. එසේ කලින් කලට විවිධ හේතු මත ආණ්‌ඩු වෙනස්‌ වුවද වෙනස්‌ නොවන බියර් කර්මාන්තයේ න්‍යාය පත්‍රයෙන් බිඳක්‌ හෙළිකිරීමට කාලය එළඹ ඇති බව කිව යුතුය. එහිදී කුමන පාලනයක්‌ පැවතියත් මද්‍යසාර කර්මාන්තයේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනීසිටින කිසියම් හෝ පිරිසක්‌ පවත්වාගෙන යැමටද මෙම කර්මාන්තය අමතක නොකරයි. 

වර්තමානය වන විට, එනම් 2018 අයවැය අභිමුව සිටියදී මද්‍යසාර සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි වෙනස්‌වීම් පිළිබඳව නොයෙක්‌ ආකාරයේ කතා අහන්නට ලැබේ. මේ සියලු කරුණු කාරණාහි පසුබිම රටට අනාවරණය කිරීම සිදුවිය යුතු බව අපගේ විශ්වාසයයි. වසරක කාලයක පටන් බියර් කර්මාන්තය මාධ්‍ය හරහා නොයෙක්‌ ආකාරයේ ප්‍රචාරයන් ගෙනයමින් සිය කර්මාන්තය ඇදවැටෙමින් ඇති බව ප්‍රකාශ කරයි. ඔවුන් රටේ මද්‍යසාර භාවිත කරන මිනිසුන් පිළිබඳ අනුපමය දයාවකින් ප්‍රකාශ කර සිටින්නේ, සැර මත්පැන් භාවිතය අවම කිරීම උදෙසා බියර් සඳහා පනවා ඇති නීති රීති වෙනස්‌ කළ යුතු බවයි.

මසකට රුපියල් කෝටි 223ක බද්දක්.. ජංගම දුරකතන ගාස්තු අසීමිතව ඉහලට..

2018 අයවැය මගින් මෙරට දුරතකත සම්පේ‍්‍රෂණ කුළුණු සදහා පනවා ඇති බද්ද හේතුවෙන් ජංගම දුරකතන ගාස්තු ඉහල යනු ඇති බව වාර්තා වෙයි.
එක් සම්පේ‍්‍රෂණ කුළුණක් සදහා මසකට ලක්‍ෂ දෙකක බදු මුදලක් අයවැය මගින් යෝජනා කරනු ලැබූ අතර එම බද්ද සමාගම් විසින් සෘජුවම පාරිබෝගිකයා මත පටවනු ඇති බවද සදහන්ය.

වෙනත් රටක පුරවැසි භාවයක්‌ නොමැති බවට සෑම මන්ත්‍රීවරයකුගෙන්ම දිවුරුම් ප්‍රකාශ ලබාගන්න - පැෆරල් සංවිධානය කථානායකගෙන් ඉල්ලයි


වෙනත් රටක පුරවැසිභාවයක්‌ නොමැති බවට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන්ම දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස පැµරල් සංවිධානය කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්‌ යවමින් ඉල්ලා සිටී.
  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ හැර වෙනත් කිසිදු මන්ත්‍රීවරයකු ද්විත්ව පුරවැසි සහතිකයක්‌ නොමැති බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවද ද්විත්ව පුරවැසිභාවය හෙළිදරව් නොකළ පිරිස්‌ පිළිබඳ නිශ්චිත හා නිරවුල් අදහසක්‌ ඒ තුළින් ඉදිරිපත්ව නැතැයිද එම සංවිධානය පවසයි.

  වර්තමානය වන විට ඒ පිළිබඳව විශාල වශයෙන් සමාජ කතිකාවතක්‌ ඇතිව ඇතැයිද යම් ආකාරයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම ද්විත්ව පුරවැසිභාවය හෙළි නොකරන්නේ නම් එය ජනතාව රැවටීමක්‌ මෙන්ම නීතිය නොසලකා හැරීමක්‌ බවද සඳහන් කරයි.

ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තු වරප්‍රසාද ලබන සියලු දෙනා හිරේ දැමිය යුතුයි - ඇමැති මහින්ද සමරසිංහ

ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භූක්‌ති විඳින සියලුම දෙනා හිරේ දැමිය යුතු යෑයි වරාය හා නාවික කටයුතු පිළිබඳ ඇමැති මහින්ද සමරසිංහ  පැවැසීය.
  ද්විත්ව පුරවැසිභාවය හිමි ගීතා කුමාරසිංහ  සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක්‌ ලබා දුන් බව ද, ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ලබාගෙන සිටින අය හිරේ දමන ලෙසට ආණ්‌ඩුවට යෝජනා කරන බව ද ඇමැතිවරයා කීවේය.

  ඒ අනුව තවදුරටත් ද්විත්ව පුරවැසිභාවය හිමි අය පිළිබඳව රජය විසින් සොයා බැලිය යුතු බව ද මහින්ද සමරසිංහ  සඳහන් කළේය.

විදුලි වාහන බදු අඩු කිරීම අලි බොරුවක්.. සත පහක් අඩුවෙන්නේ නෑ.. ඇත්ත කතාව මෙන්න…

විදුලි කාර් රථ සදහා වන බද්ද ලක්‍ෂ 10කට වඩා වැඩියෙන් ලෙස අඩුකරන බව අයවැවෙන් එය කිසිසේත්ම මෙරට පාරිභෝගිකයන්ට හිමි නොවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වාහන ආයනයන කරුවන්ගේ සංගමය පවසයි.
එම බදු සහනය හිමිවන්නේ අලුත්ම වාහන ගෙන්වන්නේ නම් පමණක් බවත් මවු සමාගම් මෙරටට අලුත්ම වාහන එවන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දුන්හ.
ඒ අනුව විදුලි වාහන මෙරටට ගෙන්වන්නේ පාවිච්චි කල වාහන සදහා පමණක් බවත් අයවැය යෝජනාව අනුව භාවිත කල වාහන සදහා එම සහනය හිමි නොවන බවත් සදහන් කල ඔවුන් ඒ අනුව මෙරට පාරිභෝගිකයන්ට එවන් එමගින් කිසිදු සහනයක් සිදු නොවන බවද සංගමය කියා සිටියහ.

කෘෂිකර්මයට ගත් සබීතාගේ බිල්ඩිමට මාසික කුලිය දෙකෝටි හතලිස් ලක්‍ෂයයි.. විදුලි බිල එක්කෝටි අනූ ලක්‍ෂයයි..

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුලියට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල වෙනුවෙන් මෙම වසරේ මාස තුනක විදුලි බිල ලෙස රුපියල් ලක්‍ෂ 50කට අධික මුදලක් ගෙවා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලි විය.
ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මෙම ප‍්‍රකාශශය කලේ ඕ පිලිබදව විමසා තිබූ ප‍්‍රශ්ණයකට පිලිතුරු ලෙසයි.
ඊට අමතරව මාස දහතුනක කාලයක් සදහා විදුලි බිල ලෙස රුපියල් එක් කෝටි තිස් නව ලක්‍ෂයක් ගෙවා ඇති බවද ඔහු සදහන් කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.