ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 26, 2017

පට්ට හොරෙකුගේ නිරුවත හෙළිවේ...!!!දළදා මැඳුරේ ප්‍රවේණි ඉඩම් විකුණූ මුදල් නිලංග දෑල ....!!!

වික්කේ කෝටි 9කට: මාලිගාවට ලැබුණේ ලක්ෂ 7යි පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වෙයි
ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් විකුණා ලැබූ කෝටි ගණනක මුදලක් යටිමඩි ගසා ගැනීමක් පිළිබඳ පොලිස් පරීක්‍ෂණ හරහා කරුණු හෙළිවී ඇත.
ශ්‍රී දළදා මාලිගාවට අයත් ප්‍රවේණි ඉඩම් ලෙස හඳුනා ගත් පේරාදෙණියේ් පිහිටි උඩවත්ත සහ මල්නයිදාගේ හේන නැමති අක්කර 9ක් විශාල ඉඩම් දෙකක් රුපියල් 92,870,000කට සින්නක්කර ඔප්පු මගින් විකුණා ඇත. ඉඩම් විහාර දේවාල ගම් ආඥා පනත අනුව ප්‍රවේණි ඉඩම් විකිණිය හැකිය. එහෙත් එෙසේ විකුණන අවස්ථාවක එකී ඉඩම් ප්‍රවේණි ඉඩම් බව දැක්විය යුතු අතර, ඉඩම් මිල දී ගන්නන් ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට යටත් බව සඳහන් කළ යුතුවේ. එහෙත් මෙම ඉඩම් විකිණීම පිණිස පාර්ශ්වකරුවන් ලෙස දියවඩන නිලමේ නිලංග දෑල අත්සන් කර ඇති නමුත් එකී ඉඩම් ඔප්පුවල ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවලට අයත් බව දක්වා නැත. මේ ඉඩම් විකිණීමෙන් රුපියල් 92870000ක ආදායමක් ලබා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවේ. එහෙත් මේ සුවිසාල මුදල් ප්‍රමාණයෙන් ශ්‍රී දළදා මාලිගාවට ලැබි ඇත්තේ රුපියල්730000ක් පමණය.

ඔන්න ලංකාවේ නීතිය...!!! ගෙඩි තුනක අඹ වල්ලට දවසක් නිරාහාරව කූඩුවේ ඇපය ලක්‍ෂයයි ...!!!


අඹ ගෙඩි තුනක්‌ කතාවකට සුදුසු ප්‍රස්‌තුතයක්‌ නිර්මාණය කර තිබේ. ඒ වයසක අම්මා කෙනෙක්‌ අඹ ගසකින් ගෙඩි තුනක්‌ කඩා ගත්තේය කියා පොලිසියට ගෙන ගොස්‌ අවසානයේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත නිදහස්‌ කර ඇති අපූරු කතාවකි. සිද්ධිය වාර්තා වන්නේ අනුරාධපුර, සාලියපුරෙන්ය. නීතිය නැමෙන හැටි පිළිබිඹු වන මේ සිද්ධිය ද මිනිසුන්ට විචිත්‍ර ලෙස වාර්තා කරනු ලැබුවේ සමාජ මාධ්‍ය ජාලා ඔස්‌සේය. දැන් කතාව පෙළගැසෙන්නේ අඹ හොරකම් කළා යෑයි කියන ලලිතා අම්මාගේ ගෙදර සිටය.

 ලලිතා අම්මාට වයස අවුරුදු හැටහතරකි. දරුවන් තිදෙනකුගේ මවකි. එහෙත් දැන් ඇයට සිටින්නේ දරුවන් දෙදෙනෙක්‌ පමණි. එක්‌ අයෙක්‌ අකාලයේ මිය ගොස්‌ය. අනෙක්‌ දරුවන් දෙදෙනා ද දීග තලවල ගිය පසු සැමියාගේ රැකවරණය අහිමි ඇය නිවසේ තනි විය. ජීවත්වීම උදෙසා ඇය අදටත් සාලියපුර ජයන්ති ග්‍රාමයේ පොල්වත්තක්‌ මුරකරන්නීය. පොල් වත්තේ එකතු වන පොල් අතු වියා විකුණා අමතර ආදායමක්‌ උපයාගන්නීය. ඒ ලැබෙන සොච්චම් මුදලින් ඇය කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව ජීවිතය ගැට ගසාගෙන ජීවත්වන්නීය. පෙනීම දුර්වල දෙනෙත්වලට කාච දමා ඇත්තේ ද ඇයගේම වියදමිනි. එහෙත් එක ඇසක පෙනීම තවමත් දුර්වලය. එමෙන්ම ශරීර කූඩුව දිරාපත් වන විට ඇති වන දුබලතාවලින් කාලයක සිට ඇය පීඩා විඳින්නීය. ඇයගේ ඒ සියලු කෙඳිරිලි, දුක්‌ වේදනා දරාගෙන තනි නොතනියට සහ සෙවණට සිටින එකම මිතුරා සීට්‌ සෙවිළි කළ පුංචි කාමරය පමණි. පුංචි ඇඳක්‌, පුටු දෙකක්‌ හැරෙන්නට ඒ කාමරය තුළදී නෙතගැටුණේ කාඩ්බෝඩ් පෙට්‌ටි කිහිපයක්‌ පමණි. අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන ඒ අම්මාට බොහෝ විට කෑම බීම ලබාදෙනු ඇත්තේ ද තවකෙකුගේ දුක ඉදිරියේ උණුවන සිත් ඇති අසල්වැසි මිනිසුන්ය.

නිර්මාල් රංජිත් දේවසිරි දැන් කියන්නෙ මෙහෙමයි...!!! යහපාලන වචනෙට මේ ආණ්‌ඩුව උපරිම හානිය කළා

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වර්තමාන යහපාලන ආණ්‌ඩුව බිහිකිරීමට පුරෝගාමී මෙහෙවරක නියෑලුනෙකි. ආණ්‌ඩුවේ දෙවසරක පාලන කාලය එක වැකියකට හකුළා ඔහු අද කියන්නේ යහ පාලනය යන වචනයට කළ හැකි උපරිම හානිය ආණ්‌ඩුව දැන් සිදුකර ඇති බවයි. ආණ්‌ඩුව රට ගෙනියන අත පිළිබඳ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.
 
 තව වසර කිහිපයකින් ණය බරින් ජනතාව නිදහස්‌ කරන බව ආණ්‌ඩුව කියනවා. නමුත් පසුගියදා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතිනුත් ලබන වසරේ ආණ්‌ඩුවේ වියදම තවත් වැඩිවෙලා. ආදායම අඩුවෙලා. මෙවැනි සංඛ්‍යා ලේඛන දකින විට ආණ්‌ඩුව කියන දේවල් ගැන ජනතා විශ්වාසය බිඳ වැටෙනවා නේද?
 
 මේ ආණ්‌ඩුව ගැන ජනතාවගෙ විශ්වාසය බිඳවැටීම ආරම්භ වුණේ ඇමැති මණ්‌ඩලය පිහිටවපු දවසෙ. බැඳුම්කර සිද්ධිය වන විට ජනතා විශ්වාසය බිඳවැටීමේ උපරිමයට ඇවිත්. ජනවාරි 8 වැනිදා මේ ආණ්‌ඩුව බලයට පත්වුණේ බලයට පත්කරගත් අය ගැන ජනතා විශ්වාසයක්‌ තිබුණ හින්ද නෙමෙයි. එක්‌සත් ජාතික පක්‌ෂය තනිවම ඉල්ලුව නම් පරදිනව. මේ අය බලයට පත්වුණේ පැවති රාජපක්‌ෂ ආණ්‌ඩුවේ තිබුණු යම් යම් නිශේධනාත්මක ලක්‌ෂණ නිසා මිස මේක එක්‌සත් ජාතික පක්‌ෂයට ලැබුණු ජනවරමක්‌ නෙමෙයි.

මාසික වැටුප ලක්‌ෂ හතර හමාරයි...!!!

ලංකාවේ හෙද හෙදියන් බ්‍රිතාන්‍යයේ රැකියාවක්‌ ලබාගන්නේ මෙහෙමයි...!!!

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ සේවය කරන බොහෝ සාත්තු සේවක සේවිකාවෝ පිටරැටියෝ වෙති. ඔවුන්ගෙන් බොහෝ දෙනකු පෝලන්ත, රුමේනියා වැනි නැගෙනහිර යුරෝපා ජාතිකයෝය. එහෙත් මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමෙන් පසු සාත්තු සේවක සේවිකාවන්ගේ විශාල හිඟයක්‌ ඇති වන බව වාර්තා වෙමින් පවතියි. වාර්තා වන අන්දමට වසර 2026 වන විට සාත්තු සේවක සේවිකාවන් ගේ හිඟය හතළිස්‌ දෙදහසක්‌ පමණ වනු ඇත.වසර 2019 න් පසු යුරෝපා ජාතිකයන්ට බ්‍රිතාන්‍යයේ සේවය කිරීමට අවසර නොලැබෙන නිසා ජාතික සෞඛ්‍ය සේවය දැනටමත් ආසියාතික රටවලින් සාත්තු සේවක සේවිකාවන් බඳවා ගැනීමට පටන් ගෙන තිබේ. දැනට වැඩියෙන්ම බඳවාගෙන ඇත්තේ පිලීපීන ජාතිකයින්ය. ඊට අමතරව ඉන්දියානු සහ නේපාල ජාතිකයෝද ටිකෙන් ටික මෙහි රැකියා ලබා ගනිමින් සිටිති. දැන් ඒ මහඟු අවස්‌ථාව ශ්‍රී ලාංකිකයන්ට ද උදාවී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.