ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 1, 2017

ජෙප්පන්ද රටට විනයක්...!!!

ජවිපෙ විරෝධිය නිසා බිලියන බාගයක් රටට අහිමි වෙයි..!!! 


 ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීගේ විරෝධය නිසා කන්තලේ සීනි සමාගමේ අබලි ද්‍රව්‍ය ටෙන්ඩරයෙන් රටට ලැබීමට තිබුනු මිලියන 540 ක මුදල අහිමිව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ප‍්‍රසිද්ද ටෙන්ඩර් කැදවීමක් මගින් පසු කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ අබල ද්‍රව්‍ය සදහා වූ ටෙන්ඩරය මිලියන 540 ක මුදලකට වැඩිම  ලංසුව තැබූ මීරිගම ලංකා ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත පසුගිය දා පිරිනමන ලදී. ඒ අනුව අදාල සමාගම විසින් එම ලංසු මුදල ගෙවූ පසු කන්තලේ සීනි සමාගම සතුව ඇති අබලි ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට අවස්ථාව ඔවුනට හිමිවේ.
මෙම ටෙන්ඩරය පිලිබදව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවර‍යෙකු ප්‍රකාශ කරන ලද්දේ අදාල ලංසු මුදල වූ මිලියන 540 කට වඩා කන්තලේ සීනි කර්මාන්තශාලාවේ අබලි ද්‍රව්‍ය තොගයේ වටිනා කමක් ඇති බවත් එම මුදලට එම අබලි ද්‍රව්‍ය තොගය ලබාදීමෙන් රටට විශාල මුදලක පාඩුවක් සිදුවන බවයි.

සිරාගේ අන්තර් ජාතික ගැහිල්ල....!!!

රාජපක්ෂ යුගයේ මහා පරිමාණ දුෂිත ගණුදෙනුවක් නිසා ලෝක බැංකුව විසින් සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු සමාගමක් BlackList කරයි..
 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුගයේ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් ලෝක බැංකුවේ ආධාර මත 2007 වර්ෂයේ මෙරට වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඇ.ඩොලර් මිලියන 1.8 ක් ව්‍යපතියක් ඔස්ට්‍රේලියා සමාගමට දීමේදී විශාල මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල කරමින් ඔ්ස්ටේ‍්‍රලියානු මාධ්‍ය ගණනාවක් වාර්තා පල කර ඇත.
එම කරුණු අනුව ලෝක බැංකුව World Bank සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව එම දූෂණය අදාළ සමගම විසින් ශ්‍රීලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව අදාළ ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බැව් ඔස්ට්‍රේලියාවේ සියලම මාධ්‍ය මේ සති අන්තයේ වාර්තා කොට තිබුනි.
ඕස්ට්‍රේලියානු සුප්‍රසිද්ධ ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වු එස්එම්ඊසි Iconic Australian engineering company, SMEC මෙසේ ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගත (Blak List) වේ.

සිංහල දෙමළ පංගුපේරු නැතුව සලකන සිංහලයන්ටම වියළි සලාකයක්‌ නෑ...!!!

අන්තවාදී නිලධාරීන් නිසා උපන් බිමෙහි 'කල්ලතෝනින්' වූ වේල්ලවාඩියේ සිංහල මිනිස්‌සු....!!! 
නැවත පිළියම් වන පරණ ගමකට පැමිණ හිඳිමු. ඇස ගැටෙන බොහෝ තැන්වල අලුතින් ඉදිවෙන නිවාසය. තැනක තවමත් ඉටි රෙදිවලින් ආවරණය වූ පොල්අතු මඩුය. ඒ අතර කැලෑ රොදවල් ගිනි අව්වට පිච්චී පරඬැල් වී ගොස්‌ය. හිරු දැනුදු වියරුය. එක සීරුවට අවට දවාලන්නේය. වළ ගොඩැලි සහිත දූවිලි පිරුණු මගෙහි ගමන් කිරීම ද තරමක්‌ අසීරුය. එහෙත් අප මේ දුෂ්කර ගමනෙහි නිරතව සිටින්නේ සොබාදහමේ වියරුව ගැන කියන්නට නොවේ. මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ කෙළවරේම පිහිටි පැරැණි සිංහල ගමක්‌ ගැන කතාවක්‌ කියන්නටය. බැරි, බැරි ගානට ඉදිරියට ඇදුණු මෝටර් රථය ගම මැද අලුතින් ගොඩනැඟෙන විහාරය අසල නතර විය. දෙනෙත්හි රැඳෙන්නේ සිත් පහන්වන දසුනකි. ඒ ස්‌වාමීන්වහන්සේලා තුන්නමක්‌ ගිහියන් සමඟ හරි, හරියට ඉදිකිරීම් කටයුත්තක නිතර වී සිටින අයුරුය. ගිනියම් අහස යට, හිරු කොතරම් සැහැසි වුවද උන්වහන්සේලා එය බාධාවක්‌ කර නොගන්නාහ. පොල් අත්තක සෙවණට වහං වූ උන්වහන්සේලා සිමෙන්ති ගඩොලෙන් ඉදිකරමින් සිටින්නේ බෝධිඝරයකි. උන්වහන්සේලාගේ අත්උදව්වට ගමේ තරුණයන් පිරිසක්‌ ද එකතු වී සිටියහ. ගමේ දෙමළ තරුණයන් කිහිපදෙනෙක්‌ම එතැන සිටින බව දැනගත් විට අපේ සිත් සතුටින් ඉපිලිණි. අසල පොල් රුප්පාවක සෙවණට වූ අප ගිහි, පැවිදි වික්‍රමයේ අසිරිය විඳිමින් හිඳිමු.

හිටපු ජනාධිපති ආර්යාව කර ඇති තවත් පර වැඩක්....!!!

2004දී ශ‍්‍රී ලංකාවට බලපෑ සුනාමි ආපදාවට ආධාර ලෙස ජපානය විසින් අධාර ලබා දුන් ත‍්‍රිරෝද රථ 100ක් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ  විසින් රැගෙන ගොස් ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.
මෙම ත‍්‍රිරෝධ රථ ලංකා ධිරවර සංස්තාව යටතේ තිබී ඇති බවත් එවකට සිටි ධිවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ  ඒවා බෙදා නොහැර සංස්ථාව යටතේ රදවා තබාගෙන තිබී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ජාතික සම්පත් විකුණා හමාර නැත මේ මත්තල වාරයයි...!!! පර හැත්තේ විකුණං කෑම...!!!

මත්තල ඉන්දියවට කැබිනට්‌ පත්‍රිකාව ළඟදීම... * බදු ගිවිසුමේ දිනය සහ කොන්දේසි ගැන තීරණය කැබිනට්‌ මණ්‌ඩලය සතුයි * ගිවිසුම කැබිනට්‌ අනුමැතියෙන් පසු ජනතා හමුවට හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දීය ආයෝජකයකුට ලබාදීම සඳහා වන කැබිනට්‌ පත්‍රිකාව අනුමැතිය සඳහා ළඟදීම කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ පැවසීය. ණය උගුලක්‌ බවට පත්වී ඇති මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කර දකුණු ආසියානු කලාපයේ දියුණු ගුවන් තොටුපළක්‌ බවට පත්කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.