ශ්‍රී ලංකාවට යුධ අපරාධ අධිකරණයක් ජිනීවාහිදී යෝජනා කෙරේ…!!!
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ශ්‍රී ලංකා රජයේ හමුදාවන් යුද
අපරා කර ඇතැයි ප්‍රකාශ කර ඇති නිසා එම යුධ අපරාධ ගැන පරීක්ෂණ කිරීමට
ජාත්‍යන්තර අධිකරණයක උවමනා බව උතුරු පළාත් සභාවේ මන්ත්‍රී එම්. කේ.
සිවාජිලිංගම් ජිනීවා මානව හිමිකම් කවුසලය අමතමින් පැවසීය.
හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු හමුදා නිලධාරීන් 30 දෙනෙකු විසින්
යුධ අපරාධ කර ඇති බවටද තොරතුරු ඇති බව කී මන්ත්‍රීවරයා යුධ අපරාධ
සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැුසක් පවතින බව සරත් ෆොන්සේකා විසින්
සදහන් කර ඇති බවද කියා සිටියේය.
video
සහල්,
පොල්, බීලූනු, අල, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල
විශාල වශයෙන් ඉහළයැම නිසා මහජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව
සිටිති.
මේ වන විට සාමාන්‍ය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100
දක්වාද, පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වාද, අල කිලෝව
රුපියල් 180 දක්වාද බී ලූනු කිලෝව රුපියල් 160-180 දක්වාද
ඉහළ ගොස් තිබේ.මීට අමතරව දරුවන්ගේ පෝෂණයට බලපාන ආහාර රැසකටද රජය අධික බදු අය
කරයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවකට රජය විසින් පනවා ඇති අධික
බදු මෙම මිල ඉහළයැම්වලට සෘජුවම බලපා තිබේ.
දේශප්‍රේමීන්ගේ
අභියෝග මැද්දෙන් ජිනීවා සටන ඇරඹෙයි

ජිනීවා නුවරදී ආරම්භ වූ 36 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී
ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්
ප්රමුඛ කොටි ඩයස්පෝරාව ගෙන යන සාවද්‍ය යුද අපරාධ චෝදනාවලට
ප්‍රතිචාර දැක්වීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඉදිරිපත්වී ඇත.
මෙතෙක් කල් කොටි හිතවාදී සංවිධාන මානව හිමිකම් සමුළුව අමතමින්
ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කළත් ශ්‍රී ලංකා රජය ඊට
ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත් වූයේ නැත. මේ නිසා ගෝලීය ශ්‍රී
ලංකා සංසදයේ දේශප්‍රේමීහු එම අභියෝගය භාර ගත්හ. ඉන් සිදු වූයේ
කොටි මිනීමරුවන්ගේ යුද අපරාධ මානව හිමිකම් සමුළුව තුළ හෙළි
වීමයි.
රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ මෙහෙයවීමෙන් යුත් ගෝලීය ශ්‍රී
ලාංකික සංසදය සැප්තැම්බර් 25 දා කොටි ඩයස්පෝරාවට එරෙහිව
ජිනීවා සටන දියත් කර ඇත. එහිදී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව එක්ව
මානව හිමිකම් සමුළුවේදී සම්මත කළ ජිනීවා යෝජනාවේ
නීsත්යනුකූලභාවය ගැන අභියෝග කෙරේ. මෙතෙක් මානව හිමිකම්
සමුළුව තුළ ජිනීවා යෝජනාවට අභියෝගයක් එල්ල වූයේ නැත.
ඒ වෙනුවට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර ජිනීවා මානව හිමිකම්
සමුළුව හමුවේ ජිනීවා යෝජනාව පිළිගෙන ඊට සම අනුග්‍රහය දැක්වීමට
ඉදිරිපත් විය. මේ අන්දමට ඇමරිකානු හමුදා ඉරාකයේ යුද අපරාධ සිදු
කළ බවට චෝදනා එල්ල වුවත් ඇමරිකාව ජිනීවා යෝජනාවක් ගෙන ඒමට
ක්‍රියා කළේ නැත.
කාතානායක හිතුමතේ පනත් සම්මත කරනවා..- ගැටඹේ නාහිමි,
වත්මන් ආණ්ඩුවට පනතක් සම්මත කර ගැනීමට අවශ්‍ය වූ විට එය පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කර කලබලයක් මවා කථානායකයා විසින් සම්මත වූ බව කියන බව ගැටඹේ
රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.
ව්‍යවස්ථා අතුරු වාර්තාව සිංහල බුද්ධිමතුන් කොනක සිට පට්ටා ගසයි.. සැගවුණු උගුල...!!!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මුළුමුනින්ම දෙමළ
ජාතිවාදී අභිලාෂ සැපිරීම පිණිස ඉදිරිපත් වූවක් බව පෙන්වා දෙමින් ආචාර්ය
චන්න ජයසුමන සිය facebook ගිණුමේ පල කර තිබු ලිපිය පහත දැක්වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු
වාර්තාව 2017 සැප්තැම්බර් 21 දින අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කරනු ලැබීය. මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් 21 දෙනෙකි. වාර්තාවේ මාතෘකා 12
ඔස්සේ කරුණු දක්වා ඇත. සිංහල පිටපතේ පිටු 85 කි. යහපාලන රජය ඉදිරිපත් කරන
නව ව්‍යවස්ථාවේ හෝ ව්‍යවස්ථා සංශෝධනයේ හැඩරුව පිලිබඳ මෙම වාර්තාව මගින්
අවබෝධයක් ලැබිය හැකිය. වාර්තාවේ 12 වන පරිච්ජේදය වෙන් කර ඇත්තේ මෙහෙයුම්
කමිටු සාමාජිකයන් සිය පක්ෂයේ අදහස දක්වමින් ඉදිරිපත් කර තිබූ ලිපි කිහිපයක්
වෙනුවෙනි. එක්සත් ජාතික පක්ෂය හැරුණු විට මෙහෙයුම් කමිටුව නියෝජනය කළ
සියලු පක්ෂ තම පක්ෂයේ අදහස් වෙන් වෙන් වශයෙන් දක්වා තිබීමත් ශ්‍රීලනිප,
ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ, ජාහෙඋ දක්වා තිබූ අදහස් එතරම් තැකීමකට ලක් නොකර
අතුරු වාර්තාව ඉදිරිපත් කර තිබීමත් නිසා මේ වාර්තාව එක්සත් ජාතික පක්ෂයේ
අදහස ලෙස සැලකීම වැරදි නොවේ. එහි දක්වා ඇති කරුණුවලට අනුකුලතාවක් දක්වා
ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සහ ජයම්පති වික්‍රමරත්න පමණි. රිෂාඩ්
බද්යුදීන්ගේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, රාවුෆ් හකීම් ගේ ශ්‍රී
ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන්ගේ දෙමළ ප්රගතිශීලී සන්ධානය සහ
ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී ය මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ ඇතැම්
කරුණු සමග එකඟ නැත.
අල්ලස් කොමිසමට අර්ජුන මහේන්ද්‍රන් ලබාදුන් සාක්ෂියෙනි
"මා ඩුබායි රටේ රැකියාවක නිරතව සිටියදී 2015 ජනවාරි 9 දින හෝ
ඊට ආසන්න දිනක රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් විමසා සිටියා
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ හැකි ද කියා."
බැඳුම්කර ජනධිපති කොමිසමේ ශාක්ෂි දීම සම්බන්ධයෙන් අර්ජුන්
ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන් යන දෙදෙනාගේම (මාමා සහ
බෑනාගේ) නීතිඥයන් කියා සිටි එක් පොදු කරුණක් වූයේ මේ
දෙදෙනාටම ශාක්ෂි දීම සඳහා බල කිරීමට බැඳුම්කර ජනාධිපති
කොමිසමට නොහැකි බවයි. ඒ සඳහා ඔවුන්ගේ නීතිඥයන් කොමිසමට කරුණු
දැක්වූ අතර එහිදී ඔවුන්ගෙන් අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී
සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කීවේ තම උපදෙස් මත
ඇලෝසියස් කොමිසම හමුවේ ශාක්ෂි නොදෙන බවයි. බෑනාගේ
නීතිඥයා එසේ කියද්දී අර්ජුන මහේන්ද්‍රන්ගේ (මාමාගේ)
නීතිඥයා කීවේ මහේන්ද්‍රන් ශාක්ෂි දීමට බැඳී නැතත් සිය
නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා ඔහු ශාක්ෂි දෙන බවයි. ඒ අනුව
අර්ජුන මහේන්ද්‍රන් ඉකුත් සැප්තැම්බර් 19 වැනිදා කොමිසම
හමුවේ ශාක්ෂි දුන්නේය.
අර්ජුන් අලෝෂියස් සාක්ෂි නොදී සිටීමෙන් බැදුම්කර මගඩියට සම්බන්ධ
පුද්ගලයින් රැුසක් හෙලි නොවීමේ තත්වයක් මතුව ඇති බව සිරස රූපවාහිනයේ පැතිකඩ
වැඩසටහනේදී හෙලි කලේය.
VIDEO

බුදු දහම දැන්
වසර ආසන්න වශයෙන් වසර දෙදහස් හයසීයක් තරම් පැරණිය.එහි ආරම්භක වකවානු තුළ පැවති
ස්වරූපය කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකිය.නමුත් අද පවතිනුයේ එදා බුදුන් ජීවත්ව
වැඩ වසන සමයෙහි පැවති උන්වහන්සේගේ ඉගැන්වීම් බව අපි විශ්වාස කරන්නෙමු.පාරම්පරික
බුදු දහම එසේ නැතහොත් ථේරවාදී සම්ප්රදාය දිගු කාලයක් තිස්සේ ජනප්‍රජාවගේ
හදවත්තුළට රිංගවා ඇති අදහසේ හරය එයයි.කාලයක් තිස්සේ නිවැරදි දේ වශයෙන් කිසිදු ප්‍රශ්න
කිරීමකින් තොරව මේ සියළුම පිළිගැනීම් ඒ අයුරින්ම මේ දක්වා අපි පවත්වාගෙන පැමිණෙන්නෙමු.එහි
හරි වැරැද්ද කිසිදු ප්රශ්නකිරීමකින් තොරව අපි සියලු දෙනා ඒකමතිකව ගතානුගතිකව
විශ්වාස කරන්නෙමු.ඊට පටහැනි වූ සියලු මතවාද ප්‍රකාශ කිරීම පමණක් නොව එසේ සිතීම පවා
අවීචි මහනිරයේ හෙලන මට්ටමේ ආනන්තරිය පව්කමක් තරමට ප්‍රබල යැයි අපි අන්ධ ලෙස
විශ්වාස කරන්නෙමු.ඔබ අයත් මේ සමාජකුලකයටම මමද අයත් වෙමි. පාරම්පරිකව හොඳ සිංහල බෞද්ධ
දෙමාපිය පරපුරකින් පැවත එන බැවින් මමද ඔබ මෙන්ම බුදු දහමේ සාම්ප්‍රදායික
මතවාද,විශ්වාසපිළිගත් කාලයක් තිබිණ.නමුදු සාම්ප්‍රදායික ප්‍රාචීන අධ්‍යාපනයෙන්ද
බටහිර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්ද ලැබූ ශාස්ත්‍රීය ශික්ෂණයද විදර්ශනා භාවනා
වැඩීමෙන් ලැබූ පුහුණුවද නිසා සාම්ප්‍රදායික ගැතිබවින් නිදහස්ව විචාරපූර්වක
ආකල්පයකින් ඒ පිළිබඳව සිතීමට මට හැකියාවක් ලැබිණ.බුදු දහමේ ආදී කාලීන හැඩතල
පිළිබඳව පර්යේෂණවල නියැලීමට අද මට කදිම පිටිවහලක්ව ඇත්තේ ඒ කරුණයි.