ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 6, 2017

හොරා හැංගිලා...!!! ලැජ්ජාවක් ඇත්නම් දැන්වත් රනිල් උඹ අස්වෙයං....!!!

ඇලෝසියස්‌ට ලංසු තබන්න මහ බැංකුවෙන් රහස්‌ තොරතුරු බිලියන 11ක්‌ ලාභ ලැබුවේ ඒනිසයි කොමිසමෙන් නොතීසි: භාර ගන්න ඇලෝසියස්‌ නැහැ - පර්පෙචුවල් ප්‍රධාන අලෙවිකරු බැඳුම්කර කොමිසමේදී පිළිගනී...
 පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු  පිළිගත්තේය.

2015 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්‌වා පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම රු. බිලියන 11 ක (රු. කෝටි 1100 ක) පමණ අති විශාල අසාමාන්‍ය ලාභයක්‌ උපයාගෙන තිබුණු බවත් එම ලාභ උපයා ගැනීමට සමාගමට හැකි වූයේ අර්ජුන ඇලෝෂියස්‌  විසින් ලබාදෙන ලද එම මිල සංවේදී රහසිගත තොරතුරු සමාගමේ බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීමේ තීරණ ගැනීම සඳහා යොදාගත් නිසා බවත් සල්ගාදු  කොමිසම හමුවේ පිළිගත්තේය.
අර්ජුන් ඇලෝෂියස්‌  භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී මහ බැංකුව විසින් ලංසු පිළිගන්නා මට්‌ටම පිළිබඳව අන්තිම දශමය දක්‌වාම දැන සිටි බවත් එය ඔහු මහ බැංකුවෙන් දැනගත් බවත් කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සල්ගාදු  කීවේය.

ඇන්කර් ඵළදෙනගෙ පුතාගේ බැඳුම්කර ඔත්තු රස්සාව මාට්ටු...!!!

කසුන් කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ පිටපතක්‌ රෝසිගෙ පුතාගෙන් ඇලෝෂියස්‌ට - පර්පෙචුවල් ප්‍රධාන අලෙවිකරු...!!!
 එක්‌සත් ජාතික පක්‌ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායකගේ (ඇන්කර් ඵළදෙන)  පුත් කණිෂ්ක සේනානායක  ගෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන  07 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ සම්පූර්ණ පිටපතක්‌ අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ලැබී තිබුණු බව ඊයේ (06 දා) බැඳුම්කර කොමිසමේදී වාදනය කරන ලද දුරකථන සංවාදයකට සවන්දීමෙන් පසු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු  කීවේය.
දුරකථන සංවාදයේ රෝසිගේ පුතා යනුවෙන් ඇසෙන බවත් මෙහි රෝසි යනුවෙන් සඳහන් කරන්නේ රෝසි සේනානායක 
(ඇන්කර් ඵළදෙන) බවත් සල්ගාදු  කීවේය.

ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක මෙන්ම පළමු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සාමාජිකාවක්‌ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ  ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු  පිළිගත්තේය.

ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් මත් ජාවාරම්කරුවන්ගේ නම් ඉවත් කළ හැටි අභිරහසක්‌

ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ තිබූ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 15 කගේ නම් ඉවත් කළේ කවුදැයි මෙතෙක්‌ අනාවරණය වී නැත.ඵහි තිබු රිෂාඩ්ගේ සහෝදර කුප්‍රකට  කුඩු ගෙන්වන්නා මෙන්ම යහපාලනයේත් ඇමතිකමක රස බලන කුඩු සක්විත්තෙක් වන නිමල් ලන්සා ( වරක් මූ අසුවූ විට තකහනියක්ම නිවසට ගොස් බේරා ගත්තේ මහින්දය.මුන්ද ඇතුළත්ව තිබූ සහ සෙසු 13 දෙනෙකුගේ නම් අතුරුදහන්ව තිබේ.
ලංකාවේ සුප්‍රකට හොරා සාටක සුණඛයා සමග කුඩු ලන්සා...
පසුගිය අගෝස්‌තු මස සිට මෙම නම් ඉවත්කර ඇති අතර ඔවුන් දුටුතැන අත්අඩංගුවට ගැනීමේ රතු වරෙන්තු අහෝසි වී තිබේ.

සීතාවකින් මහනුවරට දළදා වැඩම කළේ කවුද...?

මහනුවරට දළදා හිමි වැඩමවූයේ 1592 සෙංකඩගල පළමුවරට අගනුවර කරගත් පළමු විමලධර්මසූරිය රජුය. කෝට්ටේ ධර්මපාල රජු (1551 - 1597) ක්‍රිස්තියානිය වැළද ගත්තේ 1557 දී ය. සිංහල රජු බෞද්ධයෙකු වියයුතු යන චිරාගත සම්ප්‍රදාය ධර්මපාල රජු චිරාගත සම්ප්‍රදාය කඩ කළේය. ඒ නිසා ඒ සිද්ධිය වූ ආසන්නම කලම එදා කෝට්ටේ දියවඩන පදවිය දැරූ දන්ත කුමරුගේ පෙළපතින් පැවත ආ හිරිපිටියේ ඒකනායක දියවඩන රාළ සිහිනයක් දැක එහි අර්ථය වටහාගෙන වෙස්වෙළාගෙන දළදා හිමි රහසේ සඟවාගෙන දිවස්නාතොටින් එතෙර ව සීතාවක රජකළ මායාදුන්නේ රජුට දළදා හිමි රහසේ බාරදුන් බව ‘සිංහල දළදා වංශය’ කියයි.

දළදා හිමි ඉතා ගෞරවයෙන් පිළිගත් සීතාවක මායාදුන්නේ රජු (1521 - 1578) සීතාවක සබරගමුවේ කුරුවිට විහාරයේ තබා පුදපූජා කරන්නට විය. කෝට්ටේ සිට සීතාවකට දළදා රහසේ වැඩම වූ හිරිපිටියේ ඒකනායක රාළව සීතාවක රාජ්‍ය කාලය පුරා සීතාවක දියවඩන පදවිය දැරීය. සීතාවක කල අලගියවන්න මුකවැටි ලිවූ සැවුල් සන්දේශයේ එදා දළදා වැඩසිටි දෙල්ගමු විහාරය මෙසේ වර්ණනා කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.