ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 3, 2017

පෞද්ගලික අමනාපකම්වලට හමුදාව ගාවා ගන්න එපා

ෆොන්සේකාගේ ප්‍රකාශයට අප්‍රසාදය පළ කරනවා... යුදහමුදාපති කියයි 
 එක්‌ එක්‌ අයගේ පෞද්ගලික අමනාපකම්වලට උත්තරීතර ආරක්‍ෂක හමුදාව සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක  ඊයේ (03 දා) ඉල්ලා සිටියේය.
එක්‌ හමුදා නිලධාරියකුට විරුද්ධව කවුරු හෝ ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කිරීම මුළු මහත් ආරක්‍ෂක හමුදාවටම බලපාන බව පැවසූ යුද හමුදාපතිවරයා පසුගිය යුද සමයේ කිසිම අවස්‌ථාවක ආරක්‍ෂක හමුදාව යුද අපරාධ නොකළ බව සපථ කළේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

බර්ටිලාගේ ගුවන්විදුලිය

කොළඹින් කතාකළ යුගයක් තිබිණි. ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා වූ ඩී.ඇම්. කොළඹගේ මහතා කොළඹින් කතා කරමි යැයි කියමින් රට අමතන විට ගුවන් විදුලි යන්ත්‍රය වටා රැස්වූ ගැමියෝ මේ කතා පෙට්ටිය ගැන තේරුම් ගන්නට බැරිව පුදුමයට පත්වූහ. පසුව දෙපාර්තමේන්තුවක්, සංස්ථාවක් වූ ගුවන් විදුලිය එදා මෙරට සන්නිවේදන කලා ලොව පහන් ටැඹක් ලෙස වැජඹිණි. චතුර සන්නිවේදකයෝ විචිත්‍රවත් මිනිස්සු, පඬිවරැන්, කලාකරුවන් මෙන්ම දුහුනන්ද ගුවන් විදුලියේ හරඹ කළහ. ඩී.ඇම්. කොළඹගේ, තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර, එච්.ඇම්. ගුණසේකර ආදී ප්‍රවීණ සන්නිවේදක කලා පරපුර වෙත හැටේ දශකයේ සේන්දු වූ බර්ටි ගලහිටියාව මේ විචිත්‍ර මිනිසුන්ගේ රැව ගුණවරුණ මෙන්ම හොඳ ඉතිහාස කතා මතකයක් ඇති ප්‍රවීණයෙකි.
“රුපියල් පනහෙ පඩියටයි මට ගුවන් විදුලිය නැත්නම් රෝඩියෝ සිලෝන්එකට ආවේ. ඒ කාලේ මම හිටියේ බොරැල්ලෙ වයි.ඇම්.බී.ඒ.එකේ මේ කියන්නේ. 1963 අවුරුද්ද ගැනයි. කියමින් ගලහිටියාව මහතා කතාව ඇරඹිය...  

‘සුදු අම්මාට‘ නිවාස කුළිය රු. 7500 ක් දෙන්න බැරි බදුල්ල දිසාපති, උමා ඔය සහන මුදලින් පාරවල්වල බෝඩ් ගසයි.

් ‘අගු පිලකය.‘ - බදුල්ල දිසාපති නිමල් අබේසිරි ‘ජනාධිපතිගේ අමාත්‍යාංශය‘ ඇන්දුවේ මෙහෙමයි.

රු. මිලියන 300 කින් රු. 7500 ක් නොවටින ‘සුදු අම්මා ‘තවමත
උමා ඔය හේතුවෙන් විපතට පත් පළමු කාන්තාව ගලහිටියාව සීලවතී (70) ය. ඇයටත්, ඇගේ පුතාටත් නිවාස දෙකක් තිබුණි. මෙයට වසර දෙක හමාරකට පෙර උමා ඔය කැණීම් ඇරඹී ටික කලකින් ඇගේ නිවස අඩි 60 පෙළොව ඇතුලට ගිලා බැස්සේය. රජයේ ටයි කෝට් හමුදාවක් පැමිණ ඇය යලහිටියාව අතහැර දමා ඇති පාසලේ පන්ති කාමරයට දමා ගියේය. එතැන් පටන් ඇය ට රුපියලක් වත් රජයෙන් ලැබුණේ නැත. ඇය අදත් (අගෝ. 30) මේ අතහැර දැමූ වසර 75 ක් පැරණි ගොඩනැගිල්ලේ ය.
ඇයගේ වැඩිමහල් පුතාගේ විනාශ වූ නිවස කාමර 7 ක් හා නාන කාමර සහිත අංග සම්පූර්ණ නිවසක් විය. උමා ඔය ව්‍යසනයේ පළමු ගොදුර ලෙස ඇගේ නිවස බිලිගත් විට බදුල්ල දිසාපතිවරයා එහි ගොස් ඇය වහා එම ස්ථානයෙන් ඉවත්කර බඹරගම මහ විදුහලේ 1942 ඉදිකළ ගොඩනැගිල්ලක නවාතැන් දෙනු ලැබීය. මකුල්ඇල්ල ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කරන පිරිස් ඇයට උපකාර කරයි. දුක සැප බලයි. ජල ව්‍යාපෘතියේ පොම්පාගාරයේ වැඩ දැන් අවසන්ය. රජය විසින් අමතක කර දැමූ සීලවතී තනිකර දමා ඉදිකිරීම් කම්කරුවන් මෙතැනින් හෙට පිටව යා යුතුය.

කන්ද උඩරට රාජධානිය බිහිකළ පළමු වන විමලධර්මසූරිය රජතුමා

අනුරාධපුර යුගය තරම් දීර්ඝකාලීන පාලනයක්‌ ගෙන යැමට ඉන්පසු බිහිවන කිසිම රාජධානියකට අවස්‌ථාවක්‌ නොලැබේ. එයට ප්‍රධාන වශයෙන් බලපෑවේ විදේශීය ආක්‍රමණ හා අභ්‍යන්තර කැරැලි කෝලාහල තත්ත්වයන්ය. අවසන් වරට  පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1411-1466) කෝට්‌ටේ මුල්කර ගෙන මුළුමහත් ලංකාවේ ම බලය එක්‌සේසත් කිරීමට සමත් වුවද ඔහුගේ මරණයත් සමගම නැවත එය අසාර්ථක විය. 16 වන සියවසේ මුල් භාගයේ දී පෘතුගීසින් ලංකාවට පැමිණෙන අවස්‌ථාවේදී ලංකාවේ දක්‌නට ලැබෙන්නේ යාපනය කෝට්‌ටේ හා උඩරට නමින් බෙදී ගිය ප්‍රාදේශීය රාජ්‍යයන්ය. නමුත් කෝට්‌ටේ ප්‍රධාන රාජ්‍යය ලෙසට පිළිගත් බව පෙනේ. ක්‍රි.ව. 1521 දී සිදුවන විජයබා කොල්ලයත් සමග බිහිවන සීතාවක රාජධානිය බලය අතින් ද ජනප්‍රියත්වයෙන්ද මෙම සියලු රාජධානි අභිබවා සිටී. සීතාවක රාජධානිය ප්‍රබල වීමට බලපාන්නේ කෝට්‌ටේ බුවනෙකබාහු (ක්‍රි.ව. 1521-1551) රජු පෘතුගීසි සහයෝගය ලබා ගැනීම හා කෝට්‌ටේ පෘතුගීසින්ට අවනත රාජධානියක්‌ වීම නිසාය. මෙම තත්ත්වය තවත් ප්‍රබල වන්නේ හත්වන බුවනෙකබාහු රජු මියගොස්‌ ඔහුගේ මුණුබුරු ධර්මපාල කුමරු රජවීමත් සමගය.

ෆොන්සේකා ,මහේෂ් ,සින්නයියාට නැති යුද අපරාධ චෝදනා ජගත් ජයසූරියට පමණක් ඇයි ..?

රන්ජන් රාමනායකත් ඇමෙරිකානු දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් බව මේජර් අජිත් ප්‍රසන්න පවසයි.  (31)මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් අජිත් ප්‍රසන්න සදහන් කළේ රන්ජන් දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තවරයෙක් විම හෙතුවෙන් ඔහු මාධ්‍ය හරහා රටේ අධිකරණය, නීතිය, විනිසුරුවරුන් දූෂිතයි යනුවෙන් විවේචනය කරන බවත් ඒ අනුව අපේ රටේ පවතින දූෂිත තත්ත්වය නිසා යුද අපරාධ චෝදනා විග්‍රහයට ජාත්‍යත්නර යන්න සිද්ධ වෙන බවයි.
“තිස් අවුරුදු යුද්ධයේ ප්‍රතිඵල ලෙස රණවිරුවන් 28,000ක් දිවි පිදුවා. 14,000ක් ආබාධිතයන් වුණා. එමෙන්ම වැන්දඹුවන්, දරුවන් අහිමි වූ මවුවරුන් අදටත් කඳුළු බොමින් ජීවත් වෙනවා. මානුෂීය මෙහෙයුමේදී වන්නි ආඥාපතිව කටයුතු කළ ජගත් ජයසූරියට එල්ල කළ චෝදනාව සමස්ත රණවිරුවාටම කළ බලපෑමක්.”
“අපි මේ යුද අපරාධ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා වගේම මේ සියල්ල පිටුපස්සේ ඉන්නේ දෙමළ ඩයස්පෝරාව බවත් මම වගකීමෙන් කියනවා. ”

දුප්පත් අහිංසකයනටම පහර ගසන පාහරයෝ....!!!දඩය 25000

වහා ක්‍රියාත්මක වන පරිදි ලංකාවේ සියලුම ප්‍රධාන මාර්ග වල බයිසිකල් පැදීම සියලුම පාපැදි කරුවන්ට තහනම් කර තිබෙනවා.ඒ අනුව නව නීතියට අනුව තාර දැමූ කිසිම පාරක බයිසිකල් පැදීම තහනම් වන අතර බයිසිකල් පැදිය හැක්කේ අතුරු පාරවල් වල පමණි.ප්‍රධාන මාර්ගයක් හරහා ගමන් කරන අවස්ථාවකදී පා පැදිය තල්ලු කරගෙන යා යුතු අතර එසේ නොකළහොත් රුපියල් 25000ක දඩයක් ගෙවීමට නියමව ඇත.මේ පිළිබඳව අප කළ විමසීමකදී මහා මර්ර්ග අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළේ පාපැදියෙන් ගමන් කරන්නේ ඉතා සුලු පිරිසක් නිසාත් එම සුලු පිරිස නිසා මාර්ග තදබදයට විශාල බලපෑමක් සිදුවන බවයි.එමෙන්ම ලංකාවේ පාර පුරා දුවන පාපැදි කරුවන් විදේශිකයන් දුටුවොත් එය අප රටට විශාල අපකීර්තියක් බවද  තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.