ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 31, 2017

ඒ.එස්.පී ලියනගේ වැනි සාමාන්‍ය දැනීමක් පවා නැති පුද්ගලයෙකු කටාර්හි තානාපති ලෙස පත් කළේ අපගේ අභිමානය විනාශ කිරීමට ද?

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව කිසිදු අත්දැකීමක් නැතිවා පමණක් නොව සාමාන්‍ය දැනීමක් වත් නැති ඒ.එස්.පී ලියනගේ  වැනි පුද්ගලයෙකු කටාර්හි තානාපති වරයා ලෙස පත් කෙළේ ශ්‍රී ලාංකිකයන් හැටියට රැකගත් තමන්ගේ අභිමානය විනාශ කිරීමටදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වෙත  ලිපියක් යවන කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විමසති. ලංකානිව්ස් වෙතද එම ලිපියේ පිටපතක් සපයා ඇති අතර එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ. 

තමන් කොමිසටම බොරු කී බව පර්පෙචුවල් සමාගමේ තාක්ෂණ ප්‍රධානියා පිළිගනියි

බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන්ට තමන් බොරු කී බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්‍ෂණ අංශ ප‍්‍රධානී සචින්ද්‍ර දේවතන්ත‍්‍රී  පිළිගෙන ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  බැඳුම්කර කොමිසමට ඊයේ (30) දැනුම් දී තිබේ.
මීට පෙර දින මෙම කොමිසම හමුවේ හෙළි වු කරණු සම්බන්ධයෙන් දේවතන්ත‍්‍රී  කැඳවා ලබාගත් ප‍්‍රකාශයේදී ඔහු මේ බව පිළිගෙන ඇතැයි ද ලිවේරා  දැනුම් දී ඇත.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්‍ෂණික ප‍්‍රධානි සචින්ද්‍ර දේවතන්ත‍්‍ගෙන් කොමිසමේ විර්ශන නිලධාරීන් ලබාගත් ප‍්‍රකාශයේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා මුලින් තිබු ක‍්‍රමවේදය ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත‍්‍රය තහනම් කළ පසුගිය ජුලි 06 වැනිදා ඉවත් කොට එදින සිට නව පද්ධතියක් ස්ථාපනය කොට ඇති බව හෙළි කොට ඇතැයි කී ලිවේරා  එම කරුණු සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ හෙළි වු කරුණු අනුව ඔහුගෙන් යළිත් වරක් ප‍්‍රකායක් ලබාගත් බවත් එහිදී තමන් මුල් අවස්ථාවේදී අසත්‍ය කරුණු පැවසු බව ඔහු පිළිගෙන ඇති බවත් එහිදී පැවසා තිබේ.
මේ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමට ඉදිරිපත් කොට ඇති “දත්ත ගබඩා පද්ධතියේ” (System of the Comiunication) අඩංගුව ඇත්තේ සත්‍ය වශයෙන්ම එහි ගබඩා වූ දත්ත නොවන බවත් ඒවා විකෘති කරන ලද මෘදුකාංගයක් එම පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු ලබාගන්නා ලද ප්‍රතිනිර්මාණය කරන ලද දත්ත බවත් එකී පද්ධතිය ස්ථාපනය කරන ලද ආයතනයේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා පසුගිය 29වනදා කොමිසම හමුවේ සාක්‍ෂි සහිතව තහවුරු කරමින් කියා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.