මොහු සජින් වාස් ගුණවර්ධනට විශාල
ලෙස සහන ලබා දී ඇති අතර ඔහුට ඇමැති ආරක්ෂාවක් ලබා දීමට ද මැදිහත් වී තිබේ.
මේ කටයුතු සඳහා සජින් වාස් ගුණවර්ධනගෙන් මුදල් ලබා ගෙන ඇති සුදත්
චන්ද්‍රසේකර සියල්ල සිදුකර ඇත්තේ ‘පීඑම් කීවා‘ ‘පීඑම්ගේ ඕඩර්ස්‘ ආදී ලෙස
කියමින් රනිල් වික්‍රමසිංහගේ නම විකුණමිනි. මෙවැනි අපත ක්‍රියා රැසක්
හෙලි වීම නිසා අගමැතිවරයා මොහුට අරලියගහ මැදුර පැත්ත පළාතේ පස් පෑගීම පවා
තහනම් කර ඇත.
සුදත් චන්ද්‍රසේකර සජින් වාස් ගුණවර්ධනට
ඇප ලබා ගැනීමට ක්‍රියා කර ඇත්තේ රහස් පොලිසියේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී බී. ආර්. එස්. ආර්. නාගමුල්ල සමග කුමන්ත්‍රණයක් කරමිනි. දෙදෙනා
පොලිසියට සම්බන්ධ වූයේ එකට වන අතර දෙදෙනා ‘බැජ් මේට්ස්‘ ලා වෙති.