ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 17, 2017

කාළකණ්නි හොරා ඵසවූ අසාධාරණ බදු නැවත අඩු කෙරේ....!!!

ඉන්ටර්නෙට් බදු අඩු කෙරේ.. මෝටර් සයිකල් බදු අඩු කෙරේ.... මුදල් ඇමති මංගලගෙන්...!!!
අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන කිහිපයක්ම ඉදිරිපත් කළේය. අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට මුළුමණින් ඉවත් කරන බව ඔහු දන්වා සිටියේය. මෙය සියයට 10 ක්ව පැවතී ඇමති රවී සියයට 25 දක්වා ඉහළ දමා තිබුණි. එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමටද තීරණය කළ බව ඔහු දන්වා ඇත. ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේය.

සමෘද්ධි සමීක්ෂණයෙන් රු.12.82, 50.000.00 කට කෙලවලා…-එස්.බී. ගෙන් වහාම අය කරගනු ...!!!

ආණ්ඩුව විසින් අද (16) දින අත්හිටුවීමට තීරණය කරන ලද සමෘද්ධි සහනාධාර සමීක්ෂණය සදහා වියදම් කරන ලද රු.12.82, 50.000.00 ක අති විශාල මුදල එස්.බී. දිසානායක අමාත්‍යවරයාගෙන් අයකර ගැනීමට පියවර ගත යුතුයි.
සමෘද්ධිලාභීන්ගේ දැඩි විරෝධය මත අද දින (16) ආණ්ඩුව විසින් අත්හිටුවන ලද සමෘද්ධි සහනාධාර සමීක්ෂණයෙහි වියදම සමීක්ෂණය සිදු කිරීමට තීරණය කරන ලද අමාත්‍ය එස්.බී. දිසානායකගෙන් අය කර ගැනීමට කටයුතු බව අප සංගමය මෙයින් අවධාරණය කරන්නෙමු.
මෙම අඩු ආදායම්ලාභී සමීක්ෂණය සදහා පිටු 17 කින් සමන්විත අයදුම් පත‍්‍ර ලක්ෂ 35 ක් රු.5,07,50,000.00 මුදලක් වැය කර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මුද‍්‍රණය කර සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වෙතම බෙදා දී තිබුනි. සම්පුර්ණ කරන ලද සමීක්ෂණ අයදුම්පත‍්‍රයක තොරතුරු පරිඝණක මෘදුකාංගය වෙත ඇතුලත් කිරීම සදහා එක් සමීක්ෂණ අයදුම් පතුයක් වෙනුවෙන් රු.20.00 බැගින් තාවකාලිකව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් බදවා ගන්නා අය වෙත රු.7,00,00,000.00 ක විශාල මුදලක් ගෙවීම් සිදු කර ඇත. තවද මෙම සමීක්ෂණ අධීක්ෂණය වෙනුවෙන් ඉන්ධන දීමනාව ලෙස සෑම ප‍්‍රාදේශීය ලේකම් වරයෙකු සිට ඉහල නිලධාරීන් වෙත රු.20,000.00 බැගින් නිලධාරීන් 375 දෙනෙකු වෙත රු.75,00,000.00 මුදලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවීම් කර ඇති අතර රු.12,82,50,000.00 ආසන්න අති විශාල මුදලක් මේ සදහා වියදම් කර ඇත. විද්‍යාත්මක පදනමකින් තොර මෙම සමීක්ෂණය අත්හිටුවීම මත අති විශාල මහජන මුදලක් නාස්ති වී ඇති බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු.

වසර 1500 ඉපැරණි වැවටත් පුත්තලමේ ව්‍යාපාරිකයෙක් හොර ඔප්පු සකස්කර අත්පත් කර ගනී…!!!


පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති වසර ගණනාවක් ඉපැරණි ‍ඵෛතිහාසික මෙන්ම ප්‍රෞරාණික වැදගත්කමකින් සමන්විත අක්කර 150ක පමණ භූමි වපසරියකින් සමන්විත වැවට ව්‍යාජ පිඹුරුපත් සකසමින් පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් වැටකොටු ඉදිකර වැව් රක්ෂිතය අත්පත් කරගෙන ඇති බවට ප්‍රදේශවාසීන් තරයේ රජයේ වගකිව යුතු බළධාරින්ට චෝදනා කරති.
වසර 1500ක් පමණ ඉපැරණි මෙකී වැව එකල රජ දවස ඉදිකරන්නක් බවට ප්‍රදේශවාසීන් මත පලකරති. මන්ද වැව් හතක පිටාර ගලන වාන් ජලය ගබඩා කර තබා ගන්නා එකම වැව මෙම වැව බවත් ඒ නිසාවෙන් මෙම වැව ජනප්‍රවාදයේ විල්ලුක පසු කාලීනව විලුක බවට භාවිතා කරන  බව පැරන්ණන් පවසති.
නමුත් එහි වත්මන් තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් උඩු යටිකුරු කර හමාරය, මේ දිනවල පුත්තලමට බලපා ඇති දරුණු නියගයත් සමග වැවේ තිබූ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමග වැව් පිටිය පමණක් විනිවිදව දැක ගන්නට පුළුවනි. ඒ නිසාවෙන් මේ වන විට පුත්තලමේ  ප්‍රසිද්ධ හොර ඉඩම් සක්විතිලා පිරිසක් සහ සංවිධානාත්මක රාජ්‍ය නිළධාරින්ගේ එකතුවෙන් අදාල වැවට පිඹුරුපත් සකසමින් ඉතාමත් සූක්ෂමව ව්‍යාජ බලපත්‍ර සකස් කර ගන්නා මොවුන් පසුව පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට අත්පිට මුදලට විකුණා ඇති බවයි කියති.

footnote කල්ලිය වැඩේ වරද්දාගෙන…බැදුම්කර හොරුන්ගෙන් සල්ලි අරන්..

මේ ආණ්ඩුව තියෙන්නේත් තව අවුරුදු දෙකාහමාරයි, ඉතින් මේ විදියට තව තුන් පාරක් සාක්ෂි දෙනකොට මේ ආණ්ඩුව ඉවර බව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.
“බැඳුම්කර වංචාව හොයපු කෝප් කමිටුවේ වාර්තාව සකස් කරද්දි පාද සටහන් (footnote )දාපු ගොඩක් අයට ලක්ෂ 150, 200 ය හම්බවෙලා තියනවා. එජාපයේ විරෝධය නීතිපති දෙපාර්තමේන්තුවට එන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි මේ බැඳුම්කර කොමිසමේ යන සාක්ෂි විමසීම් වලින් පාද සටහන් දාපු අය ගැනත් හෙළි වී තිබෙනවා ඒකට නීතිපති දෙපාර්තමේන්තුව යම් මැදිහත් වීමක් කරනවා ඒනිසා නීතිපත් දෙපාර්තමේන්තුව පරණ හොරු අල්ලන්නේ නැතුව අලුත් හොරු අල්ලන්න කිඅන එක තමයි චෝදනාව. අපිට තියන ආරංචි වල හැටියට රවී කරුණානායක තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙහෙය වන්නේ රවී කරුණානායක. තිලක් මාරපන සීට් එකේ ඉදගෙන ඉන්න එක විතරයි කරන්නේ.”

තජුඩීන්ගේ වාහනය පසුපසින් ශිරන්තිගේ ඩිපෙන්ඩරය එලෙවුවා...!!!

වසීම් තාජුඩීන් මරණයට පත් වූ දා රාත‍්‍රියේ වතුර බෝතලයක් ගන්නට කඩයක් අසල වාහනය නතර කල බවත් ඉන් පසු එම රථය පසුපසින් ශිරන්ති රාජපක්‍ෂගේ පදනමේ ඩිෆෙන්ඩර් රථය ගිය බවත් තජූඩීන්ගේ මරණයෙන් පසු ඩිෆෙන්ඩරයේ පැහැය තුන්වරක් මාරු කර ඇති බවත් ජවිපෙ නායක අනුර දිසානායක  පවසයි.

අලිමංකඩ පාමංකඩ හරහා වැලිමංකඩට දැක්කිය යුතු පට්ට හොරා...!!!

අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගිය රවි කරුණානායක ඊළගට වැලිකඩට…
ඒකාබද්ධ විපක්‍ෂය විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මයෙන්දිරයේදී ‘බැඳුම්කරේ කාගේ කරේ’ යන තේමාව යටතේ විශේෂ සම්මන්ත්‍රණයක් සංවිධානය කොට තිබිණි.
මෙම සම්මන්ත්‍රණය අමතා ආචාර්ය නාලක ගොඩහේවා, ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්  ද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ කැඳවුම්කරු බන්දුල ගුණවර්ධන, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල  කළ කතාව.
‘බැඳුම්කරේ හොරකම ගැන අවුරුදු දෙකක් තිස්සේ අහලා අපිට දැන් ඇතිවෙලා තියෙන්නේ. රවි කරුණානායකගේ ඇමතිකමත් දැන් අහිමි වෙලා ඉවරයි. එහෙමනම් දැන් තියෙන්නේ මීලගට කළ යුත්තේ කුමක්ද? මේ සටන මෙතනින් ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියන එකයි.  ඒයයි අපි ඉදිරියේ ඇති අභියෝගය.

ශිරන්තිට සීඅයිඩියේ දී හදිසියේම සිංහල බැරි වෙයි..!

සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රිය බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ “තමා සිංහල කියවීමට දන්නේ නැතැයි“  (16) රහස් පොලිසියේ දී කියා සිටියා ය. 
පැහැරගෙන ගොස් වධ දී ඝාතනය කර රිය අනතුරක් සේ ඇඟවූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ තිරශ්චීන ඝාතනය ගැන සිදුකරගෙන යන පරීක්ෂණ වලදී ඝාතකයන් භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයේ ඒ වන විට අයිතිකාරිය වූ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගෙන් ඒ පිළිබඳ කට උත්තරයක් ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට ඇයව ඊයේ කැඳවා තිබිණ.
පැය ගණනාවක ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු එය කියවා ඊට අත්සන් කරන්නැයි රහස් පොලිස් නිලධාරීන් ශිරන්තිට කී විට ඇය තමාට සිංහල කියවීමට දන්නේ නැතැයි කියමින් නීතිඥයාගේ සහාය අවශ්‍ය යැයි දන්වා සිටියා ය. ආරම්භයේ දී ද ශිරන්තිගෙන් ප්‍රශ්න කරද්දී තමාට හෝ තම නීතිඥයාට ලඟ සිටිය හැකිදැයි මහින්ද රාජපක්ෂ රහස් පොලිසියෙන් ඉල්ලා සිටි නමුත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කර තිබිණ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.