ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 13, 2017

පාරෙ ඉන්න හිඟන්නො වගෙද අපි...හොර කරුප්පයියා කියයි...!!!

අහෝ ... මේ ජාතික හොරාට පිරිත් නූල් බඳින මෙහෙමත් නිවට මහණුන්...!!!හොරා නැවත ජාතික ඇඳුමට බැහැලා...!!!


මට කල දේ කැරකිලා ඒවා කරවු අයටත් බලපානු ඇති බව මෑතකදී ඉල්ලා අස්වූ හිටපලු විදේශ හා මුදල් ඇමති රවි කරුණානායක  පවසයි.
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.වීඩියෝ

මහජන ධනය විලිලැජ්ජාවකින් තොරව හොරාකන හොරු රැලක්

යහපාලන ආණ්ඩුවේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේ…  ඒ හොරත්, මේ හොරත් හැර තවත් හොරු සිටිත්ද?

මහජන ධනය විලිලැජ්ජාවකින් තොරව හොරාකන හොරු රැලක් හෙළිදරව් වෙමින් තිබීම පින් ඇති මහත්තුරුයැයි වන්දනාමාන කරමින් සිටි ජනතාවට හොඳ .
 පාඩමක් බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික භික්‍ෂු පෙරමුණ පවසයි.
ඒ හොරත්, මේ හොරත් හැර තවත් හොරු සිටිත්ද?
යහපාලන ආණ්ඩුවේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන තවත් මහා සොරකමක් මේ වන විට රට හමුවේ හෙළිදරව් වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස විදෙස් ඇමතිව සිටි හා ඊට පෙර මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඇමතිවරයෙකුට දූෂණ චෝදනා ඇතිවිට ධුරයෙන් ඉල්ලා අස්වී පරික්‍ෂණවලට සාධාරණය ඉටුකිරීම මහත්මා දේශපාලනය වුවත් රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමෙන් ඒ මහාත්මා දේශපාලනය පෙන්වා නැත.
සිදු වූයේ ජනතාවාදී දේශපාලන පක්ෂ හා ජනතාවත්, මාධ්‍යයත්, කෝප් කමිටුව, දූෂණ විරෝධී හඬ, වෘත්තීය සමිති, හා ජාතික භික්‍ෂු පෙරමුණ වැනි බලපෑම් කණ්ඩායම් බොහෝ වෙහෙසදරා කළ නොනවතින අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ඉල්ලා අස්වීමට සිදුවූවා මිස මහත්මයෙකු මහාත්මාකම පෙන්වීමක් නොවේ. ආණ්ඩුව හා ධනපති කල්ලි කණ්ඩායම් සියල්ල සමගින් ඇතැම් මාධ්‍ය උත්සාහ කළේ මේ මහබැංකු සොරකම වසන් කර හොරු රැකිමටයි.

විදේශගත ඔබට ලංකානිව්ස් වෙතින් පණිවිඩයක්....!!!

විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකික ඔබ දේශීය එළවළු පළතුරු ගැනීමට ඇතැම් කඩවලට යන බැව් නොරහසක්.ඒ ඵළවළු පැහැයෙන් ඉතාම අළුත් සේ දිස්වුවද ඒවා මිළදීගෙන ගෙදර ගෙනගොස් දිනක් පසුවන විටම අවපැහැ ගැනී නරක්වී යාම සුලභය.මෙයට හේතුව ඒ කූට වෙළඳ අපතයන් උදේ සහ රාත්‍රී ඵම ඵළවලු අසුරා ඇති රාක්ක වටා කුඩා සේලයින් බට හෝ ඵවැනි සිහින් බට යොදා ඔක්සිටොසීන් ( OXYTOCIN) නම් ඉතා විෂ රසායනිකයක් ස්ප්‍රේ කිරීමය..සමහර ඵළවලු වර්ග ඩයි දමා සෝදති.මේ විවිධවූ රසායනිකයන් නිසා පිළිකා සිට මාරාන්තික ආබාධ ද ඇතිවේ.බොහෝ ද්‍රවිඩ කඩවල මේ දෙය නොනවත්වා සිදු කරති .එම නිසා හැකි සෑම විටම ඔබ ජීවත් වන රටේ පිළිගත් සුපර්මාකට් තුළ ඇති ප්‍රමිතියෙන් යුතු ඵළවලු සහ පළතුරු මිළදී ගන්න.ඔබගේ හිතවතුන්ටද කියන්න....බලන්න පහත වීඩියෝ ..

දප්පුල ද ලිවේරා...!!!

මුළු රටම බලා සිටින්නේ ජනාධිපති බැඳුම්කර කොමිසම දෙසය. මේ කොමිසමේ මහා වීර චරිතයට පණ පොවන්නේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා  ය. අද මේ නාමය රටටම ප්‍රසිද්ධය. එසේම රවි කරුණානායක ද (හොඳට හෝ නරකට) අද රටේම අවධානය යොමුව සිටින පුද්ගල චරිතයයි. මේ රවී කරුණානායකගෙන් කොමිසම හමුවේ අභීතව ප්‍රශ්න කළේ දප්පුල ද ලිවේරාය. ඔහු රවි කරුණානායක ගෙන් ප්‍රශ්න කළේද වෙනදා මෙන්ම ඔහුගේ සුපුරුදු හඬින් සහ ඔහුටම ආවේණික සුපුරුදු විලාසයෙනි. එහි කිසිම වෙනසක්‌ දක්‌නට නොලැබිණි. දප්පුල ද ලිවේරා බැඳුම්කර කොමිසම හමුවේ මීට පෙර වරක්‌ ප්‍රකාශ කළ් නීතිපති මෙහිදී කටයුතු කරන්නේ මහජනයාට යුක්‌තිය ඉටු කරදීම වෙනුවෙන් බවයි. මේ නිසා යුක්‌තියේ ජයග්‍රහණය උදෙසා දප්පුල ද ලිවේරා  ප්‍රමුඛ කණ්‌ඩායම බැඳුම්කර කොමිසම තුළ අභීතව කටයුතු කරන බව අපට පෙනෙන්නට තිබේ. ඒ උදෙසා ඉමහත් කැපවීමෙන් ඔවුන් කටයුතු කරන බවද අපට දැනෙන දෙයකි. ඒ සම්බන්ධයෙන් දප්පුල ද ලිවේරා  ඇතුළු කණ්‌ඩායම බැඳුම්කර කොමිසම හමුවේ ඉටු කරමින් සිටින කාර්යභාරය ගැන අද කාගේත් අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳ ඇතැමුන්ට කෙසේ වෙතත් බොහෝ දෙනෙක්‌ තුළ ගෞරවයක්‌ ද ජනිත වී තිබේ. ඒ අන් කිසිවක්‌ නිසා නොව මේ බැඳුම්කර මගඩියෙන් ඉමහත් අගතියට පත්ව සිටින මේ රටේ අතිමහත් මහජනතාවට යුක්‌තිය ඉටු කර දිය යුතුව ඇති නිසාය. මේ දප්පුල ද ලිවේරා කවුද...?

බැසිල් මහත්තයා සල්ලි දුන්නා ඇති වෙන්න අපි බෙදුවා…. !!!

 ජනතාව රවටා බලයට ඒමට දේශපාලන අපතයන් කළ කී දෑ වමාරන අපතයෙක්...!!!


 පසුගිය ජනාධිපතිවරණයේදි රටේ ජනතාවගේ බදු මුදල් ඉවක් බවක් නොමැතිව තැන තැන බෙදා දුන් අකාරය පිළිබදව ඊයේ(12) කළුතර දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මහින්ද අමරවීර අනාවරණය කළා…
“අපි මොනවද නොකළේ අපි හැම ගොවියෙකුටම බීජ වී කියලා චෙක් එකක් දුන්නා. ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල වී පිරිලා සල්ලි දෙන්න ඕන නිසා චෙක් ලිය ලිය දුන්නා. ඡන්ද  ටික ගන්න. බැංකුවල තිබ්බ සල්ලි ටික අරගෙන අපි ඒවා දුන්නා නිවාස රෙපයාර් වලට කියලා සල්ලි. ඊට පස්සේ සිල් රෙදිත් බෙදුවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි ඒ විතරක් නෙමෙයි අලත් බෙදුවා. අල කිලෝ 5 ගානේ අපි ආණ්ඩුවේන් ෂොපින් බෑග් එකත් අරගෙන ගෙවල් වලටගිහිල්ලා බෙදුවා. නුවරඑළියේ අල විකුණ ගන්න බැරි උනාම අපි ලොරි අරගෙන ගිහිල්ලා ඒ අල අරගෙන ඇවිල්ලා නිකම් බෙදුවා. හම්බන්තොට එක්ක වටේ තියන දිස්ත්‍රික්ක ගණනාවක බෙදුවා. අපි නොකර දෙයක් නෑ. මිලියන 765 හැම තැන්වලටම හැම ආසනයකටම බැසිල් මහත්තයා සල්ලි දුන්නා ඇති වෙන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.