ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 11, 2017

බුදු හාමුදුරුවො, ක්‍රිස්තුස්වහන්සේ අපවාදයට ලක්වූයේ රවී මෙන් සොරකම් කරලා නොවේ.. !!!

 
මිනීමැරුමක් ගැන හොයනකොට කසිප්පු කාරයෙක් අහුවුනා…!!! පුද්ගලයෙක් යම් වංචාවකට හසුවුවහොත් ඔහු ඉවත් විම වංචාවට දඬුවම නොවන බවත් එම නිසා නිශ්චිත පරිදි දඬුවම් ලබාදීමේ ආයතන වෙත ඔවුන්ව ඉදිරිපත් කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.“ජනතාව මත බර පටවන IMF බදු පනත එපා” යනුවෙන් දේශීය ආදායම් පොදු සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයේදී මන්ත්‍රීවරයා සදහන් කලේ කොමිසම පත් කළේ බැඳුම්කර වංචාව ගැන සෙවීමට බවත් දැන් සිදුව ඇත්තේ මිනීමැරුමක් ගැන හොයනකොට කසිප්පු කාරයෙක් හසුවූවා වැනි දෙයක් බවත්ය.වීඩියෝව මෙන්න

රවීට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි….

මහජන දේපොළ හොකරම් කරපු හොරුන්ට පිරිත් නූල් බඳිනවා…ඇඳ සිටි රෙදි ගලවා දමා වෙනත් ඇඳුමක් ඇන්ද පමණින් නිවැරදිකරුවෙක් වෙන්නේ නැහැ....!!!
 රවී කරුණානායක කියනවා නම් ඉතිහාසය විසින් ඔහු නිවැරදි කරයි කියලා එසේ සිදුවන්නේ අපේ රටේ ජනතාව වහල්ලූ පිරිසක් බවට පත්වුණොත් පමණයි. එසේ නොමැතිව අනාගතයේ අපේ රටේ පුරවැසියන් බිහි වෙනවා නම් රවී කරුණානායකට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි. අද වගේම රවී කරුණානායක සිප වැළඳ ගන්න, මුහුණ සිඹීන, අත සිඹින වහලූන් පිරිසක් බිහි වුවහොත් රවී කරුණානායක නිවැරදි වේවි.
 නාමල් රාජපක්‍ෂ හිරෙන් නිදහස් වී එළියට එන විට එන්නේ කැබ් රථයක වහලට නැගී රැජිනි කාන්ත් චිත‍්‍රපටයක රඟපානවා වගේ. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු බන්ධනාගාරයට ගෙනයන විට මිනිස්සු ගිහින් බන්ධනාගාර බස් රථය වට කරනවා. වංචාවක් කරලා බිත්තියට හේත්තු වූ පසු ඉල්ලා අස්වීමට සිදුවූ රවි කරුණානායකට සූත‍්‍ර පිටකයේ වැකි දේශනා කරන හාමුදරුවරු ඉන්නවා. බදාගෙන සිප වැළඳගන්නා ජනතාවක් ඉන්නවා. අපි තේරුම් ගත යුතුව තිබෙනවා අපේ රට මොන තරම් ගැඹුරු ආගාධයක ගිළිලා තිබෙනවාද කියන එක. මහජන දේපොළ හොකරම් කරලා සිරගත වන හොරුන්ට පිරිත් නූල් බඳින, හොරකම් කරලා රෝහල්ගත වනවිට කිරි වීදුරු පොවන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපේ රට කොයි තරම් ගැඹුරු සමාජ අර්බුදයක් ගිලී තිබෙනවාද? මේ විදිහට හැසිරෙන ජනතාව දැක්කාම අපේ රටේ දරුවන්ට හිතෙන්නේ මොනවද? ඔවුන් අනාගතයේ තමන්ගේ වෘත්තීය ලෙස හොරකම් කිරීම තෝරා ගත්තොත් එය පුදුමයක් නෙවෙයි නේද  ?. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අනුර කුමාර දිසානායක මෙසේද සඳහන් කළේය.

මෙන්න තවත් ගැහිලි...!!!

මේක තමයි එන් ට්‍රස්ට් එක.
“ඊලඟට විවිධ සේවා සමූපකාර සමිතියේ සල්ලි මිලියන 600ක් ගහලා තියනවා මේකෙන්. එතකොට මේකේ වගකීම ගන්න ඕන කවුද එවකට හිටපු මුදල් ඇමතියි මහ බැංකුවේ අධිපතියි. මහබැංකු අධිපතිවරයා කියන්නේ කවුද එයාගේ නංගි වැඩ කළේ අධ්‍යක්ෂකවරයෙක් විදියට අර්ජුන් ඇලෝසියස්ගේ කොම්පැනියේ. නිවාඩි කබ්රාල්ගේ නංගි අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක්, මෙයා මහබැංකුවේ අධිපතිවරයා. එන් ට්‍රස්ට් එකෙන් හොරකම් කරපු සල්ලි වලින් මොකද කළේ කාල්ටන් රග්බි තරගාවලියට මුදල් අනුග්‍රහය ලබා දුන්නා. ක්‍රීඩකයන් වෙන්දේසි කරනකොට එක ක්‍රීඩකයෙකුට එන් ට්‍රස්ට් එකෙන් හොරකම් කරපු සල්ලි වලින් රුපියල් ලක්ෂ එකසිය එකලොහක් ගෙවනවා. කවුද මේ ක්‍රීඩකයා යෝෂිත රාජපක්ෂ. එන් ට්‍රස්ට් එකෙ කෝට් 1200ක් කියන එක ලොකුම වංචාවක් මූල්‍ය කේෂ්ත්‍රයේ....

සරල ජනාධිපති ඩොලර් මිලියන 25 කට කෙළලා....!!!

 ශ්‍රි ලංකා ටෙලිකොම් හි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සොහොයුරු පී.ජී. කුමාරසිංහ ය, ලාෆ් ගැස් අධිපති ඩ්බ්ලිව්, කේ. වෑගපිටිය ඇතුළු අධ්‍යක්ෂවරු පත් කොට ඇත්තේ ද ජනාධිපතිවරයා විසිනි. එහෙත් මෙම අමාත්‍යාංශයේ නම සඳහන් විදුලි සංදේශය කොමිසම තිබෙන්නේ ජනාධිපතිවරයා යටතේ ය, එහි සභාපති ජනාධිපති ලේකම් ය එම ආයතනය හරහා මහා පරිමාණ වංචාවක් සිදු වී ඇති බැව්  වාර්තාවී ඇත.
එය බැදුම්කර මගඩියට නොදෙවෙනි මහා පරිමාණයේ වංචාවකි.

මෙකල දික්කසාද වීම් බහුල වී ඇත්තේ ඇයි ?

අද විවාහ ජීවිතවල විවිධ ක්‍රමානුරූපී වෙනස්වීම් සිදු වී තිබේ. වර්තමාන සමාජය බොහෝ සංකීර්ණය. ඒ නිසාම විවාහ ජීවිතවල විවිධ පැතිකඩ ඉතා සීඝ්‍රව වෙනස් වෙමින් පවතී. අද ඇත්තේ ස්ත්‍රිය හා පිරිමියා සමතැන උසුලන සමාජයකි. බටහිර රටවල කෙසේ වෙතත් මෙරට දී නම් උගත්කම ලබා සමාජ ඉතා ඉහළ සමාජ මට්ටම් නියෝජනය කරන ස්ත්‍රීන් බොහෝ පිරිසක් සිටිති. මෙරට පුරුෂ පක්ෂය ඇතැම් අවස්ථාවලදී මේ නිසා උසුලනු ලබන්නේ දෙවන පෙළ මට්ටමක් ලෙස දක්විය හැක. ඒ තරමින් මෙරට කාන්තා නිදහස, සම අයිතිවාසිකම් ස්ථාපිත වී තිබේ. ආගමින්, සමාජ, ආර්ථික, සංස්කෘතික, සාහිත්‍යමය, අධ්‍යාපනික, වෘත්තීමය ආදී බොහෝ සමාජ පැතිකඩ වල ස්ත්‍රීය මූලිකත්වය ගෙන ඇත. එසේ ගැනීමට හැකි පරිදි ඇයගේ අයිතිවාසිකම් ස්ථාපිතව ඇත. බුදුද දහමින් ලද ශික්ෂණය මත ලාංකේය සමාජය තුළ ස්ත්‍රියට ඇත්තේ ඉතා ගෞරවණීය පිළිගැනීමකි. එසේම සමාජයීය වශයෙන් මෙරට සංස්කෘතිය තුළ ස්ත්‍රියට හිමි වනුයේ ප්‍රධානත්වයකි. වර්තමානයේ දේශපාලනික ස්ථරයතුළ පවා ස්ත්‍රිය අනුක්‍රමයෙන් පෙරට එනු දක්නට ලැබේ. ජනාධිපති, අගමැති, ඇමති තනතුරු ආදී ඉහළම සමාජ මට්ටම්වල සිට නොයෙක් විෂය ‍ක්ෂේත්‍රවල ලාංකේය ස්ත්‍රියට ප්‍රධාන විධායක තනතුරු හිමිවිය. බොහෝ රාජ්‍ය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ආදියෙහි ද පිරිමියා අබිබවා ස්ත්‍රිය එහි මුල්පුටුවලට පැමිණීමට සමත්ව සිටී. මේ නිසා පවතින සමාජ ක්‍රමයේ ඇතැම්විට ස්ත්‍රිය සිටිනුයේ පිරිමියාටද වඩා ඉහළ ස්ථානයකය.මේ තත්වය මත ස්ත්‍රියට පෙරට වඩා විශාල වගකීමක් දරන්නට සිදුවීම මත ඇයගේ විවාහ සංස්ථාවට පවා අයහපත් බලපෑම් එල්ල වී තිබේ.

රථවාහන අවම දඩය විසිපන්දාහ තෙක් ඉහල දැමේ…

රථවාහන වැරදි කිහිපයක් සදහා අවම දඩ මුදල රුපියල් 25,000 තෙක් වැඩි කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
මෙසේ අවම දඩ මුදල ඉහල දමා ඇත්තේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, රියදුරු බලපත්‍රයක් නැති පුද්ගලයින් සේවයේ යෙදවීම, මත්ද‍්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, දුම්රිය හරස් මාර්ගයකින් අපරික්ෂාකාරීව ඇතුළු කිරීම, වලංගු රක්ෂණාවරණයක් නැති වීම යන වැරදි සදහායි.

කීර්තිමත් හොරාගේ තාවකාලික නික්ම යාම...!!!

නව දේශපාලන සංස්‌කෘතියක්‌
වෙනුවෙන් තනතුර කැප කරනවා

කරුපයියාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌....


ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්‌කෘතියක්‌ වෙනුවෙන් තම තනතුර කැප කරන බව පවසමින් විදේශ ඇමැති රවි කරුණානායක ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කර විදේශ කටයුතු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූවේය.

* දුකකින් නොවේ තීරණය ගත්තේ ආඩම්බරයෙන්
කිසිදු දුකකින් හෝ කම්පාවකින් හෝ නොව ආඩම්බරයෙන් යුක්‌තව මෙම තීන්දුව ගත් බව පවසමින් කරුපයියා විශේෂ ප්‍රකාශය අවසන් කර ඉදිරි පෙළ අසුනේ සිට පසු පෙළ අසුනකට ගොස්‌ අසුන් ගත්තේය. සිය ලිපි ගොනු ද රැගෙන කරුපයියා පසු පෙළ අසුන වෙත යද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් අත්පොළසන් දෙමින් ප්‍රසාදය පළ කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කළහ.


කරුපයියා සිය විශේෂ ප්‍රකාශය කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු විටින් විට ඝෝෂා කරන්නට වූහ.
කරුපයියාගේ කතාවෙන් පසුව අගමැතිවරයා ද ඒ පිළිබඳ කතා කළේ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව මැද්දේය. අගමැතිවරයා කළ ප්‍රකාශයෙන් පසුව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්  ද
කරුපයියා ගත් පියවර අගයමින් ප්‍රකාශයක්‌ කළේය. සම්බන්ධන්  කතා කර සිය අසුනේ හිඳගත් අවස්‌ථාවේදී දිනේෂ් ගුණවර්ධන සම්බන්ධන්ට දොස්‌ නගමින් ඒ අසලට එද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාව මැදට පැමිණීමට උත්සාහ කළහ.

කරුපයියා ඉල්ලා අස්‌වෙමින් සභාවේ කළ කතාව මෙසේය.වීඩියෝව

රවි නාමිකව ඇමති ධූරයෙන් ඉල්ලා අස්වේ..


මාස 3 කින් නැවත ලැබෙන පදනම් මත සියලු අමාත්‍ය වරප්‍රසාද භුක්ති විදිමේ අයිතිය..

ජනාධිපති සහ අගමැති සමඟ රවි කරුණානායක අමාත්‍යවරයා පැවත්වු සාකච්ඡාව සඳහා අතරමැදියකු ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහභාගි වී දෙපාර්ශ්වයටම වාසි Win Win Situation වන අන්දමින් කොන්දේසි සහිත අවබෝධතාවයකට එලබීමෙන් පසුව මාස 3 ක් සඳහා තාවකාලිකව සියලුම අමාත්‍ය වරප්‍රසාද සහිතව වැඩබලන අමාත්‍යවරයෙකු පත්කරන පදනම මත අද සවස විශේෂ ප්‍රකාශයක් කරමින් සමස්ථ ආණ්ඩුව බේරාගැනිමේ අරමුණෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත.
එල්ල වී ඇති චෝදනාවන් සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ අවසන් වන තෙක් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා විදේශ ඇමති රවි කරුණානායක  විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුවත් ඇමති කාර්ය මණ්ඩලය ඇතුළු ඇමතිවරයෙකුට හිමි සියළු වරප‍්‍රසාද එම කාලය තුදීද ලබා දීම, තුන් මාසයක කාලයක් තුල බැදුම්කර කොමිසමේ කටයුතු අවසන් කිරීම ආදී කොන්දේසි කිහිපයක් ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇතැයි පැවසෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.