ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 8, 2017

රවිගේ රවිගේ fපුල් බොඩි චෙකප් එකක්‌ කරන්න ඕනෑ

අද උපාධිධාරි උගත් තරුණ තරුණියන් ලක්‍ෂ ගණනාවක්‌ රැකියා පෝලිම්වල සිටියදී රට කරවන පාර්ලිමේන්තුවේ අ. පො. ස. සාමාන්‍ය පෙළ අසමත් 96 දෙනකු හා අ පො ස උසස්‌ පෙළ අසමත් 112 දෙනකු මහජන නියෝජිතයින් ලෙස ඉන්නවා යෑයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න  06 දා බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවැති රැස්‌වීමකදී පැවසීය. අධ්‍යාපන සේවා නියුක්‌තිකයන්ගේ සමුපකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ ඌව පළාත් ශාඛාවේ පවුල්වල දරුවන් වෙනුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට මෙම රැස්‌වීම පැවැත්විණි.

රවී facebook මෙහෙයුමක් අරඹයි

මාධ්‍ය වාර්තා සියල්ලම බොරු….ඇමතිකම,එජාප තනතුරු කිසිවක වෙනසක් නෑ….
හිටපු මුදල් අමාත්‍ය,වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායකගේ අමාත්‍ය ධුරය සහ එක්සත් ජාතික පක්ෂයේ නිළතල වලින් ඉවත් විම සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේන අවස්ථාවේ අමාත්‍යවරයාගේ මුහුණු පොතේ (facebook) සටහනක් තබමින් සදහන් කර ඇත්තේ එජාප තනතුරු හෝ අමාත්‍ය තනතුරු වල කිසිදු වෙනසක් නොවන බවයි.
පහත දැක්වෙන්නේ අමාත්‍යවරයා සිය නිළ facebook තබා ඇති සටහහනයි….

කුඩු බිස්නස් කරන්නේ කැබිනට් ඇමතිවරු සහ හෙන්චයියලා නොවේද.. සරසවි ඇදුරෝ ජනපතිගෙන් විමසති…

කැබිනට් ඇමතිවරු සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල පිරිස් ඍජුවම කුඩු ජාවාරමට සම්බන්ධවීමත් රජය ඒ ගැන නිහඬ ප්‍රත්පත්තියක් අනුගමනය කිරීමත් ගැන ප්‍රශ්න කරමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
පහත දැක්වෙන්නේ එම ලිපියයි.

ඇමැති ලේකම්ගේ රස්‌සාව කුඩු

කන්ටේනර පිටින් කුඩු මෙරටට ගෙන එන මුත් ගෙන්වන මිනිහෙක්‌ හොයාගන්නට නැත. කුඩු තොග ගණනින් අත්අඩංගුවට ගන්නා නමුත් ඒවාට වෙන දෙයක්‌ නැත. ආණ්‌ඩුවට විසඳන්නට (විස ගන්නට) ඇති බොහෝ ප්‍රශ්න තිබෙන නිසා මෙවැනි සිල්ලර ගණයේ ප්‍රශ්න පසුවට කල් තබා තිබෙනවා වන්නට පුළුවන. එහෙත් සෙස්‌ස පස්‌සට තැබීමේ විපාකය රටම "කුඩු" වීම වන්නට බැරි නැත. එය අප අවවාදයක්‌ ලෙස නොව පූර්ව සූදානමක්‌ ලෙස සිහිපත් කර සිටිමු.

මේ රටේ නමගිය කුඩු කප්පිත්තන් හිරේය. එහෙත් රට පුරාම විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම ත්‍රිපෝෂ බෙදනවාටත් වඩා පහසුවෙන් සිදු වන බව පෙනේ. එසේ කරන්නට "හයියක්‌" වුවමනාය. එසේ මෙසේ හයියක්‌ නොව දේශපාලන හයියක්‌ය. ඒ බව තහවුරු කරන ප්‍රවෘත්තියක්‌  (07 දා) "දිවයින" මුල් පිටුවේ සඳහන්ව තිබිණි. එම ප්‍රවෘත්තියට අනුව "ප්‍රබල ඇමැතිවරයකුගේ" පෞද්ගලික ලේකම්වරයකු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරද්දී කොටුවී තිබේ. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සිදු වීම තහවුරු කර ඇති නිසා ඒ ගැන සැකයක්‌ නැත. නැතිනම් මේවා අදහාගන්නටත් බැරි තරමේ "නිවුස්‌" ය. අපට හිතෙන්නේ කොතැනක හෝ වරදක්‌ සිදුව ඇති බවය. කෙසේ හෝ මේ "ලේකම්තුමා" එසේ මෙසේ වැඩකාරයකු නොව සුපිරි වැඩකාරයෙකි. කාට අසු වුණත් වැඩේ ගොඩින් බේරා ගැනීම සඳහා හෝ සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ රාජකාරි හැඳුනුම්පතද තිබී ඇත්තේ මේ පුද්ගලයා ළඟය.

සම්පූර්ණ ෆෙඩරල් සමග උතුරට ස්‌වයංපාලනයක්‌ ඉල්ලයි...

උතුරේ ජනතාවට සම්පූර්ණ ෆෙඩරල් පාලනයක්‌ සහිත ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බව ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සම සභාපති පී. ලක්‌ෂ්මන් යාපනය පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සම්මන්ත්‍රණය අමතා තවදුරටත් කරුණු දැක්‌වූ ලක්‌ෂ්මන්  යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව බොරුවලින් කෙටුම්පත් කර ඇතැයිද පවසා තිබේ.

බොරුවලින් ද්‍රවිඩ ජනතාව මුලාකර ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීමට රජය උත්සාහ කරනවා. අවාසනාවකට අපේ සමහරු ඊට එකඟවී තිබෙනවා යෑයි හෙතෙම එහිදී කියා ඇත.

 
නව ව්‍යවස්‌ථාවට විග්නේෂ්වරන්ගෙන්
අනිවාර්ය නිර්දේශ 3ක්‌...

ගල්කිස්‌සේ මත්ද්‍රව්‍ය සිද්ධියට හවුල් පොලිසියේ 2 ක්‌ ගැන පරීක්‌ෂණ...

ගල්කිස්‌ස හෝටල් පාරේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මඟින් පසුගිය 5 වැනිදා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අමාත්‍යාංශ නිලධාරියා සහ ඔහුගේ මිතුරන් තිදෙනාගෙන් ලැබුණු තොරතුරු මත ඊට සම්බන්ධ යෑයි සැකකරන සහකාර පොලිස්‌ අධිකාරිවරයකු සහ ගල්කිස්‌ස පොලිසියේ නිලධාරියකු පිළිබඳව පොලිස්‌ පරීක්‌ෂණ ආරම්භ කර ඇතැයි විශේෂ කාර්ය බළකා නිලධාරියෙක්‌ පැවසීය.මුහුණු පොතට සම්බන්ධ තරුණ තරුණියන් පිරිසක්‌ හවුල් කරගෙන ඉකුත් සෙනසුරාදා ගල්කිස්‌ස වෙරළේ පැවති සාදයක්‌ සඳහා මෙම මත්ද්‍රව්‍ය ගෙනැවිත් ඇති බව පරීක්‌ෂණවලදී හෙළිවී තිබේ.
එදින සවස ගල්කිස්‌ස වෙරළට වෙනදා නොමැති තරම් තරුණ තරුණියන් පිරිසක්‌ පැමිණ සිටීම පිළිබඳව සැක කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඒ පිළිබඳව සොයා බැලීමේදී මුහුණු පොතෙන් හඳුනාගත් තරුණ තරුණියන්ගේ සාදයක්‌ එදින පස්‌වරුවේ එහි පැවැත්වෙන බව දැනගෙන ඇත.

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් කිහිප වතාවක් ප්‍රභූ පර්යන්තයෙන් අමාත්‍යවරයා සමඟ විදෙස් ගත වී ඇති බව හෙලි වෙයි..

වර්තමාන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ මහජන සම්බන්ධතා නිලධාරි සමීර මනහර නමැත්තා කොකේන්, හෂීස්, කුෂ්, පිල් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළු තවත් මත්පැන්, නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද සමග STF විසින් 06 දා අත් අඩංගුවට ගෙන තිබෙන නව එජාපයට හිත්වත් වෙබ් අඩවියක් වාර්තා කොට ඇත.
එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනුයේ අමාත්‍ය මංගල සමරවීරගේ MSD සේවයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්නගේ පොලිස් නිල හැඳුනුම්පත සහ ඔහුගේ බැංකු කාඩ් පතක්ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බවයි. Link
එහෙත් මේ මහජන සම්බන්ධතා නිලධාරියා අමාත්‍යවරයාගේ වරප්‍රසාද හරහා ඇමතිවරයා සමග පසුගිය කාලය තුලදි කිහිප වතාවක් පිටරට ගොස් පැමිණ ඇත්තේ රේගු පරීක්ෂාවලින් තොර ප්‍රභු පර්යන්තය හරහා යයිද අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කරයි.

බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…

මං පවු.. – කුඩු සමග අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් ගැන නිවේදනයක්..
 
ඇමති මංගල සමරවීරගේ මහජන සම්බන්ධීකරණ නිලධාරියා වන සමීර මනහර මත්ද‍්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්‍ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.