ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 6, 2017

පින්වත්නි සැබෑ සර්පයා දුටුවෙහිද...!!!

 රාජපක්ෂ පාලනය විසින් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම හොංකොං කේන්ද්‍ර කරගත් ෂැන්ග්‍රි ලා සමාගමට ඔප්පුවකින් සින්නක්කරව ලබාදීමේ ගනුදෙනුව අද කරළියට පැමිණ ඇත. එය මගහැර යා නොහැක්කේ බදුදීමට එරෙහිව මේ සා උද්ඝෝෂණ පැන නගින සමයකදී වීම නිසාත්, විදේශිකයන්ට ඉඩම් විකිණිය නොහැකි බවට ප්‍රතිපාදන රට තුළ පැවතීම නිසාත් හා තවමත් අනාවරණය නොවූ ඒ ආකාරයේ ඉඩම් ගනුදෙනු තවත් සිදුවී ඇද්ද යන ප්‍රශ්නාර්ථය අප හමුවේ මතුවන නිසාත්ය.

සම ලිංගික ආශාවල් ඇති වන්නේ ඇයි ?

සමාජ බිඳ වැටීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ කතාබහට මාතෘකාවක් වී තිබේ. සමාජයේ නීතිය,සාරධර්ම බිඳ වැටී ඇති බව ජනමාධ්‍ය මඟින් පෙන්වා දේ. දැනට අප ඉදිරියේ පවතින්නේ පුදුමාකාර ලෙසට සෘණාත්මක ආකල්ප නිසා ඔද්දල් වූ සමාජයකි. වංචනිකයින්ට ඕනෑම බොරුවක් කර අනුන්ගේ මුදල් ගසා කෑමට ඉඩ හැර ඇත.සමාජය දුෂිත වීමට මූළික සමාජ සංස්ථාවවූ පවුල් ඒකකයේ බිඳ වැටීම බෙහෙවින් උපස්ථම්භක වී තිබේ. අද ඇත්තේ වාණිජ අර්ථක්‍රමය විසින් ගිල ගන්නා ලද ගරා වැටුණු පවුල් සංස්ථාවකි. මේ ‍තුළ බිරිද හෝ ස්වාමියා විදේශගතවී ඇත. එසේ නොමැති නම් පැවති යුදමය වාතාවරණය නිසා සිය දෙමාපිය ඥතීන් අහිමි ඒ නිසාම සුරක්ෂිත බව නොලැබූ අසරණ  ළමා පරපුරක් අප හමුවේ පවතී. එක් අංශයකින් වාණිජ අර්ථක්‍රමයේ විවෘත දොරටු නිසා නිදහසේ රට තුළට ප්‍රවේශ වන ආගන්තුක විනාශකාරී ගතිසිරිත් පැවතුම් බඳු දේ මඟින් ළමා පරපුර ඇතුළු සමස්ත ජනතාව ගිළ ගනිමින් ඇත. තවත් අංශයකින් මෙරට ඈත අතීතයේ සිටම කාන්තාවට පැවති ගෞරවණීය ස්ථානය ක්‍රමයෙන් වියැකීයාම මාතෘ පදවිය හෑල්ලුවට ලක් වීමටක් බව පෙන්වා දිය හැක. විවිධ රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල් හා මූල්‍ය ප්‍රතිපදාන හරහා මෙරට ක්‍රියාත්මක වන බෞද්ධ සංස්කෘතියට හානිකර ප්‍රචාරාත්මක මතවාද යාන්ත්‍රණය ද එකී සංස්කෘතික සෝදා පාළුව වේගවත් කරවීමට සමත්වී තිබේ. වාසි,ලාභවලට ගිජු වූ ඇතැම් බුද්ධිමතුන්ගේ නිහඬ ප්‍රතිපදාව ද මේ තත්වය උග්‍ර වීමට හේතුවකි.

මොනාක්‌ ගනුදෙනුව ගැන මම දැන ගන්න ඕන ඇයි?

ඇමැති රවි කොමිසමෙන් අසයි .... ජනාධිපති බැඳුම්කර කොමිසම...!!!
 ඉකුත් අගෝස්‌තු 02 වැනිදා විදේශ ඇමැති සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක  ජනාධිපති බැඳුම්කර කොමිසමට පැමිණ උදේ 10.30 සිට සවස 3.00 පමණ දක්‌වා සාක්‌ෂි දුන්නේය. කොමිසම හමුවේ පෙනී සිටින නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා  රවි කරුණානායක ගේ සාක්‌ෂිය මෙහෙය වූ අතර ලිවේරා  මොනෑක්‌ නිවස ගනුදෙනුව ඇතුළු කරුණු ගණනාවක්‌ ගැන කරුණානායක මහතාගෙන් ඉතා දැඩිව ප්‍රශ්න කරන ලදී. පහතින් සඳහන් වන්නේ කොමිසම හමුවේ තමාගෙන් අසන ලද ප්‍රශ්නවලට ඔහු ලබාදුන් පිළිතුරුයි.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා - මම රවි කරුණානායක ව සාක්‌ෂියට කැඳවනවා.

ඇයි මගේ තාත්තට විතරක් චෝදනා? - රවී දියණිය ඔනෙලා අසයි

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රහාරයට ලක්ව සිටින විදේශ ඇමති රවී කරුණානායක සම්බන්ධයෙන් ඔහුගේ දියණිය ඔනෙලා විරන්ති කරුණානායක සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ දීර්ඝ ලිපියක් ලියමින් විමසා සිටින්නේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන්  දේවල් නිසා තම පියාගේ චරිත ඝාතනයක් සිදුව ඇති බවත් පසුගිය වසර දෙකක කාලයේ රට වැසියන්ට බොහෝ හොඳදේ සිදු කර නරක කිසිවක් නෑසූ පියා අවසානයේ සියලු සෘණාත්මක චෝදනා වලට ලක්කර වරදකරුවෙකු කිරීම අසාධාරණ බවත්ය. සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තමා ගරු කරන නමුත් එක් පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කරන මෙම පහරදීම ගැන නැවත සිතා බලන ලෙසත් විවෘත මනසින් ඒ ගැන සොයා බලා කරුනු තේරුම්ගන්නා ලෙසත්ඇය ඉල්ලා සිටී.
තම පියා කොමිසමෙන් එළියට ඇවිත් මාධ්‍යයට කියූ දේ නැවත මතක් කරමින් ඇය සිය සටහන අවසන් කර ඇත්තේ ‘සතුරන්ගේ පහරට ලක්වීමට වඩා මිතුරන්ගේ වැරදි අවබෝධය තමාට වඩාත් සිත්වේදනා ඇතිකරවන‘ බවයි.
ඔනෙලාගේ ෆේස්බුක් සටහන පහතින්...

අධ්‍යයන වැඩ මුළුව

ශ්‍රේෂ්ඨාධිකරණයේ - අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණයේ 
නඩු පැවරීම සම්බන්ධ අධ්‍යයන වැඩ මුළුව 
2017.08.05 දින 
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී....

යුද හමුදාව බැරැක්‌කවලට...

සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීම හෝ පරීක්‌ෂා කිරීමට හමුදාවට ඇති බලය අවලංගු කරමින් ආරක්‌ෂක අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත.
උතුරේ ඇතිවෙමින් පවතින කලහකාරී තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට හා ඒවා මැඩ පැවැත්වීමට මෙම චක්‍රලේඛය දැඩි බාධාවක්‌ වී තිබෙන බව ආරක්‍ෂක අංශ ප්‍රධානීහු කිහිප දෙනෙක්‌  පැවැසීය.
ත්‍රස්‌තවාදය සහමුලින් අවසන් වී නැති බවත් එල්.ටී.ටී.ඊ.ය මුලින් ආ විදිහටම යළි ඒමට හදන උත්සාහය නැවැත් විය යුතු බවත් පොලිස්‌පතිවරයා ප්‍රකාශ කර ඇති බව පෙන්වා දෙන එම උසස්‌ නිලධාරීහු එවැනි පසුබිමක්‌ තුළ සිවිල් වැසියන් පරීක්‌ෂාවට ලක්‌කිරීමට හමුදාවට ඇති බලය අවලංගු කිරීම ප්‍රශ්න සහගත ක්‍රියාවක්‌ බවත් පැවසූහ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.