ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 31, 2017

වරායක් කරගෙන යන්න බැරි නපුංසකයො රැලක්…- වරාය විකුණලා අත්පුඩිත් ගැහුවා

සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමය ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ  (30) කොළඹ දි පැවති මාධ්‍ය හමුවකදි හම්බන්තොට වරාය බදුදිම සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා.
“හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම ඒ බොරු පොරොන්දු දිලා තාවකාලිකව අත්හිටවලා මේ හොර ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. මේ ගිවිසුම අත්සන් කරන මොහෙතේ චීන නියෝජිතයා විසින් ප්‍රකාශ කළා දකුණු ආසියාවේ ප්‍රමුඛතම වරාය වශයෙන් ගොඩ නැගීම සිද්ධකරනවා කියලා. මේ ආණ්ඩුවේ ඇමතිවරු අත්පුඩි ගැහුවා. මේ හදපු වරායක් ක්‍රියාත්මක කරගෙන යන්න බැරි පාලක රැලක් පිටරටින් ආපු චීන නියෝජිතයාගේ ප්‍රකාශයට අත්පුඩි ගහන එක මොනතරම් විලිසංගයක් නැති වැඩක් ද? රටේ මේ පාලකයනේ වැරැද්ද මේ තියෙන්නේ. සියළු බලවේග එකතු කරලා ආණ්ඩුව ගෙන යන මේ වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා වූ වැඩපිළිවෙළ අපි සකස් කරනවා.”

සිරිසේන- වික්‍රමසිංහ දුෂ්ඨ ආණ්ඩුව කැබිනට් එකත් අන්දලා…ගොන් කැබිනට් එක රවට්ටලා..පෙන්නුවේ එකක් අත්සන් කලේ තව එකක්…

CM Port කියන චීන සමාගම සමග අත්සන් කල ගිවිසුම කොයි පැත්තෙන් බැලුවත් නීතිවිරෝධී ගිවිසුමක් බවත්  මේ ගිවිසුම අවලංගු කරන්න අවශ්මේ‍ය බවත්  ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර  (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළා.
“තායිලන්තය හරහා අගෝස්තු මාසෙදි කපලා ඉවර වෙනවා සේද මාවත. කැපුවට පස්සේ සේද මාවත කිලෝමීටර් 1600 කින් විතර කෙටි වෙනවා. සේද මාවත කොට වෙනකොට ශ්‍රි ලංකාව හරහා යන සේද මාවතේ නැව් ටික ඔක්කෝම යන්නේ හම්බන්තොට වරායට අත වනවනා දවසකට නැව් 500ක් විතර හම්බන්තොට මාගම්පුර ඓතිහාසික වරායේ දොරකඩින් යනකොට යන නැව් ටිකට තෙල් ටික වතුර ටික සපයන්න අපිට හැකියාව තියන කොට අපිට ඇති වෙන මොකවත් නොකළත්. එතකොට ඩොලර් වැහි වහින්න ගන්නවා. ඒ ඩොලර් වැහි වහිනකොට හම්බන්තොට වරාය අපිට අහිමි වෙනවා. කාටද ඒක අයිති චීනෙට. අද දෙනවා ඒ වරාය චීනෙට, කියකටද ඇ. ඩො 1400කට.”
“සිරිසේන- වික්‍රමසිංහ දුෂ්ඨ ආණ්ඩුව කැබිනට් එකත් අන්දලා තියෙන්නේ. මේ ගොන් කැබිනට් එක එක්කෝ අන්දලා රවට්ටලා නැත්නම් කොමිස් වලට අරගෙන තියෙන්නේ.

උසස් අධ්‍යාපනය අනතුරේ හෙලන බෞද්ධ විශ්වවිද්‍යාල

අපේ රටේ මිනිසුන්ගේ නූගත්කම අඩු අධ්‍යාපන හැකියාව බුදු දහම වැනි විෂයක් පිළිබඳ ඇති මෝඩකමට එසේම බලපා ඇත. මේ මෝඩකම නොමනා අන්දමින් ආයුධයක් ලෙස භාවිතා කිරීමට මේ රටේ බොහෝ අය හුරුව සිටිති. බුදු දහම පිළිබඳව මේ රටේ සාමාන්‍ය ප්‍රජාවගේ ඇති නොදන්නාකම බහුලව අවභාවිතා කරනුයේ භික්ෂූන්ය. මේ භික්ෂූන් වර්ග කීපයකට බෙදිය හැකිය. එක වර්ගයක් නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ භික්ෂූ කොටසයි. ඔවුන්ද යළිත් අනු කොටස් කීපයකට බෙදිය හැකිය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා උපාධිධාරීයෙකු වූ නමුදු පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයට අදාළව හා ඊට විරෝධී පරිබාහිර විෂය ක්ෂේත්‍රයකට අදාළ යැයි මේ අනු කොටසද යළිත් බෙදීමට ලක්කළ හැකිය. පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයට අදාළවන උපාධි ලැබූ හා ලැබීම පිණිස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂූ පිරිස ක්‍රමානූකූළව හීන වෙමින් පවතියි. ඒ අතර වෙනත් විෂය ක්ෂේත්‍රයන්වලට අයත් උපාධි ලැබූ හා ලැබීම පිණිස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂු පිරිස අනුක්‍රමිකව වර්ධනය වෙමින් පවතියි. ගිහි පිරිස අතර මේ තත්වය වඩාත් නරක අතට හැරී ඇත. ගිහියන් අතරින්ද පුරුෂ පාර්ශවය වඩ වඩාත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට යොමුවීම ඉතාම අඩුව ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමස්ත පිරිසගෙන් 65 % කටත් වඩා කාන්තාවන්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.