ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 23, 2017

පස් වැනි වරටත් සීනි සමග කොකේන් කිලෝ 160 ක් අල්ලයි..!!! රිෂාඩ් නිදහසේ ...!!!

පසුගිය වසරේ ජුනි 14 වෙනිදා සිට හය වැනි වරටත් මහා පරිමාණ කොකේන් තොගයක් ඊයේ රත්මලාන බොරුපන රජයේ ආර්ථික මධ්‍යස්ථානයට ආනයනය කරන ලද සීනි කන්ටේනරයක තිබී අල්ලා ගන්නා ලදී. මෙය සීනි සමග කොකේන් අල්ලා ගත් පස්වන අවස්ථාවයි. එක් අවස්ථාවක් ඉක්වදෝරයේ සිට ආ තේක්ක ලී කන්ටේනරයක් තුල කොකේන් තොගයක් තිබිණ. ඊයේ ඇල්ලූ තොගයට කොකේන් කිලෝ 160 ක් අඩංගු වූ අතර ඒවා කිලෝ 16 පැකට්ටු ලෙස පැකට් 10 ලෙස තිබිණ. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 300 ක් පමණ වේ.

‘පූර්ව මුස්ලිම් ජාතිකයන්ගෙන්‘ විශේෂ පණිවිඩයක්.... !!!

ඉස්ලාම් ආගම මිත්‍යාවක් බවත්, එය ප්‍රමාණයට වඩා ඇදහීමෙන් අතිශය භයානක ප්‍රතිඵල අත්වන බවත් ඉස්ලාම් ආගම අතහැර ගිය අයගේ සංගමය (පූර්ව මුස්ලිම් ජාතීන්) මෙරට මුස්ලිම් ජනතාව වෙන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
මුස්ලිම්වරුන් ඉස්ලාම් දහම ගැන ප්රවේසම් විය යුතුය – ලාංකික පුර්ව මුස්ලිම් සංගමය
හිතවත් මුස්ලිම් සහෝදර / සහෝදරියන් වෙත !
ඉස්ලාම් ආගම වෙනත් ආගම් හා සමාන හුදෙක් මිත්‍යා විශ්වාසයක් බව ඔබ දැනුවත් වීම ඉතා වැදගත්. එය සීමාව ඉක්මවා විශ්වසකිරීමෙන්/ඇදහීමෙන් භයානක ප්‍රතිඑල අත්විය හැක.
ඔබ විශ්වාසකරන ආකාරයටම අපද මෑතක් වනතුරු එය එසේ විශ්වාස කල නමුත් පසුව එය මිථ්යාවක් බව මනාව තේරුම් ගෙන එම විශ්වාසයන්ගෙන් ඉවත්වීමට කටයුතු කළෙමු. අපගේ අතීත අත්දැකීම සහ ඔබගේ වර්තමාන ක්‍රියාපිළිවෙත් සලකා බලන කල, අප ඔබට අවධාරණය කරන්නේ ලක්වාසී සියල්ලන්ගේම සුභසාධනය හා යහපත් ජීවිතය තකා ප්‍රවේසෙමෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවයි.නිවේදනය පහත දැක්වේ.

දේශාභිමානත්වය ජාතිවාදයේ ලේබලයෙන් නවතාලීමට තැත් දරණ කාළකණ්නි යහපාලුවන්ට ...!!!

ඥානසාර හාමුදුරුවන් උද්වේගකාරී ලෙස හැසිරෙන බවටත් ප්‍රකෝපකාරී ලෙස ආගම් වාදය සහ ජාති වාදය අවුස්සන බවටත් චෝදනා ලැබ ඇත. මෙය බෞද්ධ භික්ෂුවකට උචිත නොවන බවත්, උන් වහන්සේ වනගත ව කමටහන් වැඩිය යුතු බවත්, වැඩි වැඩියෙන් බණ දේශනා කරන්නට පෙළඹිය යුතු බවත්, ඇසෙන නෑසෙන ලෙස බිම බලාගත්වන ම මුදු මොලොක් ලෙස ම අදහස් පළ කළ යුතු බවත් බොහෝ දෙනෙකු පවසන්නේ ය.
උන්වහන්සේලා නිහඬව කමටහන් වැඩියහොත් විදේශීය අන්තවාදීන්ට තම මූලධර්මවාදී මත පතුරුවා බෞද්ධයින් තම ආගම් වලට හරවා ගැනීමේ කාර්යය ඉතා පහසුවෙන් කළ හැකි ය. නමුත්, ඔවුන්ගේ ඒ අන්තවාදී අරමුණ ඉටු කර සිංහල බෞද්ධයින් විනාශ කිරීම කළ නොහැකි වී ඇත්තේ අද භිෂුන් වහන්සේලා බෞද්ධයා සහ බුද්ධ සාසනය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී කටයුතු කරන නිසා ය. මෙය හඳුන්වන්නේ පර්යාප්ති සාසනය යනුවෙනි. අද ලංකාවේ තවමත් බුද්ධ සාසනය නොනැසී පවතින්නේ පර්යාප්ති සාසනය හේතුවෙනි. සමහරක් බෞද්ධ රටවලින් බුද්ධ සාසනය නැතිවී යාමට හේතු වූයේ භික්ෂූන් වනගත ව, සාමාන්‍ය ජනතාවගෙන් ඈත් ව විදර්ශනා වැඩූ නිසා ය. භික්ෂූන් සාමාන්‍ය ජනතාව සමඟ ගැටෙන තරමට බුද්ධාගම ද සුරැකෙනු ඇත.

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !!!

ඉන්දුනීසියාවේ බෞද්ධ විහාරස්ථාන 6ක් ගිනිතබා විනාශ කර ඇති අතර, ඉන්දුනීසියානු බලධරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගිනී තැබීම සම්බන්ධයෙන් ඉස්ලාම් භක්තිකයන් 7ත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය කටයුතු කර ඇති බවයි.
උතුරු සුමාත්‍රා දූපතේ, තන්ජුන් බාලි නගරයේ පිහිටි මෙම විහාරස්ථාන එරට සුළුතර චීන ජාතිකයන් සිය ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි සදහන්. සුමාත්‍රා දූපතේ ජීවත් වන චීන කාන්තාවක්, ඇගේ නිවස අසල පිහිටි මුස්ලිම් පල්ලියෙන් නැගෙන අධික ශබ්දය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව බෞද්ධ සහ කොන්ෆියුසියස් දහමට සම්බන්ධ පන්සල්වලට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක උරුම කමිටුව දඹුලු විහාරය ස්‌මාරක ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කිසිම තිරණයක්‌ ගෙන නැත....!!!

පුරාවිද්‍යා උපදේශක සභාව බොරුවක්‌ දඹුලු සෙල්ලම තාම ඉවර නෑ..!!!
.මෙයින් පෙනී යන්නේ අගමැතිවරයාගේ සහ ඇමතිවරයාගේ බලය යටතේ මධ්‍යම සංස්‌කෘතික අරමුදල් පනත හරහා සිද්ධස්‌ථාන පාලනය කිරීමට ගත් නිහීන උත්සාහයකි. දෙමල ඩයස්‌ පෝරාවෙන් සහ එන්.ජී.ඕ. බත් බැලයන්ගෙන් යෑපෙන එමෙන්ම ජාත්‍යන්තර කමිටු ඉදිරියේ දණින් වැටෙන ආණ්‌ඩුව ඊට එරෙහි වන ඕනෑම බලයක්‌ ශූන්‍ය කිරීමට මුළු ගැන්වෙන බව මෙම සිද්ධියේදී පෙන්නුම් කර තිබේ. නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේදී ජාත්‍යන්තරය සහ ජගත් එන්.ජී.ඕ. වල ඉලක්‌කයක්‌ පරිදි ලංකාව අනාගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීම වත්මන් රජයේ අභිප්‍රායයි. බුද්ධාගම ප්‍රමුඛස්‌ථානය හිමිවන නව වන වගන්තිය ඒ මගින් අහෝසි වේ. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්‌ථාදායක සභාවේ කමිටු නිර්දේශ මගින් එය තහවුරු වේ. දඹුලු විහාරය දළදා මාළිගය ඇතුළු සාංඝික දේපළ පාලනය සංඝයා වහන්සේලා වෙතින් ඉවත් කර රජය මගින් පාලනය කිරීම පිණිස පසුබිම සකස්‌ කරලීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදල යොදා ගැනීම මේ උපායයි. දඹුලු විහාර භාරකාරත්වය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යම් එකඟතාවකට පත්ව සිටිද්දී පවා එයට ඇමතිවරයා විසින් බාධා පමුණුවන්නේ එම කපටි උපාය සාර්ථක කරගැනිමටයි. එසේම ලෝක උරුම කමිටුව විසින් දඹුලු විහාරය ස්‌මාරක ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කිසිම තිරණයක්‌ ගෙන නොතිබියදීත් ජනතාව ඉදිරියේ බොරු බේගල් ඇදබාන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ පවා මහා සංඝරත්නය හෑල්ලුවට ලක්‌ කිරීමටයි. නමුත් අවසානයේ අසමත්භාවයට පත් වන්නේ පවත්නා ආණ්‌ඩුවම බව කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.සම්පූර්ණ  හෙළිදරව්ව පහතින්....

නේපාලයේ ප්‍රජා රේඩියෝ විප්ලවයක පෙරගමන්කරුවා... සාගර්මාතා

ප්‍රජා රේඩියෝ (Community Radio) සඳහා ලොව පුරා පිළිගත් නිර්වචනයන් තිබෙනවා. ප්‍රජාව විසින් කළමනාකරණය කරන, ප්‍රජාව විසින්ම නඩත්තු කරනු ලබන හා නිශ්චිත භූමි පෙදෙසක ප්‍රජාවට සේවය කරන රේඩියෝ සේවයන් එම කාණ්ඩයට අයත්.රජයෙන් පවත්වා ගෙන යන රේඩියෝ, වාණිජ මට්ටමෙන් කරන රේඩියෝ යන කාණ්ඩ දෙකට සාමාන්තරව ප්‍රජා රේඩියෝ ද මෑත දශකවල ලොව බොහෝ රටවල දියුණු වී තිබෙනවා.

අපේ රටේ තවමත් ලෝක නිර්වචනයට අනුකූල වන ප්‍රජා රේඩියෝ කිසිවක් නැහැ. රජයේ ගුවන්විදුලි සංස්ථාව 1980 සිට ඉදිරියට පවත්වා ගෙන ගිය ග්‍රාමීය විකාශයන් කීපයකට මේ ප්‍රජා රේඩියෝ ලේබලය වැරදි සහගත ඇලවූ බව නම් අපි දන්නවා.

දකුණු ආසියාවේ සැබෑ ප්‍රජා රේඩියෝ ඇරඹුණේ හා වැඩිපුරම පරිණාමය වී ඇත්තේ නේපාලයේ. විසි වසරක ප්‍රජා රේඩියෝ අත්දැකීම් දැන් නේපාලයට තිබෙනවා. ඉන්දියාව හා බංග්ලාදේශයද ඊට පසු ප්‍රජා රේඩියෝ සඳහා අවසරදීම පටන් ගත්තා. ශ්‍රී ලංකාව (තොරතුරු නීතිය මෙන්) පමා වී හෝ මේ මගෙහි යයිද යන්න තවමත් පැහැදිලි නැහැ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.