මීතොටමුල්ල
මහා ඛේදවාචකය සිදූවී ජුලි 14 දිනට තෙමසක් ගත වුවද එම ප්‍රදේශයේ ජනතාව
තවදුරටත් අර්බුදතා මාධ්‍යයේ ජීවත් වන බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා
ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක නුවන් බෝපගේ පවසයි.මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය
ගිය පිරිස සිහි කරමින් ඔවුන්ගේ නම් සටහන් කල සමරු ඵලකයක් අද මීතොටමුල්ල
කුණු කන්ද අභියසදී විවෘත කෙරුණා.
ඒ ප්‍රදේශයේ පදිංචිව සිටින ජනතාවගේ මැදිහත් වීමෙන්.එහිදී අදහස් දක්වමිනුයි නුවන් බෝපගේ මේ අදහස් පල කලේ.
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් නිවාස 98 ක් සම්පුර්ණයෙන් විනාශ වූ අතර සිද්ධියෙන් අනතුරුව තවත් පවුල් ගණනාවකට එම ප්‍රදේශය හැර යාමට සිදුවූයේ එය අවදානම් කලාපයක් ලෙස නම් කිරීම හේතුවෙනි.වීඩියෝ