ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 14, 2017

මුස්ලිම් සංවිධානයකින් දැඩි ප‍්‍රහාරයක්..!!! (VIDEO)

මංගලාරාම විහාරයේ ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයකින් දැඩි ප‍්‍රහාරයක්..කැලයකට ගෙනගොස් අතපය කඩයි.


මඩකලපුව මංගලාරාම විහාරස්ථානය ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයක් පහරදී ඇති බව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරථන හිමි පවසනවා
ලේකම්වරයාට අතපය කැඩෙනකම් පහරදී ඇති බවත් මේ වන තෙක් මඩකලපුව පොලිසිය ඒ සදහා නීතිමය පියවරක් ගෙන නොමැති බවත් සමාජජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් සුමනරතන හිමියන් පවසයි.(VIDEO)

නිර්ප්‍රභූ බුදු දහම හා ප්‍රභූ බුද්ධාගම

මෙරට විවිධ වර්ගයේ බෞද්ධ භික්ෂූහු සිටිති. බොහෝ අයගේ භික්ෂූත්වය ඇත්තේ නමේ සහ හැඳ පෙරවන කහ රෙදිවල පමණකි. චර්යාවෙන් නම් නොවේ. ඒ අතරිනුත් සමහරු රහත්හුය. සමහරුන්ට දේශපාලන උණ විකාරවල් වැළඳී ඇත.  සමහරු පාතාල මැරයන්, චණ්ඩීන් පරිදි වේදිකාවල රඟදෙති. අයෙකු අතපය විසි කර කතාබහ කරද්දී තවත් අය මරාගෙන මැරෙන්නට හදති. මේ රටේ ඇත්තේ මේ රටටම ආවේණීක පුදුම විදියේ බුද්ධාගමක්ය. මේකට ශ්‍රී ලාංකික බෞද්ධ මොඩලය යැයි කීවද වරදක් නැති තරමට එහි අනන්‍යතාව කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රභූ බුද්ධාගමත් තිබේ. නිර්ප්‍රභූ බුද්ධාගමත් තිබේ. ඒ අතරින් ප්‍රභූ බුද්ධාගමට අතීතයේ සිටම රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත. අතීතයේ තිබූ රාජ්‍ය අන්‍රග්‍රහය එලෙස තබා ගැනීමට මෙකලද භික්ෂූ සංස්ථාව ලොකු උත්සාහයක් දරණ බව ජන සන්නිවේදන මාධ්‍ය තුළ දැකගත හැකිය. ප්‍රභූ බුද්ධාගම රාජ්‍ය උරුමය ලබා ගැනීමට හා ලැබූ රාජ්‍ය උරුමය එලෙසම රැක ගැනීමට ඈත අතීතයේ සිටම රජවරු උත්හාස දරන ලද බව ශ්‍රී ලාංකික ඉතිහාසය මනා සාධකයකි. ඈත අතීතයේ භාරතයෙහි බ්‍රාහ්මණයන් ඔවුන්ට හා හින්දු ධර්මයට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට හා ලැබූ රාජ්‍ය අනුග්‍රහය එලෙසම පවත්වා ගැනීමට විශාල වෙහෙසක් දරණ ලද බව මනුස්මෘතිය හා භගවත් ගීතාව වැනි හින්දු මූලාශ්‍ර අනුව පැහැදිලි වේ. එසේම අතීත භාරතීය රජවරු රාජ්‍ය බලය ලැබීමට හා එය තහවුරු කර ගැනීමට හින්දු බ්‍රාහ්මණයන්ගේ අනුග්‍රහය පැතූ බවටද ඉහත එම කෘති සාධක සපයයි. මේ අනුව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යැයි කුල සතරකට බෙදී තිබූ පැරණි භාරතීය සමාජයේ වර්ණාශ්‍රම ධර්ම, කුලභේදය ආදී දේ දැඩිව බලපැවැත්විණ. පැරණි භාරතීය සමාජයේ බ්‍රාහ්මණ වංශිකයන්ට පහළින් සිටි ක්ෂිත්‍රියන්හට ඊට ඉහළින්ම සිටි බ්‍රාහ්මණයන්ගේ පක්ෂපාතීත්වය හා කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව තිබිණ. කුල ක්‍රමය අනුව ඉහළින් සිටියද බ්‍රාහ්මණයන්ට රාජ්‍ය බලය නොවූ බැවින් රාජ්‍ය බලය තිබූ ක්ෂිත්‍රියන්ගේ සහයෝගය සමාජයේ බලවත්කම ලැබීම පිණිස බ්‍රාහ්මණයන්ට උපකාරී විය. මේ නිසා බ්‍රාහ්මණයන් හා අතීත භාරතීය රජවරු රාජ්‍ය බලය සඳහාම එකිනෙකාගේ පිට කසා ගනිමින් උනුන් හා පක්ෂපාතීව කටයුතු කළහ. භාරතයට සමගාමීව ශ්‍රී ලංකාවේද ඈත අතීතයේ සිට බුද්ධාගම හා රාජ්‍ය බලය සමඟ දක්නට ඇත්තේ මීට සමාන තත්වයකි. විශේෂයෙන්ම මෙරට මහින්දාගමනයේ සිටම ව්‍යාප්ත වූයේ බුදුරදුන් ජීවමාන සමයේ භාරතයේ තිබූ බුදුදහමට වඩා වෙනස් අමුතු මොඩලයක වූ බුද්ධාගමකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.