ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 13, 2017

යහපාලන නපුංසක කාළකණ්නීන්ගේ බේගලය සහ ඇත්ත...!!!

ආණ්ඩුව කියනවා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් දවසකට ලක්ෂ 80ක ආදායමක් ලබනවාලු. රු 1,500 ටිකට් එකක් විකුණලා දවසකට ලක්ෂ 80ක් හොයන්න දවසකට සංචාරකයින් 5,333ක් එන්න ඕනෑ. ඒ කියන්නේ වසරකට ලක්ෂ 19.5ක් සංචාරකයින් එන්න ඕනෑ දඹුලු ලෙන් විහාරය නරඹන්න. නමුත් 2015 දී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් ගණන ලක්ෂ 18යි. මෙහෙම අතේ පත්තු වෙන බොරු ආණ්ඩුවේ ඇමතිවරුන් කියන්නේ සඟ රුවන පිළිබඳ ගෞරවය විනාශ කරන්න. පන්සලෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න පටන් අරන් තවම මාස 4යි. මීට කලින් ටිකට් විකුණුවේ ආණ්ඩුවෙන්. එහෙම නම් දඹුල්ලේ ටිකට් විකුණලා හොයපු කෝටි ප්‍රකෝටි ධනයට මොකද ඇයි ඒ ධනයෙන් මේ චිත්‍ර සංරක්ෂණයට කටයුතු නොකලේ කියන එක ආණ්ඩුව රටට කියන්න ඕනෑ.
 ආණ්ඩුව අද දඹුළු විහාරය පිළිබඳ බොරු වපුරමින් සමස්ත ජාතිය නොමග යවමින් ඉන්නවා. ස්වාමින් වහන්සේලා දඹුළු විහාරයේ ඓතිහාසික උරුමය විනාශ වෙන්න ඉඩ හැරලා තිබෙනවා. ඇමතිතුමා උත්සාහ කරන්නේ මේ උරුමය රැක ගන්නයි කියලා වැරදි මතයක් රට තුල හදන්න ආණ්ඩුව උත්සාහ කරනවා.
දඹුළු ලෙන් විහාර සොයා ගත්තේ ගිය මාසයේ නම් මේ කතාව විශ්වාස කරන්න පුළුවන්. නැතිනම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා ගත්තේ ගිය මාසයේ නම් මේ කතාව විශ්වාස කරන්න පුළුවන්. පසුගිය වසර 35 පුරා දඹුළු ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු භාරව සිටියේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලයි. දැනට ඒ ආයතන දෙකම තියෙන්නේ අකිල විරාජ් කාරියවසම් නපුංසක කාළකණ්නි ඇමති  යටතේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලයි කියන මේ දෙපාර්ශවය අතර තිබුන ගැටුම නිසා තමයි මේ පන්සලට ලොකුම හානිය සිදු වුණේ.

කුකුලන් බාර ඇමති කිකිලියන් එක්ක ගැටෙනවා බිත්තර අනතුරේ….!!!

නංගි අපි බදින්නේ කවද්ද?පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ බඳිමු අයියා ..!!!

ණ්ඩුවේ ගැටුම් හේතුවෙන් රට අනතුරේ වැටන ආකාරය ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවකට එක්වෙමින් අනාවරණය කළා. “දැන් බලන්න සංස්කෘතික ඇමති නපූ... පන්සලත් එක්ක පිං පෙට්ටියත් එක්ක ගැටෙනවා. සංස්කෘතිය අනතුරේ. රිලාසිරි ක්‍රීඩා ඇමති ක්‍රීඩයින් එක්ක ගැටෙනවා. ක්‍රීඩාව අනතුරේ. සෞඛ්‍ය ඇමති නැව් හොරා වෛද්‍යවරුන් එක්ක ගැටෙනවා. සෞඛ්‍ය අනතුරේ. කුකුලන් බාර ඇමති කිකිලියන් එක්ක ගැටෙනවා. බිත්තර අනතුරේ. හරකුන් භාර ඇමති එළදෙනුන් එක්ක ගැටෙනවා. කිරි ටික අනතුරේ. අට පාස් පඹ ජනාධිපති නපු...අගමැති එක්ක ගැටෙනවා. ආණ්ඩුව අනතුරේ.” “අද කාටුන් එකක් මම උදේ පාන්දර දැක්කා. එක තරුණියක් අහනවා අනිත් තරුණියගෙන් අර කොල්ලා පස්සෙන් එනවා බං බදින දවස අහ අහ මොකද්ද මම මේකට කියන්නේ කියලා. අනිත් තරුණිය උත්තර දෙනවා පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ බදිමු කියලා කියන්න කියලා. ඒ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතුව කල් යනවා වගේම පළාත් සභා මැතිවරණයත් ඒ ආකාරයෙන්ම මැතිවරණ සිතියමින් අකුලන්න මේ ආණ්ඩුව කටයුතු කරන බව අපි ඉතා වගකීමෙන් යුතුව අනාවරණය කරනවා.

දායකයන් සංඝයාට පුදන දෑත් ආණ්ඩුවට ඕනලූ....!!!

බණ-පිරිත්වලට වඩින භික්‍ෂූන්ට පූජා කරන පිරිකර එකතු කරගෙන එන්නට ආණ්ඩුවෙන් නිලධාරියෙක්..?

භික්‍ෂූන් වහන්සේලා බණ පිරිත්වලට වැඩම කිරීමේදී බූජා කරන අට පිරිකට එකතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ එවාවිදැයි අද සිදුවන දේ දෙස බැලූ විට කල්පනා වන බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග පැවති සාකච්චාවකදීය.VIDEO

හිවල් කුමන්ත්‍රණ උතුරේ...!!!

UN විශේෂ නියෝජිතයින් උතුරේ අධිකරණ විනිසුරුවන් මුණ ගැසි රහස් සාකච්ඡා..!!!


 මානව හිමිකම් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්ෂන්  ඇතුලු පිරිසක් උතුරු පළාතේ අධිකරණ විනිසුරුවන් සමඟ විශේෂ සාකච්ජාවක් වවුනියාව මහාධිකරණ සංකීර්ණයේදි පවත්වනු ලැබීය.
වව්නියාව මහාධිකරණ සංකීරණයට පැමිණි මෙම පිරිස පිළිගනු ලැබුවේ වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර සෂි මහේන්ද්‍රන් විසිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.