ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 10, 2017

මහ සඟරුවනට නිග්‍රහකිරීම

ව්‍යවස්‌ථාව ගැන වාදය දිගින් දිගටම ඇදී යන බව පෙනේ. ත්‍රෙනිකායික මහ නාහිමිවරුන් නව ව්‍යවස්‌ථාවට විරෝධය පළ කිරීම ගැන පුරවැසි බලය නම් සංවිධානය කලබලයට පත් වී ඇත. එහි සාමාජිකයෝ දැන් මහා සංඝරත්නයේ ස්‌ථාවරය විවේචනය කරති. මොවුන්ගේ අරමුණ කුමක්‌ද? කෙසේ හෝ නව ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමය. නව ව්‍යවස්‌ථාව මගින් රට සුරපුරයක්‌ වනු ඇත්ද? නැත. මේ ඊනියා සිවිල් සංවිධානවලට අවශ්‍යව ඇත්තේ හොඳින් හෝ නරකින් තම ඉලක්‌කය සපුරා ගැනීමය.
නව ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කළහොත් ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන බව ජනපතිවරයා මහනුවරදී පොරොන්දු විය. රටේ නායකයා වශයෙන් ජනපතිවරයා මහ සඟරුවනේ අදහසට ගරු කර ඇත. එය මෙරට සම්ප්‍රදායයි. නමුත් ඊනියා සිsවිල් සංවිධානවලට රටේ සම්ප්‍රදාය බලවත් ප්‍රශ්නයක්‌ වී ඇති බව පෙනී යයි. ඔවුන්ට අවශ්‍ය මහ නාහිමිවරුන්ගේ මතය අලුයම ලූ කෙළ පිඩක්‌ මෙන් ඉවත දමන්නද?. මේ සිවිල් සංවිධාන සැබැවින් ම සිංහල බෞද්ධ ස්‌ථාවරය පිළිගන්නා බවක්‌ පෙනෙන්නට නැත. සංහිඳියාව වෙනුවෙන් සිංහල බෞද්ධ ස්‌ථාවරය පිටුදැකිය යුතු යෑයි මොවුන් පවසන්නේද?

අපතයන්ට තව මදිලු.....!!!

වාහන ගන්නයි ගෙවල් හදන්නයි
ඇමැතිලා තවත් කෝටි 20ක්‌ ඉල්ලති....!!!
පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට
ඇමැතිවරුන් කිහිපදෙනකුට අලුතින් වාහන මිලදී ගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වැය කළ රුපියල් දහනවකෝටි හැත්තෑ ලක්‍ෂ නවදහස්‌ තුන්සියයක (197,009,300) අතිරේක මුදලක්‌ ඉල්ලා (07 දා) පාර්ලිමේන්තුවට තවත් පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරන ලදී.


ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක  මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
ඒ අනුව ඇමැතිවරුන්  දෙදෙනකුට, නියෝජ්‍ය ඇමැතිවරයකුට, උතුරේ ආණ්‌ඩුකාරවරයාට, ජනාධිපති කාර්යාලයට සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කිහිපයකට අලුතින් වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් දොළොස්‌ කෝටි දසලක්‍ෂ අනූඅට දහස්‌ හයසියයක්‌ ඉල්ලා ඇත.

බැඳුම්කර මගඩිය සහ මෑන් ඔෆ් ද මැච්...!!!

ගිය ආණ්‌ඩුව අවුරුදු දහයක්‌ තිස්‌සේ ඇනූ ඇනිල්ල මේ ආණ්‌ඩුව විසින් අවුරුද්දක්‌ තුළ අනා නිම කරන ලද බවත්, මෙහෙම ගියොත් ආණ්‌ඩුවක්‌ නැති රටක්‌ හෝ රටක්‌ නැති ආණ්‌ඩුවක්‌ බිහිවීමට ඉඩ ඇති බවත් අපි පසුගිය සතියේ කතුවැකිය මගින් කීවෙමු. එසේ කියා දින හතරක්‌ ගත වූ කල මේ ආණ්‌ඩුව අප සිතන තරම් කොන්ද පණ නැති ආණ්‌ඩුවක්‌ නොවන බැව් පසක්‌ විය. ඒ ඉදිරි මාස හය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ව්‍යාපාර කටයුතුවලින් ඉවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දුන් නියෝගය නිසාය. ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්‌ඩුවේ ආයතනයකි. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ යනු ශ්‍රී ලංකාවේ සුවිශාලතම මූල්‍ය අපරාධය ලෙස සැලකෙන බැඳුම්කර මගඩියට සම්බන්ධ බවට සැක කෙරෙන ආයතනයය. මේ ආයතනය මූල්‍ය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් හය මාසයකට ඉවත් කරමින් දුන් තීන්දුවේ තිගැස්‌ම මේ වන විට රට පුරා පැතිර ගොස්‌ තිබේ. එයින් දුර්මුඛ වූ සියලු හොරු ද සියලු වංචනිකයෝ ද මේ මොහොතේදී සිය වල්ග මුව තුළ රුවාගෙන හප හපා සිටිති. ඔවුන් මේ සිටින්නේ හොඳකට නොවන බව ආණ්‌ඩුව වටහා ගත යුතුය. ආණ්‌ඩුව දුර්වල වන ඊළඟ ආසන්නම මොහොත එළැඹෙන තුරු ඔවුන් බලා සිටිනවා ඇත. ඒ මොහොත එළැඹුන වහාම ඊළඟ බැඳුම්කර වංචාවට හෝ ඒ හා සමාන මූල්‍ය වංචාවකට ඔවුන් පිවිසෙනු ඇත්තේ තප්පරයට කිලෝ මීටර් හැටේ වේගයෙනි. බිස්‌නස්‌ නැති හය මාසයක්‌ යනු ඉතාම නිද්‍රශීලී කාලයකි. එහි අරුමය දන්නේ බිස්‌නස්‌ කරමින් සිට ඇනගත් උදවිය පමණි.

ඩෙංගු මදුරු දෂ්ටනයෙන් බේරීමට ස්‌වභාවික මදුරු විකර්ශක ගල්වන්න...!!!

මේ දිනවල රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උණ රෝගයට හේතු වී ඇති ඩෙංගු මදුරුවන්ගේ දෂ්ට කිරීම වැළැක්‌වීම සඳහා පැඟිරි තෙල් ඇතුළු ස්‌වභාවික මදුරු විකර්ශක සිරුරෙහි ආලේප කරන ලෙස වසංගත රෝග විශේෂඥයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකී සිටීමට පැඟිරි තෙල්, කුරුඳු තෙල්, ලෙමන් යුකැලිප්ටස්‌ තෙල්, සේර තෙල් සම මත මදුරුවන් දෂ්ට කරන ස්‌ථානවල ආලේප කළ යුතු බව ඔවුහු කියා සිටිති.
මෙයට අමතරව මදුරුවන් දෂ්ට කෙරෙන උදැසන හා සවස්‌ කාලවල නින්දට යන කුඩා දරුවන්, ඇවිදීමට නොහැකි ඇඳෙහි සිටින වැඩිහිටියන් හා රාත්‍රි කාලයේ සේවය කරන සේවකයන් මදුරු දැලක්‌ භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌  පැවසීය.

තවත් කොටියෙක් නිදහස්....!!!

දුම්රිය මාර්ගය පිපිරවීමට තැත් කළැයි චෝදනා ලත් සැකකරු නිදහස්‌ කොළඹ - කටුනායක දුම්රිය මග පිපිරවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ජෙයරාම් රාමනාදන් නමැත්තා කොළඹ විශේෂ අධිකරණය විසින් නිදහස්‌ කර ඇත.

‘සෞඛ්‍ය ඇමතිගේ පරිගණකයට යනකං මේ ඡායාරූපය අතින් අත යවන්න‘ - !!!

වෛද්‍යවරයෙකුගේ ඉල්ලීමක් රැගත් සටහනක් බුකිය කළඹයි...!!!
 බුදුන් දවස විශාලා මහනුවර වැසියන් තුන් බියෙන් පසුවූවා සේ වර්තමාන ශ්‍රී ලාංකික බහුතර ප්‍රජාව ඩෙංගු බියෙන් පසුවෙති.පසුගිය සති කිහිපයේදී ඉතා අවාසනාවන්ත ඩෙංගු මරණ කිහිපයක් වාර්තා වූ අතර ඒ අතර විශ්ව විද්‍යාල හා පාසල් සිසුන්ද විය.2017 වර්ෂයේ ගත වූ මාස 07 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්ක් 79118 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.කෙසේ වෙතත් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛයාව දිනෙන් දින ඉහළ ගියද රෝහල් වල පහසුකම් නොමැති වීම හේතුවෙන් ප්‍ර‍තිකාර සඳහා ඇතුළත්වන රෝගීන්ට දැඩි අපහසුතා ලක්වීමට සිදුව ඇත.

කඳාන නගරයේ 'සෝල්ට් ඇන්ඩ් පෙපර්'...!!! නිකමටවත් කන්න යන්න ඵපා....!!!

චිකන් කරියේ පණුවෝ. පොලීසීය පියවර නොගෙන බලන් ඉදලා. හෝටල් හිමිකරුවා බලය පෙන්වූ හැටි .! (VIDEOකඳාන නගරයේ 'සෝල්ට් ඇන්ඩ් පෙපර්' (Salt And Pepper) නම් අවන්වලක සිදු වූ සිදුවීමක විඩියෝවක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කථාබහට ලක්ව තිබෙනවා.

පුද්ගලයෙකු කුකුල් මස් හොදි මිළදී ගැනීම සදහා ඊයේ රාත්‍රීයේ මෙම හෝටලයට ගොස් තිබෙනවා.
කෙසේ නමුත් තමුන් මිළදී ගත් කුකුල් මස් හොද්දේ පණුවන් සිටින බව දුටු මේ පුද්ගලයා පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අමතා පැමිණිලි ක‍ර තිබෙනවා.
ඉන්පසු පොලීසියෙන් පැමිණියත් ඔවුන් මීට එරෙහිව කිසිදු ක්‍රීයා මාර්ග‍යක් ගෙන නැති බව සිදුවීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කල තරුණයා සටහනක් එකතු කරමින් සදහන් කර තිබෙනවා.

එම අවස්ථාවේ විඩීයෝව පහතින්

ඒ නොමියෙන බැතිමත් මතකය....!!!

ඒ දයාබරවූ නිහඬ මිනිසා නික්ම ගිය වගයි....!!! මිනිසුන් මිය යති නමුත් අප හදවත් තුළ සදා නිදන් මතකයන් සහිත මිනිසුන් නික්ම යාම තරම් මා හද පාරවන දෙයක් නොමැත .ඉතා නිහඬ කළබල කාරී චරිතයක් නොවූ රංජිත් ප්‍රනාන්දු මහතාගේ වියෝව මා ඇසූ මොහොතේ ඉතා කණගාටුවට පත්වූයෙමි.සිනමාව ගැන විසල් විදග්ධ දැනුමක් ඇතිව සිටි වියතෙකු අද පටන් අපට අහිමිය .අප රටේ දේශපාළු කැණහිලන්ගේ තීරණ මතින් රාජ්‍ය මාධ්‍යය තුළට ඇතුල් කරන හාල්පාරුවන් ජනතාව රවටමින් අටපට්ටම් කූඩු පෙන්වද්දී උන්ට මේ මාධ්‍යයේ සිව්කොන් විවර කළ මෙවන් වියතුන්ගෙන් වැඩක් ගත්තේ නැත.දහස් ගණන් දක්‍ෂයන් ලොවට පෙන්වද්දී මෙතුමා ගැන ඵක රූපරාමුවක් ස්වාධීන රූපවාහිනියෙන් ගියේ නැත..මෙතුමා ඵහි වැඩසටහන් කළමනාකරු ලෙසින් සිටියදී මෙතුමාගේ පිිහිටෙන් දණබිම ඔබාගෙන ITN ආයතනයට ඇතුල්වූ සුණඛ පරම්පරාවක් අද ඒ පුටු රත් කරති ඒ ඵකදු පාහරයෙකු මෙතුමා වසර ගණනාවක් ලෙඩ ඇඳේ සිටියදී බැලීමට ගොස් නැත.අවසන් වරට දුරකථනයෙන් මා ඵතුමා අැමැතූ මොහොතේ ඵය මනුෂ්‍යය ස්වභාවය ලෙසින් සැහැල්ලුවෙන් පැවසීය...හිතාදර මිස්ට ප්‍රනාන්දු ඔබට සුභ ගමන්....!!! නිවන් සුව...!!!  
සුමිත් ජයන්ත ඩයස්
 අද දින ඕස්ට්‍රේළියාවේ පර්ත් නුවරදී සිය අවසන් හුස්ම පොද කයෙන් ඉවත් කළ  ස්වාධීන රූපවාහිනී සේවයේ පෙර සිටි වැඩසටහන් අධ්‍යක්‍ෂ වරයාවූ රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු මහතානන්ට උපහාර පිණිසයි...!!!



එය 1988 අවුරුද්දයි.
සිනමාව හැදෑරීමේ නොතිත් ආසාවෙන් සිටි මට එවකට සරසවිය පුවත්පතේ පළ වූ දැන්විමක් ඇස ගැසුණේ අහම්බයක් හැටියටය.ඒ ජාතික චිත්‍රපට සංස්ථාව සිනමාකරණ පාඨමාලාවක් ඇරඹීම පිළිබඳවය. ඒ වන විටත් ලංකාවේ ළඳු ගණනේ සිනමාව නමින් උගන්වනු ලබන විගඩම් ගැන යාන්තම් දැනීමක් තිබුණ මම මෙම අවස්ථාව ට සහභාගී වන්නට සැරසුනේ වටහා ගත නොහැකි විශ්වාසයක් ඇතුවය.ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් පමණක්නොව විභාගයක් ද පැවැත්විණ.මෙම විභාගය සඳහා ඉතා විශාල පිරිසක් සහභාගි වූ වග මට මතකය. තෝරා ගන්නා ලද්දේ පනස් දෙනෙක් පමණී. ඒ අවදියේ සිනමා කලාව ගැන අවධානය යොමු කළ කිහිප දෙනෙකු එම විභාගයට පෙනී සිටි වග මට මතකය. එම පාඨමාලාව මෙහෙය වීමේ වගකීම පැවැරී තිබුණේ උත්තුංග දේහධාරි තැනැතතෙකුටය. පෙනුමෙන් එලෙස වුව ද ඉතා ඉක්මනින් ඔහු සියලු සිසුන්ගේ ආදරයට පාත්‍රවූයේ ඉක්මනිනි.

RANJITH NEWTON FERNANDO - දයාබර මිස්ට ප්‍රනාන්දු ඔබට සුභ ගමන්...!!!

පැරණි මතකයන් ඔස්සේ මා සිත හඹා යද්දී ඵකළ අයි.ටී.එන් හී සිදුවූ සිදුවීමක් දෙකක් මා හට මතක් විය.ඵය මා හට ලිවීමට සිත්වූයේ .රංජිත් ප්‍රනාන්දු මහතා සිහිවනු වස් මිස අංශු මාත්‍රයක කැළලක් ,නිගරුවක් කිරීමට නොවේ.ඉස්සර අප වැඩසටහන් අංශය පිහිටුවා තිබුණේ  වික්‍රමසිංහපුර අයි.ටී.එන් භූමියේම තිබූ නිවසකයි ,ඉන් කොටසක් මුදල් සහ පරිපාලන අංශයටත් අනෙක වැඩසටහන් අංශයටත් වෙන්විය. ( අද ප්‍රවෘත්ති අංශය ) වැඩසටහන් අංශයේ කෙළවරම ඇති කාමරය වැඩසටහන් කළමනාකරුට වෙන්විය. ඵකළ ඵහි වැඩ විසුවේ රංජිත් ප්‍රනාන්දු මහතායි .කොටින්ම එය නිළ කාමරයයි.සෙසු නිෂ්පාදකයන් , කැමරා ශිල්පීන්ගේ මේස දෙපැත්තෙන් තබා ඒ දිගැටි ශාලාව බෙදා වෙන් කොට තිබුණී.කෙසේ හෝ කොටස් 3 කට ඵම ශාලාව බෙදා තිබුණී.මෙම වැඩසටහන් අංශයට ඇතුළට ඇතුල්වන තැනමවූ විසල් අඹගස සුවදායක තැනක් විය.වැඩසටහන් අංශයට ඇතුල්වූ වහාම ඇත්තේ මගේ මේසයයි,ඊට පැත්තකින් ජයන්ත කරුණාරත්න,වන්නිඅච්චිගේ , මේසද විය.කටකාර කොයි ඵකාගෙත් දොඩමළු ඉසව්ව ඒ අපේ පළමු මේස කිහිපය විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.