ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 28, 2017

නුතන අධ්‍යාපන අර්බුදය හා ඊට බලපාන සමාජ සාධක...!!!


වර්තමාන සමාජ අර්බුදයක් ලෙස බෙහෙවින්ම කතාබහට ලක්වන නවක වදය, ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම්, දේශපාලනය වැනි දේ වලට සරසවි ශිෂ්‍යයා යොමුවන්නේ විරැකියා අපේක්ෂා භංගත්වයෙන් තාවකාලිකව හෝ අත්මිදීමේ මානසික සංරක්ෂණ ක්‍රමයක් ලෙසයි. අනෙක් අතට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ගෙන් තමා නොදන්නා හෝ නොවැටහුනු දෙයක් පිලිබඳව ප්‍රශ්න අසා දැන ගැනීමට යාම ද එක්තරා අතකින් තමාගේ දක්ෂතාවය අනුව හිමිවන අනාගත පන්ති සාමාර්ථය අහිමිවීමට තරම් ආනන්තරීය අකුසලයක් බව දන්නා ශිෂ්‍යයා ද දේශන අවස්ථාවල දී හැකිතාක් නිශ්ශබ්දතාවයම ආරක්ෂා කර ගැනීමට හා සටහන් ලියා ගැනීමට පමණක් උත්සුක වේ. 
ශිෂ්‍යයන් තමාගෙන් ප්‍රශ්න ඇසූ විටක තමාගේ නොදන්නා කම එයින් හෙළි වෙතැයි බිය මුසු සැකයකින් කටයුතු කිරීම ඇතැම් කථිකාචාර්යරියන්ගේ ලක්ෂණයකි. විභාගවල දී දක්ෂ සිසුන්හට හිතාමතාම ලකුණු අඩු කිරීම මඟින් පන්ති සාමාර්ථ අහිමි කිරීමට කටයුතු කරති. විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩල සඳහා බඳවාගෙන ඇත්තේ ඉහළම සුදුසුකම් ලැබූ දක්ෂ අය අය නොව දැනහැඳුනම්කම රූපය වැනි වෙනත් සාධක මත සේවය සඳහා තෝරා ගනු ලැබූ අයය. දක්ෂ සිසුන්හට ප්‍රමුඛත්වය ලබාදීමෙන් ඔවුන් ආචාර්යවරු ලෙස සේවයට බැඳී ඒ නිසා පසුකාලයක දී තමා කොන්වීවේය යන අනියත බියෙන් පෙලීම මෙයට හේතුවයි. ප්‍රථම පංති සාමාර්ථයට හා පර්යේෂණ පශ්චාත් උපාධි කුසලතාවයට වඩා අංශාධිපති හා පීඨාධිපති ගේ ප්‍රියතමයා සම්මුඛ පරීක්ෂණවල දී තෝරා ගැනීමට අවශ්‍ය ඉඩකඩ ඔවුන්හට විශ්විද්‍යාල පාලක සභා මඟින් නිර්මාණය කර දී තිබේ.

නීතිය ලොකු පොඩි කාටත් එක ලෙස ක්‍රියාත්මක කල “පැරිෂුට්”

දැනට බණ්ඩාරවෙල පොලිසියට අනියුක්තව සේවය කරන බණ්ඩාර  මීට පෙර අවසන් වතාවට සේවය කලේ මහනුවර පොලිසියට අනියුක්තවය. මුළු මහනුවර නගරයම ඔහුව දනී. නීතිය ලොකු පොඩි කාටත් එක ලෙස ක්‍රියාත්මක කල “පැරිෂුට්” මහත්තයා පිළිබඳව කිසිවෙකු නොදන්නා කතාවක් ඇත.
ඔහු කිසිම රියදුරෙකුට කැත විදිහට කතා කරන්නේ නැත. කල වරද ගැන හොඳින් පැහැදිලිකර දී අදාළ නීතිය ක්‍රියාත්මක කරයි. ඔහුට ජරාව දීමට කිසිවෙකුට කල නොහැකිය. ඔහු ගැන නොදැන එම වරද කරන්න යන කෙනාට සිදුවන්නේ තවත් වරදකට ලක්වීමටය.
බණ්ඩාර මහතා කිසිම රියදුරෙකුගෙන් ප්‍රතිලාභ ගැනීමට කැමති නැත. නමුත් ඔහු ගැන දන්නා ඇය “සර් තේ එකක් බොමුද” කී විට කිසිඳු පැකිලීමකින් තොරව ඊට කැමති වෙයි. නමුත් කිසි දවසක ප්ලන්ටියට එහා කිසි දෙයක් බලාපොරොත්තු නොවන ඔහු අඩුම තරමේ බනිස් එකක්වත් වෙන අයෙකුගේ මුදලින් ලබාගන්නේ නැත.
දිනක් මහනුවර නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රථයටද දඩ කොලයක් ලියු ඔහු, මහනුවර මාර්ග තදබදය මැඩලීමට මහත් වෙහෙසක් ගත නිලධාරියෙකි.

කේයස්‌ නමින් කවි ලියූ සාගර පලන්සූරිය...!!!

පසුගිය 22 යෙදී තිබූ ඵතුමාගේ අනුස්මරණ දිනය වෙනුවෙනි 

සාගර පලන්සූරිය 1908 – 1962

1908 මාර්තු 11 වැනි දා රත්නපුරේ කලල් ඇල්ල ගමේ උපත ලැබූ සාගර පලන්සූරිය කලක් කලල් ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදිව සිටියේය. කේයස් නමින් කවි ලියා ප්‍රසිද්ධයට පත් වූ සාගර පලන්සූරිය ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සහ ගුරුවරයෙකු ලෙස ද කාලයක් සේවය කළේය.
ඔහු අතින් ලියැවුණු කවි කතා රාශිය අතර සුදෝ සුදු කවි කතාව පාඨකයන් අතර බෙහෙවින් ප්‍රකට විය. එය පාදක කර ගනිමින් චිත්‍රපටයක් හා ටෙලි නාට්‍යයක්ද නිර්මාණය කෙරුණි. 1956 හොරණ මහජන මන්ත්‍රීවරයා ලෙස ද වමේ කඳවුර නියෝජනය කළ සාගර පලන්සූරියයන් 1962 ජුනි 22 වැනි වැනිදා අපට අහිමිව ගියේය.
හිටපු අගමැති බණ්‌ඩාරනායක මහතා ඝාතනයට ලක්‌ව 1960 සැප්තැම්බර් 26 වැනි දිනට වසරක්‌ ගතවීම නිමිත්තෙන් මුළු රට පුරා සමරු උත්සව සංවිධානය කිරීමට විශේෂ පසුබිමක්‌ වූයේ වමේ සහයෝගය මත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයක්‌ ගොඩනැගීම තුළිනි. ඊට සමගාමීව හොරණ ප්‍රදේශයේ ද ගුණ සමරු උත්සවයක්‌ පැවැත්වීමට හොරණ මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක  ප්‍රධාන පාක්‍ෂිකයෝ කතිකා කර ගත්හ. විද්‍යාරත්න පිරිවෙන සහ හොරණ රජමහා විහාරස්‌ථ ස්‌වාමීන් වහන්සේලා මේ කතිකාවතට සම්පූර්ණ සහයෝගය ලබා දුන්හ. මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක්‌ පිරිනමා දානමය පිංකමක්‌ පවත්වා පිං අනුමෝදන් කිරීමට සියලු දෙනා එකඟත්වය පළ කළහ.සුදෝසුදු සිනමාපටය සහිතයි

වෛද්‍ය උපාධිය අපි දෙනවා.. මුහුදට පැනපල්ලා.. වර්ජනය කලොත් ගහපල්ලා..- සයිටම් ලොක්කා කියයි..

තම ආයතනයෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය කිසිසේත්ම නවත්වන්නේ නැති බවත් විරුද්ධ වන දොස්තරලාට මුහුදට පනින ලෙසත් සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු පවසයි. නැවතත් වැඩි වර්ජනයක් පැවැත්වුවහොත් දොස්තරලාට පහර දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියයි.VIDEO

ධර්මවිනය අනුව යළි ඇතිකළ නොහැකි ලාංකේය භික්ෂුණී පැවිද්ද

2017.06.07 දින දිවයින බුදු මඟ පුවත්පතේ පළ වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර විසින් රචිත භික්ෂූන් නැතිව සසුන අංග සම්පූර්ණ නොවේ මැයෙන් වූ ලිපියට පිළිතරකි. ලිපිය ආරම්භයේදීම මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සසුන යන්න නිර්වචනය කිරීම වරද්දාගෙන ඇත. සසුන නම් පණිවිඩයයි. ඒ අනුව බුදු සසුන නම් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්ය. පාලි ත්‍රිපිටකය ථේරවාදී සම්ප්‍රදාය අනුව බුදුරදුන්ගේ ඉගැන්වීම් වාර්තා වන මූලාශය වශයෙන් මෙරටේ ථේරවාදීහු සලකති. සසුන යන්නට අද බහුලව අව-භාවිතා වන භික්ෂු හා භික්ෂුණී බෞද්ධ සංකේත ඈදාගෙන වරද්දවා අර්ථකථනය කර පාඨක සමාජය නොමඟයෑවීමට තැතක් දරා ඇති අන්දම පිළිබඳව පළමුව කණගාටුවට පත් වෙමි. ඔහු ලිපියෙන් කීමට අදහස් කර ඇත්තේ භික්ෂූණී පැවිද්ද පිළිබඳව බව එහි අන්තර්ගතය අනුව පැහැදිලිය. ඔහු ප්‍රකාශකළ කරුණු ධර්මවිනයානූකූලව සාවද්‍ය කරුණුය. පාලි හා ත්‍රිපිටක දහම පිළිබඳව ප්‍රමාණික මහාචාර්යවරයෙක් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු ලෙස එතුමා සිය ලිපිය පුරා විස්තර කර ඇති කරුණු ධම්මවිනය විරෝධී බව ත්‍රිපිටකයට අනුව ශාස්ත්‍රීයව හා සාධිකාරිව නිස්සරණාධ්‍යාශයෙන් කාරුණිකව පෙන්වාදීමට කැමැත්තෙමි.

සිංහල - මුස්ලිම් උණුසුම එක්වරම ඉවැන්ජලිකල් - කතෝලික තෙරපුමක් දක්වා පරිවර්තනය වුයේ ඇයි?

පසුගිය සතියේ දක්නට ලැබුණ ආගම් නීතිය සහ දේශපාලනය හා බැදී උණුසුම සහ ඒවා හාස්කමකින් මෙන් සමනය වන ආකාරය අතීතයේ දක්නට නො වීය. එය යහපත් ප්‍රවණතාවයකි. 1815 උඩරට ගිවිසුමෙන් පසු 1818 ඇති වූ කැරැල්ලත්, 1962 කුමන්ත්‍රණය, 1972 , 1988-1989 ආයුධ සන්නද්ධ අරගලයත්, වසර 30ක් පුරා උතුරු නැගෙනහිර මුල් කරගෙන පැවති සන්නද්ධ ගැටුමත් ලංකාවේ බහුතර සිංහල ජනසමාජයට බොහෝ පාඩම් කියා දී ඇති හෙයින් ජනතාව බේද කරමින්, නැවත මිනිස් සංහාරයක් සිදු කරවීම දක්වා ගැටුමක් නිර්මාණය කළ නො හැකි බව ප්‍රත්‍යක්ෂ වීම ලාංකිකයින් ලැබූ විසල් ජයග්‍රහණයකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.