ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 21, 2017

අස්‌ගිරියට ප්‍රණාමය

අස්‌ගිරි විහාර පාර්ශ්වය අවදිවීම බෞද්ධයන්ගේ සැනසීමට හේතුවකි. නිරන්තරව බෞද්ධයන්ට එරෙහිව චෝදනා එල්ල වනවිට භික්‍ෂූන් නිරපරාදේ නිග්‍රහයට ගර්හාවට ලක්‌ කරන විට බන්ධනාගාරගත කරන විට මහනාහිමිවරුන්ට නිහඬව බලා සිටිය හැකිද? බෞද්ධයන් අනතුරේ දමන දේශපාලකයන්ගේ පිරිකර පිළිගැනීම සිදු කළ යුතුද..?
යහපාලන ආණ්‌ඩුව ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලකයන්ගේ ප්‍රකාශ ගැන මුනිවත රකිමින් බෞද්ධ විරෝධීන්ට ප්‍රතිචාර දක්‌වන භික්‍ෂූන් වහන්සේලා නිහඬ කිරීමේ උත්සාහයට තමන් බලවත් අප්‍රසාදය පළ කරන බව අස්‌ගිරි නාහිමියෝ අවධාරණය කර ඇත. අසාද් සාලි වැනි නරුම බෞද්ධ විරෝධීන් මෙරට භික්‍ෂූන්ට නිග්‍රහ කරද්දී ඒ ගැන රජය මාරාන්තික නිහඬතාවයක පසුවන්නේ මන්ද? ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැපවීම නිසා ද? එහෙත් මේ ප්‍රකාශ හරහා සිංහල බෞද්ධ සමාජය ප්‍රකෝප වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවරෙක්‌ද? භික්‍ෂූන් සිරගත කර ඒ ප්‍රකෝපය වැළැක්‌විය හැකිද? කිසිසේත්ම නොහැකිය.

ආණ්ඩුව සිංහලයන්ව රවටනවා.. විදෙස් විනිසුරන් ගේන්න දෙවතාවක්ම එකග වී අවසන්..- සුමන්තිරන්ගේ කටින් පනී.. [Video]

මෙරටට විදේශ විනිසුරුවන් ගෙන ඒම සදහා ආණ්ඩුව දෙවත්වක්ම ජිනීවාහිදී එකග වූ බව දෙමල ජාතික සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන්  පවසයි. [Video]

තවත් නිහඬ වනු බෑ.. භික්‍ෂුන් නිහඩ කිරීමට ගන්නා උත්සාහයට අප විරුද්ධයි..-

ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියෝ නිවේදනය කර සිටියි. සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභා රැස්‌වීමේදී ගත් තීන්දු පිළිබඳව අස්‌ගිරි නාහිමියන් රජය වෙත නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නිවේදනය මෙසේය. අප මාතෘභූමියටත්, සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත්, යම් අභියෝගයක්‌ පැමිණි කල එහි ආරක්‍ෂාව වෙනුවෙන් බෞද්ධ භික්‌ෂූන් වහන්සේ හැම කල්හිම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සිංහල ජාතියටත්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේටත් මුහුණ දීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බව අපගේ හැඟීමයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.