උතුරු
මහ ඇමතිට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගැනීමට ITAK හෙවත් ඉලංගයි තමිල්
අරසු කච්චි පියවර නොගන්නේ නම් දෙමළ ජාතික සන්ධානයෙන් (TNA)ඉවත් විමට
සන්ධානයේ පාර්ශව පක්ෂ සුදානම් බව TNA හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.ITAK සමග
ද්‍රවිධ සන්ධානය නියෝජනය කරන පක්ෂ 3ක් එම සන්ධානයෙන් ඉවත් වි වෙනම කටයුතු
කිරීමට තීරණය කර තිබේන බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සදහන් කළේ.
යම්
හෙයකින් සන්ධානයෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුවේත් පළාත් සභාවත් නියෝජනය
කරන එම පක්ෂ නියෝජිතයින් ද වෙනම කටයුතු කරනු ඇති බවද ඔහු සදහන් කරනවා.ඒ
හරහා දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීම හැර වෙනත් කිසිවක් සිදු නොවන බවයි ඔහු
පෙන්වා දෙන්නේ.

නුතන සමාජයේ
මේ දිනවල බොහෝ කතාබහට ලක්වන මාතෘකාවක් නම් භික්ෂු කතිකාවතයි. කුමක්ද මේ භික්ෂු
කතිකාවත? එය ගිහියන්ට අයත් නොවන කාර්යකැයිද වරින් වර ඇසෙයි. එය භික්ෂූන්වහන්සේ
විසින් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පැවැත්විය යුතු ගිහි ජනතාවට අයත් නොවන
කාර්යයක්ද? නොඑසේ නම් එය පාර්ලිමේන්තු පණතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර
කඩිමුඩියේ නීතිගත කිරීමට වෑයම් කිරීමේ අරුත කුමක්ද? මේ ආදී වශයෙන් මේ දිනවලදී මුලු
මහත් සමාජය පුරාම මේ පිළිබඳව විවිධ අයුරින් සාකච්ඡා කෙරෙනු දැකිය හැකිය. කෙනෙක්
ගිහි ජනතාවට දෝෂාරෝපණය කරන අතර තවත් අයෙකු එහි මුළු බර පුජ්‍ය පක්ෂය මතම පටවති.
මුලු මහත් සමාජයම දෙපිළකට බෙදී දෝෂාරෝපණය කර ගැනීමට හේතුවූ භික්ෂූ පණත නම් කුමක්ද?
එය පණතක්ද? කතිකාවතක්ද? වරෙක එය පණතක් ලෙසටද තවත්විටෙක එය කතිකාවතක්
ලෙසටද වරින්වර කළඑළි බසිනු පෙනෙයි.රජයේ අදහස්වලට යෝජනා වලට විරුද්ධවන්නාවූ
භික්ෂූන්වහන්සේලා මර්දනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක සියුම්
වැඩපිළිවෙලක් ලෙස ද වරෙක මේ භික්ෂූ කතිකාවත අර්ථ දක්වනු පෙනේ. එසේ නම් සැබෑවටම
කුමක්ද මේ කතිකාවක. එය හදිසියේ මෙසේ කතාබහට ලක්වීමට හේතුව කුමක් විය හැකිද? එයයි
අපේ විමසුම.
භික්ෂු
කතිකාවතක් නම් භික්ෂූන්වහන්සේලාගේ හැසිරීම් රටාව මේ මේ ආකාරයෙන් තිබිය යුතු යැයි
සම්මතව සාමූහිකව පණවා ගන්නාවූ පොදු සම්මතයකි.එය වාචිකව ද ලිඛිතවද තිබිය හැකිය.