මන්ත්‍රී බහුතරයක් අත්සන් කරලා...!!!
උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමැති සී. වී විග්නේෂ්වරන්ට
එරෙහිව එම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අත්සනින් යුතුව
විශ්වාස භංග යෝජනාවක් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට භාර දී
ඇත.
පෙරේදා (14 වැනිදා) සවස භාර දී ඇති මෙම විශ්වාස භංග යෝජනාවට 38
දෙනකුගෙන් සමන්විත සමස්ත පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසෙන් 21
දෙනකු අත්සන් කර තිබේ.
උතුරු පළාත් සභාවේ ඇමැතිවරු හා ආණ්ඩු
පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුද
විශ්වාසභංගය අත්සන් කළ පිරිස අතර වෙති.
විපතට පත් ජනතාවට
ඇතැම් දේශපාලකයෝ කොකා පෙන්වති
...
කළුතර ගංවතුරින් ගිලගත් මොහොතේ අතුරුදන්ව සිටි ඇතැම්
දේශපාලනඥයින් ආධාර ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබීමත් සමග එම කාර්යාලවලට පැමිණ
ඊට මැදිහත්වීමට පටන් ගෙන ඇතැයි රාජ්‍ය නිලධාරීහු පවසති.
ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් හිස් අතින් පැමිණ පසුව ආධාර
කාර්යාලයෙන් ලබාගෙන විපතට පත් පුද්ගලයින්ට ලබා දී ඇතැයි ද
වාර්තාවේ.
ඥාණසාර රිලවෙක්.. බුදු හාමුදුරුවන්ගේ මූණේ දැලි ගානවා..- දඹර අමිල[Video]
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රිලවෙක්
ලෙස නැටවන අයෙක් වුවත් මේ දැලි ගාන්නේ බුදුන් වහන්සේගේ මුහුණේ බව පූජ්‍ය
දඹර අමිල හිමියෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ ‘පුරවැසි බලය’ සංවිධානය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
VIDEO
ශ්‍රී ලන්කන්, කොටස් වෙලඳපල, මහපොළ මට ඕනෑමයි.. නැතහොත් බැදුම්කර මගඩියේ සියළු රහස් හෙලි කරනවා..- විදේශ ඇමති කාළකණ්නි කරුපයියා අන්තිම රතු එලි දල්වයි..!!!
ශ්‍රී ලන්කන් ගුවන් සේවය, මහපොල අරමුදල හා කොටස් වෙලදපල තම අමාත්‍යංශයේ
විෂය පථයට අතුලත් කල යුතු බවට විදේශ ඇමති රවි කරුණානායක විසින් දැඩිව බල
කරමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.
එම ආයතන නොපවරන්නේ නම් පැදුම්කර මගඩියේ සියළු රහස් හෙලි කරන බවටද විදේශ ඇමති
කරුපයියා අනතුරු ඇගවීමක් කර ඇතැයිද සදහන්ය.
එක්නැලිගොඩගේ බිරිද රජයට විරෝධය පා දිවි නසාගැනීමට මුහුදට පනී...!!!
අතුරුදහන් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද ඇතුළු පරිසක් දිවි
නසා ගැනීමට මුහුදට පැන ඇති අතර අසලම සිටි ඵන්.ජී.ඕ පිටපත අනුව කලින් සූදානම් කළ පිරිසක් විසින් ඔවුන් බේරාගෙන තිබේ.
ඊයේ දිනයේ මෙම සිදුවීම වූයේ ත්‍රිකුණාමලයේදීය.
PHOTO