ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 11, 2017

අර අම්මණ්ඩිගේ සංහිදියාවේ උතුරට පන්සල් බෑලු … !!!

විග්නේෂ්වරන් …සිවාජලිංගම්ට අදාළ නොවුණාට ඥානසාර හිමිට අදාළයි …ලොට්ට මහාචාරි සරත් විජේසුරිය බළ කාමියෙක් …දන්නේ සැප විදින්න...!!!
 බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආගම් වලට විරුද්ධව කටයුතු නොකරන බවත් උන්වහන්සේ ආවේගශිලිව කටයුතු කරන බව දේශ හිතෙෂි භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියන් පවසයි.කැස්බෑව බලමුළුවේ දේශනයක් හා එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
අද වෙනතුරු කිසිදු පල්ලියකට ප්‍රහාරයක් එල්ලවී නොමැති බව පෙන්වා දෙන බෙංගමුවේ නාලක හිමියන් වැඩිදුරටත් කියා සිටියේ ,උ /නැගෙනහිර විශාල ලෙස පුරාවස්තු සංහාරයක් සිදුවන බවයි.

වියෝව සහ මනුෂ්‍යය සංතාපය...!!! මඟඵල ලාභය සඳහා නිවැරදි පිළිවෙත කුමක්ද...?

කෙනෙකුගේ වියෝව අපට දැනෙන්නේ කෙසේද? එය එම පුද්ගලයා සමඟ අප දක්වන බැඳීම අනුව වෙනස් විය හැකිය. එසේම පුද්ගලයාගේ පුද්ගලික හා සමාජීය වටිනාකම අනුව හා ඒ පුද්ගලයා සතුව පැවති සාරධර්ම අනුව වියෝව නිසා ඇතිවන මානසික බලපෑම වෙනස්විය හැකිය. යම් පුද්ගලයෙකු සතුව උසස් සාරධර්ම පවතින්නේ නම් ඒ පුද්ගලයා සමඟ පවතින ඥාතීත්වයක් හෝ බැඳීමක් නැතිව ද අපට වියෝ දුකක් ඇති විය හැකිය. එය එසේ වන්නේ අපගේ මානසිකත්වය ඒ පුද්ගලයාගේ පැවැත්ම හා බැඳී පැවතීමයි. මේ බැඳී පැවතීම සිදු වනුයේ තෘෂ්ණාව, ඇල්ම, ආශාව හා උපාදානය නිසාය. එසේ කිසිදු ඇල්මක්, ආශාවක්, තෘෂ්ණාවක් උපාදානයක් නොමැති නම් පුද්ගලයෙකුගේ වියෝව නිසා අපට වියෝ දුකක් හට නොගනියි. ඥාතීත්වය නිසා ඇති වන මානසික බැඳීම කවර ස්වරූපයෙන් තිබේද...? ඒ පුද්ගලයාගේ පැවැත්ම අපගේ පැවැත්මට උපකාර වීම පවතින මේ මානසික බැඳීමට හේතුවයි. අපගේ පැවැත්ම රඳා පැවතීමට තිබූ උපකාර අහිමිවී යාම නිසා ශෝකය හටගනියි. එසේ නම් සත්‍ය ලෙස අපට දුකක් ඇතිවූයේ හුදු ඒ පුද්ගලයාගේ වියෝව නිසා නොව ඒ පුද්ගලයා නිසා තමන්ගේ පැවැත්මට සිදුවූ පාඩුව නිසාය.තමන්ට ඇතිවූ පාඩුව නිසා ඇතිවන මේ ශෝකය මුලුමනින්ම ආත්මාර්ථකාමී හැඟීම මත රඳා පවතින ආකාරය සිහියෙන් දකින්න.එවිට මානසික ධර්මතාවල ක්‍රියාකාරීත්වය ඔබට භාවනාවක ස්වරූපයෙන් දැක ගැනීමට ලැබෙනු ඇත. මෙය එක්තරා අයුරින් විදර්ශනා භාවනා වැඩීමේ ක්‍රමයකි. කෙනෙකුගේ වියෝවින් දුක්වීමට වඩා ඒ සංසිද්ධිය සිතේ දියුණුවට උපකාර කරගෙන මේ දිගු සසරින් එතෙර විය හැකිනම් එය වඩා ඥාණාන්විත පිළිවෙතයි.එම වියෝ දුක සත්‍යාවබෝධය පිණිස උපකාර කරගත හැකිය.අටලෝ දහම අටලෝදහමින් එතෙරවීමට උපායක් කරගත හැකිනම් කෙලෙස්මාරයාව ඔබට පහසුවෙන් පරාජයට පත්කර සදාලික ජයග්‍රාහයෙකු විය හැක.ඊට මඟ පෙන්වීම මෙහි අරමුණයි.

ඔය මහත්වරුන්ට නෝනාවරුන්ට පිං සිද්ධ වෙනවා. ...!!! ඔබගේ කාරුණික අවධානයට...!!!

* විඳින දුක කියන්න කෙනෙක්‌ නැහැ මහත්තයෝ 'පපුව පිච්චි පිච්චි ජීවත්වෙන මට පුළුවන් උපකාරයක්‌ කරන්න' 30 හැවිරිදි තිදරු මව හැඬූ කඳුළින් කියයි...!!!ඔබගේ කාරුණික අවධානයට...!!!
 සැමියා තම දරුවන් සහ තමා අතහැර යැම නිසා ජීවත්වීමට මගක්‌ නොමැතිවීමෙන් ජීවිතය පවා එපාවන තත්ත්වයක්‌ උදාවී ඇති බව වයස අවුරුදු 30 ක තිදරු මවක්‌ වන දෙල්ගොඩගේ දෝන සුදර්ශිකා සඳමාලි (ජා.හැ. අංකය 198761403232) පවසා සිටින්නීය.
දැනට මොරටුව ලක්‍ෂපතියේ කුලී නිවාසයක දිවිගෙවන තමාට මෙම 15 වැනිදා එම කුලී නිවසෙන්ද ඉවත්වන ලෙස දන්වා ඇති නිසා සිව්හැවිරිදි තම දියණියද සමඟ මහපාරට වැටීමට සිදුවන බව ඇය පවසන්නීය.
දරු තිදෙනාගෙන් වැඩිමහල් දරු දෙදෙනා (වයස 10 සහ 8) සැමියාගේ මවට භාරදුන් බවත් තමා ළඟ සිටින සිව්හැවිරිදි දියණිය සහ තමා නඩත්තු වන්නේ මහලු පියා කුලියක්‌ කර ගෙනෙන මුදලකින් බවත් ඇතැම් දිනවලට කුසට අහරක්‌ පවා නොමැතිව දිවිගෙවන බවත් ඇඬූ කඳුළින් ඇය පවසන්නීය.

දයාසොරිට සොරිම තමයි...!!! සුසන්තිකා දයාසිරි නම් දේශපාළු අපතයා නැත්තට නැති කරයි....!!!

දයාසිරි අන්දකයිප්පු කාලා.. දයාසිරි චන්ඩියාට සුසන්තිකා දෙරණේදී බඩ පුරා නෙලයි.
 තමනට මෙතෙක් ක්‍රිඩා අමාත්‍යාංශය හරහා ගෙවූ මාසික දීමනාව නොයෙකුත් හේතු කියමින් වර්තමාන ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර නම් දේශපාළු අපතයා විසින් නවතා දැමීම නිසා ඇයට හිමිව තිබු ශ්‍රී ලංකාවට ඉතා වටිනා රිදි පදක්කම් වෙන්දේසි කොට ජිවත් වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට තීරණය කල බව ඔලිම්පික් රිදී පදක්කම් ලාභි කෙටි දුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසන්නීය.
මේ ගැටලුව සම්බන්ධව ඇය විසින් වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචන කරනු ලැබුවේ මේ සතියේදී දෙරණ රූපවාහිනියේ “මොකද වුණේ” වැඩසටහනට සහභාගි වෙමිනි.[Video]

කරුපයියාගේ කල්ල මරේ....!!!

සංවර්ධන ලොතරැයියෙන් රටම හදනවා..- විදේශ ඇමති ලොතරැයි කතා කියයි..!!!


සංවර්ධන ලොතරැයිය ඉදිරියේදී නවීකරණයකට ලක් කරන බව විදේශ ඇමති රවි කරුණානායක  පවසයි.
මාතරදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.VIDEO

කරුප්පයියා තවත් මාළිගාවක් තනයි...!!!

ඇමතිගේ දැවැන්ත නිවසේ කෝටි ගණනක ගෘහ භාණ්ඩ ඇණැවුම ප‍්‍රකට සමාගමට.. වෙනත් ඇණැවුම් බාර ගැනීම නවතා දමයි..!!!


ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් කොළඹ ප‍්‍රදේශයේ ඉදිකරමින් ඇති සුපිරි නිවසක් සදහා ගෘහ භාණ්ඩ නිපදවීම සදහා ඇණැවුමක් මෙරට ප‍්‍රසිද්ධ ගෘහ භාණ්ඩ සමාගමකට ලබා දී තිබේ.
මෙම සුවිසල් ඇණැවුම නිසා එම සමාගම ඉදිරි මාස තුනක කාලයේදී වෙනත් නිසිම ඇණැවුමක් බාර නොගැනීමට තීරනය කර ඇත.

හැම ගිණුමක්ම සිංහල බොදු සංවිධාන වලටම බැර කරන ජාතිවාදී හම්බයාට වැරදේ....!!!

දේශපේ‍්‍රමී මුස්ලිම් ව්‍යාපාරිකයාට ගහන්න අත්පපුඩියක්..‘සිංහලයන් කඩ ගිනිතියනවා’ කියූ හකීම්ගේ ජාතිවාදී රෙද්ද ලිහා දමයි..[Video] සිංහලයන් විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇතැයි ඇමති හකීම් කරන ප‍්‍රකාශය සහමුලින්ම ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඔහු පැවසීය.
 මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් නාවලපිටියේ පිහිටි කර්මාන්ත ශාලාවක් ජාතිවාදීන් විසින් ගිනි තබා ඇති බවට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම්  උත්සව සභාවක් අමතමින් ප‍්‍රසිද්ධියේ කියා සිටියේය.
කෙසේ වෙතත් අදාල කර්මාන්ත ශාලාවේ හිමිකරු විසින් එම ස්ථනයේදීම ප‍්‍රසිද්ධියේ කියා සිටියේ තම කර්මාන්ත ශාලාව ගිනි ගත්තේ කිසිවෙකු විසින් ගිනි තබා නොව විදුලි කාන්දුවකින් බවයි.[Video]

ස්වභාවික විපත් නොම වේවා ! අධර්මිෂ්ඨ බල බිදේවා! සිංහල ජාතියට පින්වත් නායකයන් බිහිවේවා !පිංකම රුවන්මැලිසෑයේ..!!!

රටේ ඇතිවෙමින් පවතින ස්වභාවික විපත් සහ ආපදා තත්වයන් පහව ගොස්, අධර්මිෂ්ඨ පාලකයන්ගේ බල බිදී, සිංහල ජාතියට සුදුසු නායකයන් බිහිවේවා යැයි පතමින් සිදුකෙරෙන අධිෂ්ඨාන පුජාවක් සහ පිරිත් සජ්ජායනයක් ජුනි මස 11 ඉරිදා සවස 4 ට අනුරාධපුර රුවන්මැලි සෑ සළ පතළ මලුවේ දී පැවැත්වේ.
රුවන්මැලි සෑ සමිඳුන්ට දස දහසින් සුදු නෙලුම් මල් පුදා, සුවද පූජා,ශබ්ධ පූජා පවත්වා පිංකම සිදු කෙරේ.

බෞද්ධ ලේබල් ඇලවූ බමුණු දහම හා සැබෑ බුදු දහම

වෙසක් දිනය, පොසොන් දිනය ආදී වශයෙන් නිශ්චිත සුවිශේෂී දිනකට පමණක් වූ බුදු දහමක් අද මෙරට ඇත. ඒ අනුව එම දිනවලට ඉතා තරඟකාරීව මුලු රටම ආවරණය වන පරිදි හැකි ඉහළම අයුරින් බුදු දහම සංකේතානුසාරිව සැමරීමට පුද්ගලයන් හා ආයතන වශයෙන් බහුතර පිරිසකගේ යම් සූදානමක් දකින්නට තිබේ. ත්‍රිපිටක බුදු දහම පිළිබඳව කිසිදු ගැඹුරු හැදෑරීමක් හෝ අධ්‍යයනයකින් තොරව සිදු කරන මෙබඳු සැමරීම් පිටුපස ඇත්තේ හුදු ආගමේ නාමයෙන් සිදු කෙරෙන තවත් එක් වාණිජ කටයුතු සමූහයක් පමණක් බව එම සැමරීම් පිළිබඳව මැනවින් විමර්ශනය කර බලනවිට පෙනී යයි. ඒ සෑම සැමරීමක් පිටුපසම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල යම් යම් අරමුණු පවතින බවද මේ සැමරීම පෙරට දමා ඒ ආයතනවල පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවට නඟන බවත් මේ අනුව නොරහසකි. යම් යම් පුද්ගලයන් පිම්බීමට මෙන්ම යම් යම් ආයතන පිම්බීමටද බොහෝ පිරිසකට අවශ්‍යව තිබේ. බුදු දහම සැමරීම යනුවෙන් ක්‍රියාත්මක කෙරෙනුයේ සැබවින්ම බෞද්ධ සංකේත උලුප්පා ප්‍රදර්ශනය කරවීමට වඩා වැඩිමනත් දෙයක් නොවේ. ඊට විවිධ ජන සන්නිවේදන මාධ්‍යවලද සිය ප්‍රදර්ශන කාලය හැකි තරම් බෞද්ධ සංකේත වැඩිපුර පෙන්වීමට තරඟකාරීව කටයුතු කරති. මෙසේ බෞද්ධ සංකේත ප්‍රදර්ශනය කිරීමේ සැබෑ අරමුණවනුයේ සිය මාධ්‍ය ජාලය සෙසු මාධ්‍ය ජාල අතරින් වඩාත් බෞද්ධ බව තරඟකාරී ලෙස ඉස්මතු කරලීමයි. එසේම එම මාධ්‍ය ජාලවල ප්‍රධානීන්හටද ඇත්තේ බුදු දහම පිළිබඳ අල්ප අවබෝධයක් බවට ඒවායේ විකාශය වන නොගැඹුරු වූ බෞද්ධ වැඩසටහන් අගනා සාධකයකි.

රටේ කරුමෙට ඇමැත්තෙක් වූ කුරුණෑගල සිල්ලර කඩේ නපුංසක කොලු ගැටයා ....!!!

අධ්‍යාපන ඇමැතිවරයා කටින් වමාරන දේ ක්‍රියාවෙන් ඔප්පු නොකරන වගට කදිම සාක්‍ෂිය මෙම පෙළපොත මුද්‍රණය කර සිසුන් අතට පත් කිරීමය. අධ්‍යාපනය භාර වගකිවයුත්තන්ට මේ අයුරින් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළ හැකි අන් රටක්‌ ලොව කොතැනක හෝ තිබිය නොහැකිය. 
 කෘත්‍රීම කඩදාසියේ පෙළපොත මුද්‍රණය කිරීමේ ප්‍රධානම ගැටලුව නම් එය දරුවන්ගේ සෞඛ්‍යයට හිතකර ද යන්න අධ්‍යාපන අමාත්‍යාංශය සොයා බැලුවේ ද යන්නය. පෙළපොතක්‌ යනු දරුවන් සන්තකයෙහි නිරන්තරයෙන් පරිහරණය වන්නකි. එම කඩදාසිය දරුවන්ගේ ශරීර සෞඛ්‍ය හිතකර නොවන වගට පොත මුද්‍රණයට පෙර ම කරුණු ඉදිරිපත්ව තිබියදීත් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීමක්‌ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට නොතිබුණු බව ඉතාම පැහැදිලිය. කිසිවකුට හෝ එවන් වුවමනාවක්‌ තිබුණේ වී නම් කෘත්‍රීම පෙළපොත මුද්‍රණය කිරීම පසෙකලා එම යෝජනාව ඉදිරිපත් කළවූන්ට දඬුවම් කරන්නේය.
ඇස්‌ දුර්වල කරන පෙනහළු නරක්‌ කරන විෂ කඩදාසියේ මුද්‍රිත පාඩම් පොත මෙන්න... ශ්‍රී ලංකාවේ පමණයි...

දයාසොරි සොරිම තමා....!!!

සුසන්තිකාගෙන් පාඩමක් ඉගෙන නොගෙන ඇමති දයාසිරි පඩුවස්නුවර සමූපකාරයට පැන යකා නටා තම ගමේ මිනිස්සුන්ටත් පහර දෙයි..
 පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව රැස්වූයේ දැනට සමුපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු පරිපාලනය ඇති දූෂණයන් සම්බන්ධව එහි වර්තමාන සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහායි.
මෙහිදී පඩුවස්නුවර ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම වර්තමාන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මුල සිටම තම හිත්වතකු වන දූෂිත සභාපතිවරයා ආරක්ෂාකර ගැනිමට මෙම මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීමට නොයෙකුත් උපක්‍රම යෙදුහ, එහෙත් සමූපකාරයට ලැදි එහි සමාජිකත්වය විසින් මහා සබාව රැස් කොට අවශ්‍ය තීරණය ගෑනිමට සූදානම් වුහ.
ඒ සමගම මැර පිරිසක් සමඟ සමූපකාර පරිශ්‍රය තුලට කඩා වැදුන දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සමාජිකයින්ට මෙන්ම සමූපකාර සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගය ගෙන ඒමට සුදානම් වූ අධ්‍යක්ෂවරයෙකුටද පහර දී එම සාමකාමී මහා සභා රැස්වීම කඩාකප්පල් කරන ලදි.

මහ පඹයාගේ නිවට තීරණයෙන් හොර කරුප්පයියා ගොඩේ ගොඩ...!!!

පසුගියදා සිදු කරන ලද ඇමති මණ්ඩල සංශෝධනයට අදාල නව අමාත්‍යංශ සදහා විෂය පථයන් ඇතුලත් ගැසට් ගැසට් පත‍්‍රය නිකුත් කර තිබේ.
මෙගින් ලොතරැයි මණ්ඩල දෙක ඇතුළු ආයතන පහක් විදෙස් අමාත්‍යංශයට එක් කර ඇති අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යයශය යටතේ ආයතන 33ක් ගැසට් කර ඇත.රවි සටන දිනයි.. ලොතරැයි මණ්ඩල ඇතුළු ආයතන පහක් අලූත් ගැසට්ටුවෙන් විදෙස් අමාත්‍යංශයට… ගැසට් පත‍්‍රය මෙන්න..

සැබෑ විධායක බලය භුක්‌තිවිඳින්නා බවට අගමැති පත් කිරීම...!!!

නව අතුරු වාර්තාවට අනුව මේ සෑම අවස්‌ථාවක ම ජනාධිපතිවරයාට අදාළ ක්‍රියාමාර්ග ගත හැක්‌කේ අගමැතිගේ උපදෙස්‌ මත පමණි (අතුරු වාර්තාව/නව, 38 පිටුව). ඒ අනුව මේ වගන්ති සැබෑ විධායක බලය භුක්‌තිවිඳින්නා බවට අගමැති පත් කිරීමට සංශෝධන ගෙන ඒමේ අදහස ඇති ව කෙටුම්පත් කර ඇති බව පෙනේ.
 ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කෙරී ඇති යෝජනා මෙ රට බුද්ධාගමට හිමි ප්‍රමුඛතාව අහිමි කෙරෙන රට ෆෙඩරල් කෙරෙන, ජනවර්ග හා ආගමික විශ්වාස මත බෙදීම් ඇති කෙරෙන භයානක නිර්දේශ සමූහයක්‌ බව පැහැදිලි ය. මේ සමස්‌ත යෝජනාවලිය පරාජය කිරීමට කටයුතු කිරීම මවුබිමට ආදරය කරන සෑම රට වැසියකුගේ ම අද ප්‍රමුඛ කාර්යය වේ. 
 වත්මන් රජයේ ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය ආරම්භ වූයේ ලාල් විඡේනායක ගේ ප්‍රධානත්වයෙන් මහජන අදහස්‌ ලබාගැනීමට යෑයි කියා පත් කරන ලද කමිටුවේ නිර්දේශයන් සමඟ ය. 
 කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  විසින් මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තා කෙටුම්පතෙහි ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමටත් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය නැති කිරීමටත් හේතු වන යෝජනා ය. ඒකාබද්ධ විපක්‌ෂය ඒ කෙටුම්පතට ප්‍රතිචාර දක්‌වමින් එහි නිර්දේශයන් ප්‍රතික්‌ෂේප කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.