ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 9, 2017

දියගම තාක්ෂණ විද්‍යාපීඨයේ බුදු මැදුරටත් සංහිදියාව හරස් වෙයි..!

 විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම, දියගම අක්කර 22ක භූමි භාගයක ඉදි කරන ලද නව තාක්ෂණ විද්‍යා පීඨය ඉදිකළ කොන්ත්‍රාත් සමගම (ICC) විසින් එම සමාගමේ පූර්ණ වියදමින් මිලියන දෙකක් පමණ වැයකර ඉදිකිරීමට යෝජිතව තිබූ බුදු මැදුර ඉදිකිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් නවතා දමා ඇතැයි වාර්තා වේ.
අනෙකුත් ආගම් හා ජාතිවලට අයත් සිසුන් සහ සේවක පිරිස් මෙහි අධ්‍යන කටයුතු සහ සේවා කටයුතුවල නියැළෙන බැවින් බුදු මැදුර ඉදිකිරීම තුළින් සංහිදියාවට බාධාවක් වියහැකි හෙයින් එවැන්නටක ඉඩ කඩ සලසාදීම ප්‍රතික්ෂේප වී ඇතැයිද පැවසේ.

අන්තවාදී නිලධාරීන්ගෙන් බැටකන එරාවූර් සිංහලයන්ගේ ඉරණම !!!

මඩකලපුව ඒරාවුර්වල සිංහලයන්ට තියෙන ගැටලු නම් නිමාවක්‌ නැහැ. ඒ ගැන අපි නිරන්තරයෙන් සටහන් කළා. ඒරාවුර් මාර්කට්‌ එකේ අපේ සිංහලයින්ට කඩවල් 48 ක්‌ තිබ්බා. යුද්ධ කාලේ ඉඩම් අත් ඇරලා ගියපු මේ අයට නැවතත් ඒවා ලැබුණේ නැහැ. මාර්කට්‌ ඒකේ කඩවල් ටික යුද්දෙන් පස්‌සේ වෙන අය අල්ලගෙන හිටියා. තමන්ගේ උරුමය සොයාගෙන පැමිණි සිංහල ජනයා අන්ත අසරණ වුණා. අන්තිමේදී තමන්ගේ අයිතිය වෙනුවෙන් ඒ අයට උසාවි ගාණේ යන්න වුණා.
මේ කරදර අවහිර මැද එරාවුර් අබලන් කඩ කාමරයකට වෙලා අනෝමායි එයාගේ අම්මායි දෙන්නා පුංචි වෙළෙඳාමක්‌ කරන් හිටියා. සිංහල අය පන්නන්න හදන අන්තවාදී නිලධාරින් විදුලිය ලබා දුන්නේ නැහැ. අනෝමලා අවුරුදු ගාණක්‌ තිස්‌සේ විදුලිය ඉල්ලුවා. බලධාරීන්ට ලියුම් මිටි ගණන් ලිව්වා. ඒත් වැඩක්‌ වුණේ නැහැ. අපි පත්තරේටත් දිගින් දිගටම ලිව්වා. ඒත් විදුලිය ලැබුණේ නැහැ. අනෝමලාට විදුලිය නැතිවෙද්දී දවසක්‌ කොක්‌කක්‌ ගහලා විදුලිය ගත්තා. ඒකට අනෝමලාට උසාවි දාලා දඩත් ගැහුවා. අහල පහල අය ප්‍රසිද්ධයේම කොකු ගහලා හොරෙන් විදුලිය ගත්තා. ඒ අන්තවාදි කණ්‌ණාඩියෙන් වැහිලා ඉන්න විදුලි බල නිලධාරීන්ට ඒවා පෙනුනේ නැහැ.

කටාර් මුදල් යොදාගන විල්පත්තුව කැපුවේ මුස්ලිම් කලාපයක් හදන්නයි – චෝදනාව තහවුරු වේ....!!!

මුස්ලිම් අන්තවාදය, ත්‍රස්තවාදය සහ ආක්‍රමණය පෝෂණය කිරීම සදහා කටාර් රාජ්‍ය මුදල් යොදවනවායැයි පවසමින් මුස්ලිම් ලීගයේ රටවල් කටාර් රාජ්‍ය සමග තිබු සබදතා අත්හැරීමත් සමගම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සදහාද කටාර් රාජ්‍ය මුදල් යෙදවූ බව තහවුරු වන බව බොදු බල සේනා ස්සන්විධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ අද (6) පැවති මාධ්‍ය හමුවකදී මේ පිලිබදව කරුණු වාර්තා කර සිටියා.
කටාර් රාජ්‍යයේ මුල්‍ය අනුග්‍රහයෙන් මන්නාරම කේන්ද්‍ර කරගන, විල්පත්තුව ආශ්‍රිත වනාන්තර පද්ධතිය සංහාරය කරමින්අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් වෙනම මුස්ලිම් කලාපයක් හදමින් අන්තවාදී ව්‍යාපාරයකට අවශ්‍ය පදනම යොදමින් සිටින බව බොදු බල සේනා සංවිධානය 2012 වසරේ සිට චෝදනා කර සිටියා. ඒ සමගම රටේ ජනමාධ්‍ය මේ පිලිබදව දිගින් දිගටම කරුණු වාර්තා කර සිටි අතර එවකට පැවති රජයට හෝ වර්තමාන රජයට මෙම ආක්‍රමණය නැවත්වීමට නොහැකිවූ බවයි විතානගේ  ප්‍රකාශ කර සිටියේ.PHOTOS

කටාර් ජාතිකයන් සමග සබදතා පැවැත්වුවොත් දැඩි දඩුවම්.. ඔස්ට්‍රේලියා ගුවන් සේවාත් කටාරය අතහරී !

කටාර් ජාතිකයන්ට අනුකම්පාව දක්වන සහ ඔවුන් සමග සබදකම් පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාක්මක කරන බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව සිරගත කිරීමට හෝ දඩ මුදලක් නියම කල හැකි බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය යේ නීතිපති අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එමිර් රාජ්‍යයේ පවතින ෆෙඩරල් නීතිය අනුව වසර15ක් දක්වා වු සිර දඩුවමක් සහ එමිර් ඩිරාම් 500,000 (ඇ.ඩෝ 136,000) කට නොඅඩු දඩයක් නියම කල හැකිය.
වගකීම් විරහිතව ක්‍රියා කරන සහ එමීර් රාජ්‍යයේ ස්ථාවරත්වයට හානි කිරීමට උත්සහ කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව උපදේශකයකු වන ආචාර්ය හමාඩ් සයිෆ් අල්ෂැම්සි Al Bayan පුවත්පතට ප්‍රකාශ කර ඇත.

කටාරය සමග ඇමති රිෂාද් ගේ සෘජු සබදතා.. සිදුකල ව්‍යාපෘති හා ඇමතිගේ ගිණුම් වහා පරීක්ෂා කරනු !!

ISIS ඉස්ලාම් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ලවී ඇති කටාර් රාජ්‍ය සමග අමාත්‍ය රිෂාඩ් බදුයුර්දීන් පැහැදිලි සම්බන්ධතා පවත්වා ඇති බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි පවසයි. අද ( 09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
ඒ නිසා වහාම අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය පැහැදිලි පරීක්ෂණයක් සිදු කල යුතු බවද උන්වහන්සේ සදහන් කළා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ මාගල්කන්ද්දේ සුදත්ත හිමියන්,
“දැන් කටාර් එක්ක තියන සබදතා අරාබි රටවල් නවතා දමා තිබෙනවා. සියළුම සම්බන්ධතා මෙයට ඇතුළත්. ඇයි මේ අත්හිටුවීම සිදු කලේ ? කටාර් රාජ්‍යය ISIS සංවිධානය පෝෂණය කරනවා කියන චෝදනාව මත. අන්න දැන් තමා බළලා මල්ලෙන් එළියට පැනපු අවස්ථාව.

ලබ්බක් අල්ලාගෙන ඥානසාර හිමි අල්ලන්න හදනවා …

“ලබ්බ ” කියන්නේ ශුද්ධ සිංහල වචනයක් …ලබ්බක් අල්ලාගෙන ඥානසාර හිමි අල්ලන්න හදනවා ….සිංහල නොදන්න කමට ඥානසාර හිමි පලි නෑ …සිංහල ශබ්ද කෝෂය කියවා එන්න ...!!!
“ලබ්බ ” යනු ශුද්ධ සිංහල වචනයක් බැවින් ඥානසාර හිමියන් ඒ වචනය භාවිතා කලේ මුස්ලිම් ජනතාවට හෝ අල්ලහ් දෙවියන්ට අපහාස කිරීමට නොවන බව , සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි පවසයි.අද ( 09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.“දැන් මේ මුස්ලිම් ඇමතිවරු ඥානසාර හිමියන් ඉලක්ක කරගෙන යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් උන්වහන්සේ පස්සෙන් එලවනවා.”ලබ්බ ” කියන එක කිව්වා කියලා තමා දැන් මේ කියන්නේ.ලබ්බ කියන්නේ ශුද්ද සිංහල භාෂාවේ වචනයක්.මේකෙන් තෙරෙන්නේ මේ අය සිංහල නොදන්නකම.ලබ්බ කියලා කියන්නේ සිංහල ජන ව්‍යවහාරයේ තියන සුද්ද සිංහල වචනයක්.තවත් සරලව කියනවා නම් අපි පොළව යට යම් දෙයක් හොයනවා කියන්නකෝ.පොළව හාරනවා කියන්නකෝ.එතනදී මේ පොළව හාරනවා නම් ඒ හාරන තැන මුකුත් නැතිනම් අපි සිංහලයෝ හැටියට කියනවා මෙතන මොන ලබ්බක්වත් නෑ කියනවා.ඒ කියන්නේ එතන හිස් , මුකුත් නෑ.කියන එක.ඒකෙන් කොහොමද කාට හරි අපහසයක් වෙන්නේ ඥානසාර හිමියන් ලබ්බ කියලා කිව්වේ අල්ලාහ් දෙවියන්ටවත් මුස්ලිම් ජනයාටවත් අපහාස කරන්න නෙමේ.මේ සිංහල රටේ සුද්ධ සිංහල කතා කරන්න අපිට අයිතියක් තියනවා.

ජිනීවා වෙත පැමිණිල්ලක්‌

කොටි ස්‌මාරකවලට ඉඩ නැතැයි ශ්‍රී ලංකා හමුදාවට හා බුද්ධි අංශයට එරෙහිව ජිනීවා වෙත පැමිණිල්ලක්‌...!!!
 කොටි ස්‌මාරක ස්‌ථාපිත කිරීම සඳහා ඉඩ නොදෙන බව දන්වමින් ශ්‍රී ලංකා හමුදාවට සහ බුද්ධි අංශයට එරෙහිව ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත පැමිණිල්ලක්‌ යොමුකර ඇත.
මැයි 17 දා මුල්ලිවයික්‌කාල්හිදී ස්‌මාරකයක්‌ ස්‌ථාපිත කිරීමට එලි රාඡේන්ද්‍රම් පියනම උත්සාහ කළ අවස්‌ථාවේ හමුදා බුද්ධි සේවාව එම පියනමට හයවරක්‌ තර්ජනය කළ බවට අසත්‍ය කරුණු දක්‌වමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

10ක්‌ ඝාතනයේ කොටි සාමාජිකයකුට නවාතැන් සැපයූ සිද්ධියේ සැකකරුට නිදහස....!!!

කොටුව ලෝටස්‌ පාරේදී යතුරුපැදියකින් පැමිණි පොලිස්‌ බස්‌ රථයක්‌ ඉලක්‌ක කොට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කොට පොලිස්‌ නිලධාරීන් දසදෙනකු ඝාතනය කළ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකුට හා එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසකට නවාතැන් ලබාදීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවකු වන කුලතුංග හෙට්‌ටිආරච්චිගේ මැල්කම් ටිරෝන් විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ නියෝග කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.