ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 29, 2017

'මෝරා' ලංකාව අතහැර බංග්ලාදේශයට යයි

මධ්‍යම බෙංගාල බොක්‌ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව 'මෝරා' අද (30 වැනිදා) සිට දිවයිනෙන් ඈතට බංග්ලාදේශය දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෝරා සුළි කුණාටුව දිවයිනෙන් ඈතට ගමන් කළ ද එහි බලපෑම හේතුවෙන් අහස වලාකුළුවලින් බරව පවතින බවද, වැසි සහ සුළං තත්ත්වයක්‌ අපේක්‍ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියුක්‌ත කාලගුණ විද්‍යාඥ නිමල් බණ්‌ඩාර  පැවසීය.
බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද, විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මිමි 100 ක තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

නවක්‌කුලිය ගමේ නම ශාන්තිපුරම් කරන්න පිරිසක්‌ දත කති

යාපනයේ නාවක්‌කුලිය නමැති සිංහල ගම්මානයේ නම ශාන්තිපුරම් ලෙස වෙනස්‌ කිරීමට දේශපාලනඥයකු ප්‍රමුඛ පිරිසක්‌ ක්‍රියා කරන බව එම ගම්මානයේ පදිංචිකරුවෝ කියා සිටිති.
මෙම ගම්මානය සහ ඊට යාබදව පිහිටා ඇති බෞද්ධ විහාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ හමුදා කඳවුරද ඉවත් කරන ලෙස මෙම පිරිස රජයෙන් ඉල්ලා ඇත.
සංහිඳියා ක්‍රියාදාමයට පහසුවනු පිණිස මෙම ගම්මානයේ නම ශාන්තිපුරම් ලෙස වෙනස්‌ කළ යුතු බව ඔවුන් දන්වා ඇත.

යාපනයේ ස්‌වාධීන රාජ්‍ය මිත්‍යාව


පෘතුගීසීන් යාපනයේ ගතකළ කාලය ඇසුරින්...
පෘතුගීසීන් පැමිණීමට පෙර කෝට්‌ටේ ප්‍රමුඛ
උප රාජ්‍ය 15ක්‌ තිබී ඇත.
1543 දී වෙහෙර විහාර බිඳ පල්ලි ඉදිකර තිබේ.
පෘතුගීසීහු යාපනය සමඟ නිතර ගැටුම් ඇති කර ගත්හ.


යාපනය හා පෘතුගීසීන් පිළිබ`දව කතාකිරීම මේ යුගයේ ඉතා වැදගත් වන්නේ යාපනේ ස්‌වාධීන රාජ්‍යයක්‌ තිබුණේ යෑයි දෙමළ දේශපාලන නායකයින් ප්‍රකාශ කරන නිසාය. යාපනේ පැවති තම ස්‌වාධීන රාජ්‍යය 1620 දී පෘතුගීසීන් යටත් කරගත් අතර, 1658 දී ලන්දේසීන් ද 1795 දී ඉංගී්‍රසීන්ද යටත් කරගත් බවත් 1815 දී උඩරට රාජ්‍යයද යටත් කරගෙන එක රාජ්‍යයක්‌ ලෙස පාලනය කරන ලදුව 1948 දී නිදහස ලබාදීමේ දී එකම රාජ්‍යයක්‌ බවට පත් කිරීම නිසා තම ස්‌වාධීන රාජ්‍යය අහිමි වූ බව ඔවුන් පවසයි. දැන් ඔවුන් සටන් කරන්නේ එම ස්‌වාධීන රාජ්‍යය ලබාගැනීමට බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

මධ්‍යම කදුකරයට මහා සුළං … වැසි නොනවතී …නාය යෑමේ අවධානම එලෙසමයි !!!


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමි ප‍්‍රදේශවලට අද (29) අලූයම සිට තද සුළං තත්ත්වයක් පවතිනවා. අධික සුළගත් සමග ප‍්‍රධාන මාර්ග වලට ගස් වැටීමේ අවධානමක්ද පවතිනවා. අධික සුළං තත්ත්වයත් සමග වරින් වර විදුලියද විසන්ධි වන අතර සුළං තත්ත්වයත් සමග සුලූ වර්ෂා පතනයක් සහ ඝණ මිදුමි තත්ත්වයත් මතුවි තිබෙනවා.
මේ අතර දිස්ත‍්‍රික්ක 07කට පැනවූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මැති ඇමති නඩත්තුවට කෝටි 300 ක් …!!!

 ගංවතුරෙන් විපතට පත් එක් අයෙකු නඩත්තුවට ග්‍රාමසේවකට රු .200 යි …එයත් වේල් තුනටමයි …!!!
මැති ඇමතිලාට අති නවීන වාහන ගෙන්වා ගැනීම සදහා කෝටි 300 කට ආසන්න පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන ආණ්ඩුවක් ගංවතුරෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් එක් පුද්ගලයෙකුට පමණක් වෙන් කර ඇත්තේ රුපියල් දෙසිය ගාණක මුදලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.නාත්තණ්ඩිය පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

29 උදේ පොලිස් වාර්තා අනුව තවම යටවී තිබෙන ප්‍රධාන මාර්ග...!!!

පැවති අධික වර්ෂාවත් සමග ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මාර්ග රැසක් ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ. 29 උදෑසන පොලිස් වාර්තාව අනුව ඒවා මෙසේය. රත්නපුර දිස්ත්‍රීක්කයේ රත්නපුර - කලවාන, රත්නපුර - පානදුර, රත්නපුර - පලාවෙල මාර්ග ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම කුරුවිට - ගොකරැල්ල , කලවාන - රත්නපුර, කලවාන - පොතුපිටිය, කලවාන - මතුගම, ඇහැළියගොඩ - එල්ලාවල, පොතුපිටිය - රක්වාන , කොළොන්න - දෙනියාය, නිවිතිගල - කලවාන, කිරිඇල්ල - පානදුර යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බැවින් රථවාහන ගමනා ගමනය ඇණ හිට තිබේ. කළුතර දිස්ත්‍රීක්කයේ කළුතර - කෙත්හේන, බදුරලිය - අත්වැල්තොට, බුලත්සිංහල - බදුරලිය, කළවැල්ලාව - තෙබුවන, මතුගම - කළුතර, වැලිපැන්න - අලුත්ගම, අලුත්ගම - මතුගම, කළුතර - හොරණ, තෙබුවන - නෑබඩ යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි. ගාල්ල දිස්ත්‍රීක්කයේ නෙළුව - දෙල්ලව, නෙළුව - උඩුගම, නෙළුව - පැලවත්ත, උඩුගම - බද්දේගම, වඳුරඹ - මාපලගම, වඳුරඹ - යක්කලමුල්ල, වඳුරඹ - බද්දේගම, පෝද්දල - බද්දේගම, වක්වැල්ල - ගිංතොට, හිනිදුම - නෙළුව, හිනිදුම - උඩුගම, හිනිදුම - අකුරැස්ස යන මාර්ග ජලයෙන් යටවී තිබේ.

වාහන මිලදී ගැනීම ගංවතුර නිසා පොඩ්ඩකට කල් දැම්මා ...!!!

කෝටි ගණනක් වැය කර ඇමතිවරුන්ට වාහන ගෙන ඒමට තිබුණ වැඩපිළිවෙල තාවකාලිකව කල් දැමූ බව
 ධීවර අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොටදී මාධ්‍ය අමතමින් පවසා තිබේ.
ජනතාවට සහන ලබාදී අවසන් වන තෙක් රජයට  නව වාහන මිලදී ගැනීමක් සිදු නොවන නමුත් ඉන් පසුව එය සිදුකරන බව ඔහු පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්...!!!

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දිවයින  හරහා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) උදෑසන නිවේදනය කළේය.

වෛද්‍ය ප‍්‍රතිකාර සදහා රනිල් ඇමරිකාවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාව බලා පිටත්ව ඇතැයි වාර්තා වේ.  අග්‍රාමත්‍යවරයා ඇමෙරිකාව බලා පිටිත්ව ඇත්තේ සිය පෞද්ගලික සංචාරයක් සඳහා බවත්, එහිදී වික්‍රමසිංහ  වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට නියමිත බවත් අගමැති කාර්යාල සමීප ආරංචි මාර්ග පවසයි.

ආධාර රැගෙන ගිය හෙළිකොප්ටරයක් ගාල්ලේදී කඩා වැටෙයි...!!!

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ඉනිමන්කඩ ප‍්‍රදේශයේ දී කඩා වැටී තිබෙනවා.PHOTO

ඔබේ මතකයට...!!!

රටම අගාධ අපදාවකට ලක්වී ඇති මේ මොහොතේ  අපේම ඇතැම් මෝඩ මිනිසුන්ගේ ඡන්දයෙන් පාර්ළිමේන්තුවට පැනගත් උපේක්‍ෂලා,හිරුනිකාලා වගේ ඵවුන් මේ දවස්වල ගෙවල් වල ජොලියෙ ඇති නේද...? නැවත උන් වගේ ඵවුනට අසු නොවන්න බලන්න උන් ගැන අප ඵදා පළකල ලිපි....!!!

සංවේදී ෆේස්බුක් සටහන(PHOTO)

“අනේ අයියේ මේක කාපං කිව්වම එකත් අපිට දික්කරනවා.. සලකනව මදි බං උඹලට” මිහිපිට දෙවිවරු වෙනුවෙන් තැබූ සංවේදී ෆේස්බුක් සටහන(PHOTO)
 අපේ රටේ මිනිස්සු ළඟ ලොකුවට සල්ලි බාගේ නැතත් හිත පිරෙන්නම මනුස්සකකම තියෙනවා.අපේම මිනිසුන්ට විපතක් වුන වෙලාවක තමන් ගැන නොසිතා අනිත් අයව ඒ කරදරයෙන් මුදා ගන්න අපේ රටේ අය පෙළ ගැසෙන්නේ ඒ නිසයි.ඒ අතරින් රණවිරුවන් ප්‍රධාන තැනක් ගන්නවා.හිසට සෙවණක්-කුසට අහරක් නැතිව දිවා රෑ නොබලා රණවිරුවන් සිදු කරන මෙහෙය ගැන FACEBOOK එකේ තරුණයෙකු සංවේදි සටහනක් තබා තිබුනේ මෙහෙමයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.