ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 28, 2017

ආපදා පාලනයට නීති තිබියදී ඒ නීති ක්‍රියාත්මක නො කරන්නේ කලු සුද්දන් ලංකාවේ බලවත් නිසාද?

2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ නොකර රජයේ නිලධාරීන් රජයේ දේපළ මිනිසුන් වෙනුවෙන් යෙදවිය නොහැකියි. මේක තේරුම් ගන්නේ නැති මැටි මෝල්ලු අපේ රටේ ඉන්නේ.


මේ වගේ සෙල්ලමක් අතුරුදහන් කාර්යාල පිහිටුවීමේ පනත සම්මත කර ගන්නකොටත් වුණා. ඒ වෙලේ සොරොව් විවෘත කර කොළඹ යට කළා. කොස්ගම අවි ගබඩාව පිපිරෙව්ව... අතුරුදහන් කාර්යාල පිහිටුවීමේ පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ජනතාවට අවස්ථාවක් තිබුණේ නෑ. ඒ අවස්ථාවේත් ආපදාවෙන් /ව්‍යසනයෙන් ජනතාව පීඩාවට පත් වෙන්න ඉඩ ඇරියා.

අවතැන්වූ අසරණයන්ටත් අත උස්සන්න ගිය යූ.ඵන්.පී බල්ලෙක්...!!!

ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රදවා සිටින මල්වාන ලෙනගම්පල පන්සලට ඊයේ පස්වරුවේ පැමිණ ඇති එජාප දේශපාලන ප‍්‍රබලයෙකු එහි සිටි අවතැන් පිරිසකට පහර දීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.
රජයෙන් ආධාර ලැබීම මෙතරම් ප‍්‍රමාද මන්දැයි ප‍්‍රදේශවාසීන් විමසද්දී මෙම දේශපාලකයාට දැඩි විරෝධතාවක් එල්ල වූ අතර ඉන් කෝප වූ ඔහු පරුෂවචනයෙන් බැනවදිමින් අවතැන් වූවන්ට පහර දීමටද උත්සාහ කර ඇත.

රට රැක දුන් විරුවන් සැමරුමටවත් ඉඩ නොදෙන යහපාලන අපතයෝ..!!!

දිවිපිදු විරුවන් 29932 ක් …ආබාධිතවූ විරුවන් 14000 ක් …පහන් 29932 ක් දල්වා මහා බෝධි පූජාමය පිංකමක් …යහපාලන ආණ්ඩුවෙන් බාධා ?
ලබන 30 දා නාරාහේන්පිට පිහිටි අභයාරාම විහාරස්ථානයේදී යුද්ධයේදී මිය රණවිරුවන් සිහි කිරීමේ සැමරුම් උත්සවයක් පැවැත්වෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
30 වසරක යුද්ධය නිමා කිරීම සදහා දිවි දුන් රණවිරුවන් සහ ඒ වෙනුවෙන් ආබාධිතවූ රණවිරුවන් කිසිලෙසකින් අමතක කල නොහැකි බවද උන්වහන්සේ පැවසුවා.අද බොහෝ දෙනෙකුට එය අමතකවී ඇති බවත් එය සිහිපත් කිරීම බොහෝ අයට ඇස් වලට කටු වලින් අනින්නා සේ සමාන බවද උන්වහන්සේ සදහන් කළා.

මහ පිංපියො ඵකෙක් නැහැ...!!!පොඩි පිංපියො බෝට්ටු සවාරි ආතල්...!!!රටට ගිය කළක්...!!!

මහා ආපදා මැද ආණ්ඩුවේ ඇමතිලා බෝට්ටු සවාරියේ …ජනාධිපති සහ අගමැතිත් මෙතෙක් හතර මායිමක පස් පාගා නෑ …

ගංවතුර නිසා පීඩාවට පත්වී සිටින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ලබා දෙන සහන ප්‍රමාණවත් නොවන බව විපතට පත් ජනතාව පවසනවා.එම ජනතාව චෝදනා කරනු ලබන්නේ හමුදාව සහ පොලිසිය එක්ව පීඩාවට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට මහා කැපකිරීමකින් කටයුතු කලද ආණ්ඩුවෙන් එවන් මැදිහත් වීමක් සිදු නොවන බවයි.
විපතට පත් ජනතාව මුදා ගන්නවා යැයි කියමින් දේශපාලඥයන් මාධ්‍යට පෙනෙන්නට බෝට්ටු වලින් සවාරි යන බවටද එම ජනතාව චෝදනා කරනවා.ඡන්ද කාලයට පෙනෙන්න සිටී එකදු දේශපාලඥයෙක් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසා දීමට ඉදිරිපත් නොවුණ බවයි එම ජනතාව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.VIDEO

මරණ 146 තෙක් ඉහල නගී.. දැනට නිල වාර්තාව මෙන්න..

දිස්ත‍්‍රික්ක 15ක් පුරා ඇතිව තිබෙන ආපදා තත්වය හේතු කරගෙන 146 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට එම මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජාතික ව්‍යසනයේදී රට පැන සිටි රනිලාගේ පොන්සි ටෝක්...!!!

‘රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ. කොටසකට යන්නේ. ඔ්නම තැනට වතුර ඇවිල්ල නෑ. නුවුමනා තැනට ඇවිල්ල තියෙන්නෙ. විශේෂයෙන්ම ජලාශවල වතුර මට්ටම වෙනකොට මට එව්ව ඉස්සර දවස් කිහිපයෙ ලැබන වැස්ස ප‍්‍රමාණය. කුකුලෙ මිලිමීටර පන්සිය ගානක්. දැන් ඔ්ක අපට මිලි මීටර් 150 වෙනකොට කිවුවනම් අඩු කරගෙන සමහර ඒව නවත්ගන්න තිබුන’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ  පැවසීය. 


රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ.. කුකුලේට මිලිමීටර් 150 වෙනකොට අපට කිවුවනම් අඩු කරගෙන නවත්වන්න තිබුණා..- අගමැති [Video]

බලා හිටපියව් අපතයො දෙයි මේං කියලා....!!!

ගං වතුරෙන් ආපදාවට ලක් වූවන් වෙනුවෙන් සියළු මන්ත‍්‍රීන්ගේ මසක වැටුප දෙන්නයි ඉල්ලීමක්...!!!ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සදහා සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මසක වැටුප පරිත්‍යාග කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ගාල්ලේ මේ වන විට තත්වය ගුවනින්...!!!

මේ අතර රට පුරා ලක්‍ෂ තුනකට අධික පිරිසකට විදුලි බල සැපයීම විසන්ධි කර දැමූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
පවතින ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙසේ විදුලිය විසන්ධි කර ඇතැයිද මණ්ඩලය කියා සිටී.ගාල්ල දිස්ත්රික්කයට අයත් නෙළුව, තවලම, ඕපාත, නියාගම, තල්ගස්වල, මාපළගම, බද්දේගම, කහදූව ගංවතුරට යටව ඇති අයුරු.PHOTOS

සුමනරතන හිමියන්ට පහර දුන් පොලිස් සුණඛයෝ..!!!

බීමතින් සිටි පොලිස් නිලධාරීන් විසින් තමනට විහාරස්තානයෙදී පහර දුන් බවත් පසුව පොළීසියෙන්ද එළියට ඇද දැමූ බවත් අම්පිටියේ සුමනරතන මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ පවසති.

සංහිඳියාව වෙනුවෙන් බිලිදෙන බෞද්ධයා ...!!!

ජාතිවාදයට, ආගම්වාදයට ඉඩ දෙන්න එපා යෑයි ජාතික තරුණ දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ  කළ ප්‍රකාශය බොහෝ මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍යයන්හි ප්‍රචාරය කර තිබිණි. ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම ශිෂ්ට ලෝකයේ යහපැවැත්මට සුදුසු නොවේ. වසර තිහක්‌ තිස්‌සේ ජාතිවාදී යුද්ධයකින් බැටකෑ අපි ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධ ජාතියක්‌ වෙමු. ආගම්වාදයේ එක්‌ උමතු ස්‌වභාවය ම්ලේච්ඡ ස්‌වභාවය හොඳින් දැකගන්නට හැකිවූ එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ මැන්චෙස්‌ටර් ප්‍රහාරයයි. මෙම ප්‍රහාරය එල්ල කළ අයිසීස්‌ මුස්‌ලිම් අන්තවාදී සංවිධානය ප්‍රකාශ කළේ කවරක්‌ද? "ඔව් අපි නුඹලාගේ දරුවන් ඝාතනය කළා" යනුවෙන් නොවේද? ලංකාවේ ආගමික යුද්ධයක්‌ නැත. එය පැතිරවීමට උත්සාහ කරන්නේ බෞද්ධයන් නොවේ. යහපාලන ආණ්‌ඩුව ජාත්‍යන්තර වෙසක්‌ දිනය සමරා සති කිහිපයක්‌ යන විට ආගමික ගැටුම් ඇති කිරීමට උත්සාහ ගන්න එපා යෑයි තර්ජනය කරන්නේ කාටද? බෞද්ධ සංවිධානවලට නොවේද? බොදුබල සේනාව තහනම් කර හෝ ඥනසාර හිමියන් සිරගත කර මෙරට ආගමික සහජීවනය ඇති කළ හැකිද? යහපාලන ආණ්‌ඩුව මුස්‌ලිම් අන්තවාදය සතුටු කිරීම වෙනුවෙන් බෞද්ධ ජාතික ව්‍යාපාරය තලා දැමීමට සූදානම් වන බව පෙනී යයි. එය ආණ්‌ඩුවටම පාරා වළල්ලක්‌ වන බව නම් පැහැදිලිsව සටහන් කළ හැකිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.