ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 12, 2017

මාරයා සහ මාර දූවරු සැබෑවක් ද ?

වෙසක් සතිය වෙනුවෙන්  ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගෙන් සාරගර්භ විශේෂ ලිපි පෙළක්  ලංකානිව්ස් වෙතින්...!!!


 බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලට සිදු කළ පශ්චාත් කාලීන අර්ථ දැක්වීම් මඟින් එකී ඉගැන්වීම් නිසි ආකාරයෙන් සන්නිවේදනය වූවේද යන කරුණ පිළිබඳව විද්වතුන් විසින් විවිධ අදහස් මතුකරනු ලැබ තිබේ. විවිධ බෞද්ධ සම්පුදායයන් විසින් ගරු කරනු ලැබූ ඒ ඒ සම්ප්‍රදායයන්ටම අන්‍යන්‍ය වූ සම්භාවනීය අර්ථකථන ඇත. විචාර පූර්වක ආකල්පයකින් කටයුතු කිරීම උදෙසා බුදු හිමියන් විසින් ස්වකීය ශ්‍රාවකයින්හට පිරිනමනු ලැබූ චින්තන නිදහස බුදු දහම ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත වීමේ දී ධනාත්මක සාධකයක් ලෙස බෙහෙවින්ම බලපා තිබේ. විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර ස්ථවිර පාක්ෂික ( ථේරවාදී බුදු දහම ) මහා විහාර සම්ප්‍රදාය තුළ ශ්‍රී ලංකික අන්‍යන්‍යතාවය මතු වනු දැකගත හැකිය. ස්වකීය අන්‍යන්‍යතාව ප්‍රකට කිරීමේ ලක්ෂණයක් වශයෙන් ආගමික කටයුතු උදෙසා‍ පාලි භාෂාව ථේරවාදීන් විසින් භාවිතා කරන ලදී. මුල් කාලීන සම්බුද්ධ දේශනා ඒ ස්වරූපයෙන්ම පාලියට නඟා ග්‍රන්ථගත කිරීමත් ඒවායෙහි අර්ථකථන පහදා දීම සදහා පාලි භාෂාව මුල් කරගනු ලැබූ අට්ඨකථා සම්ප්‍රදායක් පවත්වා ගැනීමත් යන කරුණු පිහිටාධාර කොටගෙන බුදුන් වහන්සේ ඉගැන්වීම් හැකිතාක් දුරට ඒ මුල් ස්වරූපයෙන්ම ආරක්ෂා කර ගන්නා ලදී.

සිංහල දේශපාළු අපතයෝ මර නින්දේ...!!! උතුර අනතුරේ...!!!


උතුරේ සිදුවන්නේ කුමක්‌ද? මෙරට බහුතරය මේ සිදුවන ක්‍රියා නොදනී. උතුරු පළාත් සභාව මේ සතියේදී යෝජනාවක්‌ සම්මත කරමින් පලාලි ගුවන්තොටුපළ ඉන්දීය රජයේ සහයෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කරන ලෙස ඉල්ලීමක්‌ කළේය.
එහි අරමුණ කුමක්‌ද? පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ කිරීමෙන් උතුරේ බෙදුම්වාදී පාර්ශ්වවලට සෘජුව විදේශ රටවලට යා හැකිය. එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පලාලි වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ද අහිමි වන්නේ එම ගුවන්තොටුපළ සිවිල් ගුවන්තොටක්‌ බවට පත්වීමෙනි.

හලාවත මුතුපන්තිය වෙරළෙන් කෝටි 200ක කුඩු අල්ලයි...!!!

ඩිෆෙන්ඩරය කාගේද...?
ඩිෆෙන්ඩරයකින් කොළඹට ගෙනයන්න හදලා...!!!


 පාකිස්‌තානයේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක්‌ හලාවත, මුතුපන්තිය මුහුදු තීරයේදී පුත්තලම දිස්‌ත්‍රික්‌ පොලිස්‌ බුද්ධි අංශ නිලධාරීන් විසින්  (11 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
එම හෙරොයින් තොගය ... සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක පටවා ගෙන කොළඹට රැගෙන යැමට සූදානමින් තිබී ඇති අතර එහිදී ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩු ලන්සා නැවත කළ ඵළි බැහැලා...!!!

සිය  පවුල පිටින් රට හැර ගිය මහා පරිමාණ කුඩු බෙදා හැරීමේ නියුතු අවලමෙකු වන කුඩු ලන්සා නැවත පැමිණ කරළියට බැස ඇත.ඒ හා සමගින් නැවත කුඩු මාෆියාව වර්ධනය වෙමින් පවතී.පසුගියදා කුඩු කිලෝ 200 ක දැවැන්ත කුඩු තොගය ප්‍රවාහනය කළ ඩිෆෙන්ඩරයද ඌට අයත් බව සනාථවී ඇත.
මේ අපත දේශපාළු පාහරයාට නැවත ප්‍රසිද්ධිය ලබාදීමට ඇතැම් ප්‍රකාශණ උත්සාහ දැරීම රටේ අවාසනාවකී.මහින්දගේ ඔඩොක්කු කුක්කෙකුවූ මේ කුඩු ව්‍යාපාරික ලන්සාට මේ යහපාලනයේ්ත් පඹරාල විසින් ඇමති පදවියක් පිරිනමා ඇත. FCID යට බියෙන් මූ රට පැන්නද යහපාලනයේ් දේශපාළු අපතයන් නැවත ඵය වසා දැමීමට යන බවට ඇති ආරංචියෙන් මෙරටට විත් නැවත මහින්දටම ප්ලග් වීමට මාන බලයි.මේ ඒ අපතයා ගැන පළවූ පුවතක්...වීඩියෝ

පිළිකා රෝහලේ පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය ‘කුට්ටි‘ ප්‍රශ්න නිසා තාම මිලදී ගෙන නැහැ

මහරගම පිළිකා රෝහලට යෝජිත පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය තවමත් මිලදී ගෙන නැතැයි වාර්තාවේ. 2016 වසරේ ශ්‍රී ලාංකික ජනතා අරමුදලින් රුපියල් මිලියන 250 ක මුදලක්‌ එකතු කර මේ වනවිට මාස 10 ක කාලයක්‌ ගතවී තිබුණත් රජයේ ටෙන්ඩර් පටිපාටියේ සිදුවූ විවිධ අක්‍රමිකතා සහ අකාර්යක්‍ෂමතාවන් නිසා මෙම පෙට්‌ ස්‌කෑන් යන්ත්‍රය මිලදී ගැනීමේ කටයුතු අඩාල වී ඇත. එම උපකරණය මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන පටිපාටියට බැහැරට යමින් ලක්‍ෂ 700 ක්‌ පමණ මිලෙන් වැඩි ලංසුවක්‌ පිළිගැනීමට කටයුතු කර තිබීම ආන්දෝලනයට හේතුවී ඇති අතර මෙම මිලෙන් වැඩි ලංසුව පිළිගැනීමට නිර්දේශ කිරීම ප්‍රසම්පාදන පටිපාටියට අනුකූලව සාධාරණීකරණය කිරීමට මෙම සාමාජිකයන් අපොහොසත් වීම මත එය තවමත් පමාවෙමින් පවතී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.