ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 10, 2017

සක්කාය දිට්ඨිය යනු කුමක්ද...?

වෙසක් සතිය වෙනුවෙන්  ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගෙන් සාරගර්භ විශේෂ ලිපි පෙළක්  ලංකානිව්ස් වෙතින්...!!!



ප්‍රථම මාර්ග ඥාණයේ දී දුරු කරන දස සංයෝජන ධර්ම අතරින් එක් සංයෝජනයක් ලෙස සක්කාය දිට්ඨිය හැඳින් විය හැකිය. සක්කාය දිට්ඨිය මූලික වශයෙන්ම පුද්ගල චිත්ත සන්තානය තුළ ක්‍රියාත්මක වෙමින් පුද්ගලයා සසර තුළ අඛණ්ඩවම රඳවා තබා ගනිමින් කුසල් හා අකුසල් ද, පුණ්‍ය හා පාපය ද සකස්වීමට මඟ හෙළිකර දෙනු ලබයි. මෙයින් පුණ්‍යයෙන් භවගාමී මාර්ගය සැප පක්ෂයෙන් දිගු කෙරෙන අතර, පාපයෙන් එය දුක්ඛ පක්ෂයෙන් දිගු කෙරේ. කුසල් මඟින් භවගාමී ශක්තිය ක්ෂය කිරීමට අවස්ථාව සැලසෙන අතර, අකුසලයෙන් එලෙස වීමට ඉඩ ඇති අවස්ථා වැළකී යයි. කෙසේ හෝ පුද්ගලයෙකු තුළ මුල් බැසගෙන පවත්නා වූ සක්කාය දිට්ඨියෙහි ක්‍රියාකාරීත්වය හා ස්වභාවය අනුව කිසියම් පුද්ගලයෙකු අතින් සිත කය හා වචනය තුන් දොරින් සිදු වන ක්‍රියාවක් පුණ්‍යයක්, පාපයක්, කුසලයක් හෝ අකුසලයක් බවට අර්ථකථනය කෙරේ.
කිසියම් පුද්ගලයෙකු විසින් තමාගේ සංජානන, ආවේදන හා චර්යා ක්‍රියාකාරීත්වයෙහිලා සක්කාය දිට්ඨි සහගතව හෝ රහිතව කටයුතු කිරීමේ ස්වභාවය සෝතාපත්ති හා පෘථග්ජන සීමාව පැහැදිලිවම දැක්විය හැකි අවස්ථාවයි. සමාජයෙහි අන්‍යයන් සමඟ සාමාජීය සබඳත‍ා පවත්වමින් කටයුතු කිරීමේ දී ආත්මාර්ථකාමී බව හා සබැඳුනු තමා හුවා දැක්වීම හා අන්‍යයන් පහත්කොට සැලකීම යනාදී සංජානන, ආවේදන හා චර්යා වලින් වැළකීමට සමත් ස්වභාවය පවා ක්ෂය වූ සක්කාය දිට්ඨියෙහි ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. විපස්සනා භාවනාව යනු ‍ලෝකයෙන් බැහැරට පලා යාම නොව, ජීවත්වන මේ මොහොතේදීම ගැටළු අභියෝග මධ්‍යයේම ඒවා පිළිබදව නිසි අවබෝධයෙන් කටයුතු කිරීම වන නිසා හුදකලා විවේක ස්ථානයකට වී කය සෘජුකොට පද්මාසන ගතව දෙනෙත් අඩවන්ව පියවා ධ්‍යානී ඉරියවුවෙන් නොසෙල් වී හිඳීමින් වඩන භාවනාව පමණක් නොව, එදිනෙදා ජීවිතයෙහි දී ඕනෑම පුද්ගලයෙකුහට මුහුණදීමට සිදුවන දෛනික සිදුවීම් ආශ්‍රිතව ද සක්කාය දිට්ඨියෙන් තොරව කටයුතු කිරීමට, ඒ පිළිබඳව කියවීමෙන් ඇසීමෙන් ලබන ලද මනා අවබෝධය තුළින් හැකිවීම ද භාවනාමය කුසල කර්මයක් ලෙස පැහැදිලි කළ හැකිය. ( අංගුත්තර නිකාය 3, පංචක නිපාත, අනුග්ගහ දිට්ඨි සුත්ත, බු.ජ.මු. )

බෞද්ධ සිද්ධස්ථාන 66 ක් … අන්‍යාගමිකයන් බලහත්කාරයෙන් විනාශ කරති …..!!!

කූරගල ,දෙවනගල ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන 66 ක් … අන්‍යාගමිකයන් බලහත්කාරයෙන් විනාශ කරති … වෙසක් මහා සමුළුවට මුවාවී බුදු සසුන වැනසීමේ සැලසුමක් ! 
ජාත්‍යන්තර වෙසක් සමුළුව මෙරට පැවැත්වීමට ආණ්ඩුවට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි. (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. මහා සංඝරත්නය සිර ගත කරමින් නඩු වලට පටලවා කටයුතු කරමින් සිටින වත්මන් ආණ්ඩුව මේ සැලසුම් සහගතව සිදු කරමින් පවතින්නේ බුද්ධ ශාසනය විනාශ කිරීමේ වැඩපිළිවෙලක බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ අක්මීමන දයාරතන හිමි ,
“බලයට පත් වුණාට පස්සේ මේ ආණ්ඩුව කලේ බුද්ධ ශාසනය විනාශ කරන වැඩපිළිවෙලක්.භික්ෂූන් වහන්සේලා අරගෙන ගිහින් සිරගත කළා.අපිට විරුද්ධව නඩු දාලා අපේ ඇග බැදලා තිබුණා.භික්ෂූන් වහන්සේලා හරි කලකිරීමෙන් ඉන්නේ.උන්වහන්සේලා කිහිප නමක්ම දැන් සිවුරු හැරලා ගිහිල්ලා තියනවා.

ප්‍රභාකරන්ගේ ඔඩ්ඩි මස්සිනා ගෙන් මහ පඹයාට තර්ජණයක්..!!!

18 ජනපතිට උතුර තහනම් …ආවොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා …උතුර


-නැගෙනහිර ජන සංහාර සතියක් !
හෙට දිනයේ සිට උතුර හා නැගෙනහිර පළාත් තුල ජන සංහාර සතියක් ප‍්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජලිංගම් පවසයි.වෙල්ල මුල්ලවෛක්කාල් ඝාතනයන් සිහිපත් කරමින් මෙම සමරුව පවත්වන්නේ උතුරු මහ ඇමති සී.වී. විගනේෂ්වරන් ගේ ප්‍රධානත්වයෙන් බව  (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සිවාජලිංගම් කියා සිටියා. “වෙල්ලිමුල්ලි වෛක්කාල් අවසාන දිනයේ මේ 18 දෙමළ ජනතාවගේ ජන සංහාර දිනය සමරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සමරනකොට අවුරුදු දෙකක් ඉස්සරා ඉදලා අපි ජන සංහාර සතිය කියලා අපි විග්නේෂ්වරන් මහා ඇමතිවරයාගේ නායකත්වයෙන් සමරන්න බලාපොරොත්තු වෙනවා.

බුද්ධ කාලීන බෞද්ධ භික්ෂුණී පැවිද්දේ ආරම්භය හා විකාශය

වෙසක් සතිය වෙනුවෙන්  ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගෙන් සාරගර්භ විශේෂ ලිපි පෙළක්  ලංකානිව්ස් වෙතින්...!!!


 ප්‍රව්‍රජ්‍යාව හෙවත් පැවිද්ද පැවතියේ ශ්‍රමණ නමින් හැඳින්වෙන සම්ප්‍රදාය තුළය. පුරාණ භාරතයෙහි ප්‍රධාන චින්තන සම්ප්‍රදායයන් දෙකක් පැවතිණි. එනම් බ්‍රහ්මහණ හා ශ්‍රමණ යන චින්තන සම්ප්‍රදාය දෙකයි. මෙයින් බ්‍රාහ්මණ සම්ප්‍රදාය අධිකාරමය චින්තනය ස්වකීය කේන්ද්‍රික ඉගැන්වීම් පද්ධතිය ලෙස යොදා ගත් අතර ශ්‍රමණ සම්ප්‍රදාය ස්වකීය කෙන්ද්‍රික ඉගැන්වීම් පද්ධතිය ලෙස යො‍දා ගත්තේ අධිකාරමය චින්තනයෙහි සමාජගත හා පුද්ගලගත පීඩනයට එරෙහිව යාමයි. ඒ මඟින් සාමූහිකත්වය හා මානුෂික බව පිළිබඳ මෛත්‍රිය සමාජය පුරා ව්‍යාප්ත කළහ.
            ශ්‍රමණ සම්ප්‍රදාය 1. තාපස 2. පරිබ්බාජක 3. ආජීවක 4. තිත්ථිය හා 5. නිගණ්ඨ යනුවෙන් කොටස් පහකට බෙදා දැක්විය හැකිය. ෂට් ශාස්තෘවරු නාමයෙන් හැඳින්වෙන පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේස කම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, ජෛන මහාවීර යන ශාස්තෘවරුන්ගේ ධර්‍මය ද අන්තර්ගත වූයේ ශ්‍රමණ සම්ප්‍රදායටමය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ද ශ්‍රමණ සම්ප්‍රදායටම අන්තර්ගත විය.
            මේ අනුව ශ්‍රමණ සම්ප්‍රදාය ද ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණයක් කළ හැකිය. ඒ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය හා අබෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය යනුවෙනි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වන අතර බුදු සමය හැර ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ඉහත විස්තර කරන ලද සියළුම ඉගැන්වීම් අබෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ.VIDEO

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.