ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]ail.com

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 8, 2017

හවුලේ රට කන දේශද්‍රෝහී දේශපාළුවෝ....!!!

දේශපාලන බලපෑම හේතුවෙන් එෆ්.සී.අයි.ඞී.ය වසා දැමිම සදහා සුදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.අද පැවැති ජවිපෙ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ FCID සේවය කළ නිලධාරීන්ට අවලාද නගන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
“මේ අණ්ඩුවට ලැබුණු ජන වරම වුණේ දුෂිතයින්ට දඬුවම් දීමයි. මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාට දුෂිතයින්ට දඬුවම්දීමට ලැබුණු ජන වරම අනුවයි එෆ්.සී.අයි.ඞී. හැදුවේ. ඒ මගින් සිදු කෙරුණේ දුෂිතයන්ට එරෙහිව පැමිණිලි සකස් කිරීම, ලිය කියවිලි සකස් කිරීම කාර්යක්‍ෂම කිරීමයි. මුල් කාලයේ එෆ්.සී.අයි.ඞී. වේගයෙන් කටයුතු කළා. නමුත් මෑත කාලයේ සිට එම ආයතනයට දේශපාලන බලපෑම් එල්ල වුණා. දුෂිතයන්ට එරෙහිව නඩු පැවරීම ප‍්‍රමාද වුණා. ඇතැම් දුෂිතයන්ට එරෙහිව ලිපි ලේඛන අගමැති කාර්යාලයට ගත්තා. දැන් එම දේශපාලන බලපෑම වැඩි වෙලා එෆ්.සී.අයි.ඞී.ය වහලා දාන්න හදනවා. ඒ විතරක් නෙවෙයි එහි සේවය කළ නිලධාරීන්ට අවලාද නගන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. දැන් මේ ආණ්ඩුව තමන්ට ලැබුණු ජනවරම පැත්තකට දාලා තමන්ගේ අරමුණුවලට කටයුතු කරන්න පටන් අරනෙ තියෙනවා.”

ගාලු කොටුවේ ගොඩනැගිලි …. විදේශිකයන්ට කුණු කොල්ලයට විකුණා දමති…...!!!

ගාලු කොටුවේ ඇති ගොඩනැගිලිවලින් 100 වැඩි සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන් විසින් මිලට ගෙන ඇති බව ගාලු උරුමය පදනම පවසයි.එම සංවිධානය සදහන් කලේ ,මීට පෙර 3000 ආසන්න ජන ගහනයක් සිටී කොටුවේ ජන ගහනයද 1500 ට අඩුවී ඇති බවයි.
රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලි 37 ක් ඇතුළුව ගොඩනැගිලි 450 ක් පමණ කොටුවේ තිබෙන අතර ඒවායින් 100 වැඩි ප්‍රමාණයක් මෙලෙස විදේශිකයන් විසින් මිලට ගෙන ඇති බව සදහන්.

කාළකණ්නි දේශපාළු අපතයනි....!!! ලැජ්ජාවක් තිබේද තොපිට...!!!

පසුගිය සතියේ 05 වැනි සිකුරාදා ඇමැතිවරුන්ට වාහන ගන්නට තිස්‌දෙකෝටි අනූඅට ලක්‍ෂයක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආසන්න කාලයේ පාර්ලිමේන්තුවට අදාළ කාරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද දෙවැනි පරිපූරක ඇස්‌තමේන්තුව මෙයයි. මේ ආකාරයට එක පිට එක පරිපූරක ඇස්‌තමේන්තු ඉදිරිපත් කරන ආකාරයෙන් පෙනී යන්නේ කාගෙ කාගෙත් 'රථගායේ' තවමත් අඩුවක්‌ දක්‌නට නැති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මේ වන විටත් ඇමරිකානු ඩොලර් 62500 ක තීරු බදු රහිත වාහන බලපත්‍රයක්‌ ද, මසකට රුපියල් පනස්‌දහසක දුරකථන දීමනාවක්‌ ද මැතිවරණ කොට්‌ඨාසයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යැම උදෙසා රුපියල් හැත්තෑපන්දහසක්‌ ද, ගෙවල් කුලී රුපියල් පනස්‌ දහසක්‌ද, පාර්ලිමේන්තු රැස්‌වීම් සහභාගිත්වයට රුපියල් පනස්‌දහසක්‌ද, නොමිලේ ඉන්ධන දීමනා (කාර්ය මණ්‌ඩලයට ද මෙවැනි පහසුකම් ගණනාවක්‌ දී තිබේ) ඒ අනුව බලන කල මේ මැති ඇමැතිවරු නඩත්තු කරන්නට අතිවිශාල මුදලක්‌ වැය වන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ සඳහා මුදල් හොයන්නේ රටේ ජනතාවට පටි තද කරගන්නට කියනුයේ බොටුව හිරකරන බදුවලිනි. හැබැයි අමාරුව තිබෙන්නේ මීට පෙර 2016 වර්ෂයේ ජුනි මාසයේ ඇමැතිවරු තිස්‌දෙනෙක්‌ සඳහා කෝටි 118 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කෙරිණි. ඊට පසුව ඇමැතිවරු 27 දෙනෙක්‌ සඳහා කෝටි 79 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉල්ලා තිබිණි.

යහපාලන වසර දෙකට මුදල් තොග ගාණට අච්චු ගහලා...!!!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ උපදෙස් මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. (04) බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියා.
මින් පෙර කිසිදු වර්ෂයක මෙපමණ මුදල් ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අච්චු ගසා නොමැති බවයි ඔහු සදහන් කලේ.
නන්දලාල් වීරසිංහ ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සිදුවූ දින පෙරවරුවේ රැස්වූ වෙළද පොළ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.

යහපාලනයෙන් ජාති ද්‍රෝහියා ගොඩ...!!!

අපේ හමුදාවට එරෙහි වූ හිටපු හමුදා ලොක්‌කාට අලුත් තනතුරක්‌...!!!
 ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව පිටු 100 ක දිවුරුම් ප්‍රකාශයක්‌ ඇමරිකානු රජයට ලබාදුන් හිටපු හමුදා නිලධාරියකුට තානාපති ධුරයක්‌ පිරිනමා ඇත.
මොහු දකුණු පළාතේ පරාජිත ඇමැතිවරයකුගේ සමීපතම ඥතියෙකි. හමුදාවෙන් විශ්‍රාම යැමෙන් පසු මෙම හමුදා නිලධාරියා සිය නම වෙනස්‌ කරගෙන ඇතැයි හමුදා ආරංචි මාර්ග පවසයි.

නැවතත් දේශපාලු අපතයන් අට දෙනකුට වාහන ගෙන්වන්න කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක්....!!!

ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක  විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 4 ක පරිපූරක මුදලක් සහ ඇමැතිවරයෙකුගේ නිවසක් අලූත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද මෙම පරිපූරකය මගින් වෙන් කර ඇත.
මීට පෙරද ඇමැතිවරුන් හත් දෙනකුට, රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස්‌ නව කෝටි හතළිස්‌ නව ලක්‍ෂ හැට දෙදහස්‌ හත්සිය අනූවක මුදලක්‌ ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ පසුගිය මාර්තුමස 7 වනදා ඉදිරිපත් කර අනුමත කරවා ගන්නා ලදී.

මෙකල විදර්ශනා භාවනා වඩා මඟඵල ලැබිය හැකිද.... ?

විදර්ශනා භාවනාව පිළිබඳව ගැඹුරු ප්‍රාෙයා්ගික භාවනා අභ්‍යාසවල නිරතවීමටද පැරණි මූලාශ්‍ර ඇසුරින් ඒ පිළිබඳව පර්යේෂණය කිරීමටද මුල්වූයේ මාර්ගඵල ඉපිදවීම සඳහා විදර්ශනා භාවනා වැඩීමට මගේ සිතේ කැඩාකල සිට පැවති උනන්දුව අනුව ප්‍රායෝගිකව විදර්ශනා භාවනාවල නිරතවීමෙන් මාලැබු මානසික අභ්‍යාසයයි. වැඩි වශයෙන් පැවිද්දන් සිදුකරන අති දුෂ්කර විදර්ශනා භාවනා අභ්‍යාසවල නිරතවීමට කුඩා කල සිටම මම හුරුව සිටියෙමි. විදර්ශනා භාවනාව පමණක් නොව බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ පැවිදි ජීවිතය වඩාත් සරු කර ගැනීම සඳහා ඔවුන් වැඩීමට පුරුදුව සිටින නව සීවථක භාවනාව, දෙතිස් කුණප භාවනාව, මරණානුස්සතිය, දස අසුබය ආදී කායානුපස්සනා සතිපට්ඨානයට අයත් බොහෝ භාවනා ක්‍රම මානසික අභ්‍යාස කිරීම මගේ පුරුද්දක්ව පැවතිනි.
ගිහි අයට හොඳ නැතැයි කියනු ඇසෙත්ම මගේ සිතට නැගුනේ බුදුරදුන් දේශනා කර ඇත්නම් නිවන් දකින්නට යොග්‍ය නම් ගිහි අය මේවා කිරීමේ ගැටලුවක් නැති බවයි. අනික කිසිවෙකු එපා කියන දෙය කිරිමේ කුඩා පුරුද්දක්ද මට තිබිණ. වෙනත් අය එපා කියන්නේ ඇයි ? එසේ නම් එය කර මා විසින්ම එයට හේතු වටහාගත යුතු යැයි වැටහීමක් මට තිබිණ. ගිහි පැවිදි භේදය තියෙන්නේ මතුපිට ස්ථරය අතරය. මමත් සිවුරක් හැඳි භික්ෂුවක් නම් මගේ මානසික පැවැත්ම තිබිය යුතු පිළිවෙලට අනුව මම විදර්ශනා භාවනා මානසික අභ්‍යාස සිදු කලෙමි. ඒ ආකාරයට ගිහියෙකු ලෙස මතුපිටින් පෙනී සිටිමින්ම ඇතුලතින් එනම් සිත අභ්‍යන්තරයෙන් භික්ෂුවක පරිදිම මම ඉතා දැඩිව හා ගැඹුරු මට්ටමෙන් බෞද්ධ භික්ෂුවක් සිදු කරන සෑම මානසික අභ්‍යාසකම නිරත වූයෙමි. එය මට පසු කාලයකදී බුදු දහම මෙතරම් ගැඹුරු මට්ටමින් අවබෝධ කර ගැනීමට විශාල උපකාරයක් විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.