ඈ බොල මරික්කාර් ..
මොකද බං උඹ රෑට රෑට අපේ ගෙදර ටීවී එකෙන් ඇවිත්,
'මීතොටමුල්ලට අරව දෙන්න, මේව දෙන්න ජනාධිපතිතුමාට කියනවා, අගමැතිතුමාට
කියනවා' කිය කිිය, එ්ක මට කියන්නෙ.
ගිහින් කෙළින්ම උන්නැහේලාට කියහංකො.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරුන් ගේ ඉතිහාසයේ රනිල් අධ්‍යාපන ඇමතිකම දරලා තියෙන්නෙ, 80-89 කාලේ.
කොහොමද බොලව්, සාර්ථකත්වය?
අන්තිමට 80,000ක් කොල්ලො, කෙල්ලො වළපල්ලෙ.
මැරිච්ච බහුතරයක් 20 වයස් එවුන්.
ඒ කියන්නෙ රනිල් අධ්‍යාපන ඇමතිකම ගන්න කොට 5 පන්තියේ විතර හිටපු දරුවෝ තමයි, වධකාගාරවල දස වධ විඳලා ඝාතනය වුණේ.
නායකත්වය කියන්නෙ මොකක්ද?
මැයි දිනයේ රැළිවලට යන එක ගැන අපි පොදු ජනතාව ගෙන් ඇහුවා, බොලව්.
- ඔබ යන්නේ මොන රැළියට ද? (මැදිවියේ පිරිමියෙක්)
1 - ඇටඹේ.
අපි - ඇටඹේ නෙවෙයි. ගැටඹේ නේද?
1 - නෑ ඇටඹේ, තමයි.
අපි - වැරැදියි නේද?
1 - ඇටඹේ තමයි ඕයි. මම නේ අපේ ගමේ සංවිධායක.
- ඔබ යන්නේ මොන රැළියට ද? (තරුණයෙක්)
2 - ගෝල්පේස් නං යන්නෙ නෑ.
අපි - ඇයි, පක්ෂයෙන් අවුල් ද?
ඉස්සර ටෙලිනාට්‍යවල හිටියේ, 'පළිඟු මැණිකේලා'.
දැන් ඉන්නෙ, 'ලිඟු මැණිකේලා'
සෝමවීර සේනානායක - 'පළිඟු මැණිකේ' ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න ඉස්සර
ධම්ම ජාගොඩ මහත්මයා හෝටලයක් කුලියට අරන්, මාත් එක්ක මාසයක් තිස්සේ සේරම
චරිත තනියෙන් රඟ දක්වලා බැලුවා.
මැණිකේ අත්තනායක - නාන දර්ශනයක් ගන්න මට පැය 7ක් නාන්න සිද්ධ වුණා.
මේ වන විටද ප්‍රදේශයේ ඩෙංගු රෝගය නිසා මිය ගිය ළමුන්ගේ අවමඟුල් සිදුවෙමින් පවතී.මේ දැක්වෙන්නේද ඩෙංගු නිසා රෝහල්ගතව සිටිනා ප්‍රදේශවාසී තරුණියකී.වැලිසර නාවික කඳවුර මැදින් සහ වැලිසර රෝහල අතරින් 6 වාට්ටුව ද අතරින් ගලා යන අඩි විස්සේ කුණු ඇල නිසා ඒ අවට ගම් වාසීන් හට ඇතිවී ඇත්තේ මාරාන්තික ඩෙංගු,බරවා සහ මැලේරියා මදුරු උවදුරකී.මෙහි ඇතැම් නිවාස වාසීන් කුණු දමන්නේද මේ ඇළ මාර්ගයටමය.ඒ අතර ඇළ ඉවුරද ඇතැම් අය අනවසරයෙන් ගොඩ කර ඇතත් මෙම වගකිවයුතු නිළධාරීන් නිහඬව සිටී.
මේ වන විටද කුඩා දරුවන් 50 අධික සංඛයාවක් ඩෙංගු රෝගයට ගොදුරුව රෝහල් ගත කොට ඇත.වහාම මේ සම්බන්ධව අවධානය යොමුකළ යුතුය.මේ ඇළ ඩෙංගු මදුරු කීටයන්ගේ විමානයකී.
වීඩියෝ සහිතයි
කුණුකන්ද -
වෙල මැද කුණුකන්ද කාටත් පරවේනී
රැක්කා ඉලව්වට ඇවිදින් සුදු පෝනී
දීලා කැහි ගෑනි ගත්තා හොටු ගෑනී
අපේ දුකට නාඩන් බලු උලලේනී
බොරුවට අත ගගා ආදර කිරිපල්ල
දෙව්වා ඡන්ද ටික හොර මන්තිරිගොල්ල
ලොරි පිට ලොරි ඇවිත් ගොඩ කර කුණුකොල්ල
දෙවියන් බුදුනි ඉවරයි මීතොටමුල්ල
තාමත් ඇහෙනවා තැන තැනක කනුකුනු

සමාජයේ හැමදිනකම සමරිසි බව පිළිබඳව විවිධ සාකච්ඡා
ඇති වේ. සමහරු සමරිසි බව සම්පූර්ණ ගැරහීමට ලක්කර කතාබහ කරති. සමරිසිබව පාපයෙහි
ආදීනවයක් ලෙසද පාපීකාරී චර්යාවක් ලෙසටද අදහස් දක්වති. මෙබඳු අදහස් ඇති අය බහුතර
පිරිසක් අධික ලෙස ආගමට බර ආකල්ප සහිත අය බව ඔවුන් දක්වන අදහස්, ආකල්ප හා මතවාද
අනුව පෙනි යයි. කෙසේ වෙතත් මානුෂිකව මේ ගැටලුව පිළිබඳව සිතා බලන අය අල්ප මට්ටමක
තිබෙන බව දැකිය හැකිය.සමරිසි බවට ගැරහීම හෝ අනුකූලව පක්ෂපාතී වීම තමන්ගේ
පුද්ගලිකත්වය එමඟින් ඉස්මතු කරන කරුණක් ලෙස සලකා සමහරු ප්‍රසිද්ධියේ ඊට හැරහීම හා
පක්ෂපාතීවීම සිදු කරන බවක්ද පෙනී යයි. නමුත් මෙහිදී දැක්වියයුතු වැදගත්ම කරුණ නම්
කිසිවිටෙක කෙනෙකු දක්වන පුද්ගලික අදහසක් සමඟ කිසිදු ආකාරයක ඒ පුද්ගලයාගේ චර්යා
මට්ටම එකඟතාවයක් නොදක්වන බවයි. කෙනෙකුට හොරෙක් හෝ මිනීමරුවෙකු පිළිබඳව සානුකම්පිත
දෘෂ්ටියක් දැක්විය හැකිය. නමුත් එමඟින් ඒ දෘෂ්ටිය දරණ පුද්ගලයා හොරෙකු හෝ
මිනීමරුවෙකු බවට ඉඟියක් නොලැබෙයි. එසේම ඔහු හොරකමට හෝ මිනීමැරීමට අනුබලයක් හෝ
සහයෝගයක් එමඟින් ලබා නොදෙන්නෙකු වේ. නමුදු ඒ පිළිබඳව ඇති වැරදි නිර්ණායක නිසා මෙකල
බහුතර සමාජ ප්‍රජාවගේ ආකල්ප සකස්ව පවතියේ නිවැරදි ලෙස නොව වැරදි ලෙසවීම අවාසනාවකි.
මේ හේතුව නිසාම බොහෝ දෙනෙකු අද සිත යටින් එකක් තබාගෙන සමාජය ආකල්ප කෙරෙහි බියෙන්
ඊට හාත්පසින්ම වෙනත් දෙයක් පවසති.
මෙකල ජන සමාජය විද්‍යාව හා තාක්ෂණ යන අංශයන්ගෙන්
ඉතා දියුණු මට්ටමක පවතියි. එහෙත් ගැටලුව ඇති වනුයේ එසේ ලද දියුණුව හොඳ යහපත් දෙයකට
යොදවා ගෙන තිබේද යන කාරණයයි. එසේ වීමට නම් දියුණුවට සමගාමීව රටක ජනතාවගේ ආකල්පද,
සිතුම් පැතුම්ද අපේක්ෂණද යහපත් විය යුතුය. තාක්ෂණය පමණක් දියුණු මට්ටමක තිබියදී
ආකල්ප, සිතුම් පැතුම් හා අපේක්ෂණ පහළ මට්ටමක පැවතීම වඳුරන් අතපත් දැලි පිහි
මට්ටමට සමාජය පත්වීම නොවන්නේද? අද මෙරට ජන සමාජයට සිදුව ඇත්තේ මෙන්න මේ කාරණයයි.
විද්‍යා තාක්ෂණ දියුණුවට සමගාමීව දියුණු තාක්ෂණ සන්නිවේදන උපකරණ සමාජයේ දැඩි
ලෙස ව්‍යාප්තවී පවතියි. නමුත් එයට සමගාමීව මෙරට ජන ප්‍රජාව තුළ යහපත් ආකල්ප
සිතුම් පැතුම් හා අපේක්ෂණ නැත. එබඳු චෛතසික දිළිඳු බවේ ලක්ෂණ අද මෙරට ව්‍යාප්තවී
ඇති විවිධ සයිබර් අපරාධ හරහා දැකගැනීමට ලැබේ. විශේෂයෙන්ම සන්නිවේදනය දියුණුව ඇති
මෙකල සයිබර් අවකාශයට මුදාහරින සෑම දෙයකම ප්‍රමිතියක් පැවතියි යුතුය.
ජූනි 15-25 දිනයන්හිදී කොළඹදී ජාත්‍යන්තර සමලිංගික සැණකෙළිය (Colombo
Pride) පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා
ගණනාවක් පලවෙයි.
දින දහයක් පුරා මෙම සැණකෙලිය පැවැත්වෙන්නේ Mount Lavinia හෝටලයේදී හා Goethe ආයතනයේදීය.