ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 25, 2017

මතක තබා ගන්න මේ සල්ලි අපේම රටේ මිනිසුන් රවටා ගත් ඒවා බව..!!! මතක තබා ගන්න මේ අපතයා .!!!

මේවා ඇසෙන්නේ ලංකාවෙන්ම පමණී...!!!

කෝටි 4 ක කාරයක් වයස අවුරුදු 1 මිණිපිරීට තෑගි දුන් මෝඩ පිම්පියෙක්...!!! ජනතා මුදලින් සිඟිති ආතල් ගත් පිම්පියා...!!!හැම පක්‍ෂයේම සිටින හොර දේශපාළු අපතයන් කම්බා හොරුන්වේ.මේ දිනවල  පොහොට්ටුව ලෙස පක්‍ෂයක් අටවාගෙන බලයට ඒමට යත්න දරන්නේද ගිය රජයේ සිටිමින් කොමිස් ගසා  හෝ වෙනත් හැකි සෑම ලෙසකින්ම ජනතා ධනය සොරාගත් අධම අපතයන් බව අමතක නොකරන්න....!!!
මහින්ද රාජපක්ෂගේ රජයේ සිවිල් ගුවන් සේවා කැබිනට් ඇමති ප්‍රියංකර ජයරත්නගේ මිණිපිරියගෙ උපන්දිනය සම්බන්ධ පුවතක් නිසා මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් හටගෙන තිබේ.එහි ඡායාරූප  පහතින්....

ලෝ ප්‍රකට සාටක සුණඛයා නොහොත් බැසිල්ට තිරුකුමාර්ට අධිචෝදනා....!!!

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ සාටක සුණඛයා හා තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා තමන්ට අයිති නැති බව පවසන මල්වානේ මාපිටිගම ප්‍රදේශයේ අක්‌කර දහසයක ඉඩම සහිත සුඛෝපභෝගී දෙමහල් නවීන පන්නයේ නිවෙස සම්බන්ධව එම දෙදෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙන හෙයින් නොතිසි නිකුත් කරන දිනයට මහාධිකරණයේ පෙනී සිටින ලෙස එම වගඋත්තරකරුවන්ට පූගොඩ මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර  ඊයේ (25 වැනිදා) නියෝග කළාය.
තවද මෙම නඩුව දැන් මහාධිකරණයට යොමු කර තිබෙන නිසා මෙම අධිකරණයේ විභාග වූ මේ නඩුව අවසන් කරන බව ද මෙම නඩුව ඊයේ (25 වැනිදා) පූගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවූ අවස්‌ථාවේ මහෙස්‌ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඇමති බෙන්ස් එකට ලක්‍ෂ 320යි – මීතොටමුල්ල මියගිය අයකුට ලක්‍ෂයයි..

ශ්‍රී ලංකාව සතු බලශක්ති සුරක්‍ෂිතතාව අහිමිකර ඉන්දියාවට අල්ලේ නැටවීමට නැති පරිදි අවාසිදායක කරුණු 12කින් යුත් අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සූදානමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණ අනතුරු හඟවා සිටී...
‘ඇමති බෙන්ස් එකට ලක්‍ෂ 320යි – මීතොටමුල්ල මියගිය අයකුට ලක්‍ෂයයි!
මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මියගිය ජනතාවගේ පවුල්වලට හෝ ඒ නිසා දේපළ හානි සිදු වූ ජනතාවට සහන සැලසීමට මේ ආණ්ඩුවට කිසිදු උවමනාවක් නැති බවයි පෙනෙන්නේ. සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසුවත් මේ ආණ්ඩුව කටයුතු කළේ මේ ආකාරයටම නොසැලකිලිමත් ලෙසයි. ඇමති බෙන්ස් රථයකට රුපියල් ලක්‍ෂ 320ක් වැය කරන මේ අෘණ්ඩුව, ඒ අනවශ්‍ය වියදම නතර කළා නම් මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය අයකුට රුපියල් ලක්‍ෂ 50කට අධික වන්දි මුදලක් ගෙවන්න තිබුණා.

අවලං සුණඛ දේණුව කළ ආගමික අපහාසය...!!!

ජේතවන දාගැබේ කුණු පුරවන්නැයි අලූත් පරපුරේ සමනලී කියයි..

 ඵෙතිහාසික ජේතවන දාගැබ් වහන්සේට කළ අවමානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල යුතු යයි ජාතික හෙල උරුමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාගේ ෆේස්බුක් ගිණුමද උපුටා දක්වමින් එම පක්‍සය විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

මේ අප පැතූ යහපාලනය ද...?

බලයට පත්වන එකඳු රජයක් වත් දුන් පොරොන්දු ඉටුකර නොමැත.සෑම රජයක්ම බලයට පත්වීමට පාලන බලය ලබා ගැනීම සඳහා ජනතාවට විවිධ පොරොන්දු ලබා දෙති. පක්ෂ පාට භේදයක් නැතිව එදා සිට මේ දක්වා බලයට පත්වූ සෑම රජයක් විසින්ම අඩුවැඩි වශයෙන් මේ ක්‍රමයට මේ රට පාලනය කරන ලදී. එක්කෝ මෙරටේ වැසියෝ අමුම අමු මෝඩයෝය. එදා මෙදා තුර ඔවුහු සිය චන්දයෙන් බලයට පත්කරනුයේ බලකාමී, බලලෝභී, අදමිටු, අත්තනෝමතික, ආත්මාර්ථකාමී රජයන්ය. සෑම චන්දයකට වරක්ම බොරු පොරොන්දු මාලාවකට රැවටෙන මේ මෝඩ චන්දදායකයෝ යළියළිත් අමන නරි රැළක් වන් පිරිසක් තමන්ව පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත තෝරා පත්කර හරිති. එලෙස තමන් වෙනුවෙන් තමාව පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත තෝරා පත්කර ගන්නා පිරිසට එලෙස රටක පාලනය බලය හෙබවීම පිණිස තිබිය යුතු අවම සුදුසුකම්වත් නොසලකා මේ අයුරින් ඔවුන්ට චන්දය ලබා දෙන බව නිදහස ලබා මෙරට තුළ පැවැත්වූ සෑම චන්දයකම ප්‍රතිඵල ලෙස බැලූ විට මනාව පැහැදිලි වන කාරණයකි. ගමේකමට, චණ්ඩිකමට, පාතාල මැරයෙක්ව පිරිස් බලය තිබූ පමණින් ඒ එකම සුදුසුකමකොට ගෙන පාර්ලිමේන්තුව වෙත අපේක්ෂකයන් තෝරා පත්කර හැරීමට බහුතර චන්දදායකයෝ ඉතා හොඳින් සැදී පැහැදි එකත්පසකව සිටිති. චන්ද කාලයට බෙදාදෙනු ලබන රුපියල් දාහට, අරක්කු වීදුරුවට, බත් පාර්සලයට, වතුර බෝතලයට, සිල් රෙද්දට, මහන මැෂිමට, සෙවිලි තහඩුවට, වැසිකිලි පෝච්චියට තමන්ට හිමිව තිබෙන වටිනා චන්ද වරම නාස්ති කරගෙන අවම තරමින් අට පාස් සාමාන්‍ය කම්කරුවෙකුහට තරම්වත් සුදුසුකම් නැති කසිකබල් දේශපාලුවන් පිරිසක් පාර්ලිමේන්තු යැවීමට මෙරට සාමාන්‍ය චන්දදායකයෝ කටයුතු කරති. එම කසිකබල් දේශපාලුවෝ පාර්ලිමේන්තු ගොස් සිදුකරනුයේ සතපහක්වත් නොවටිනා දේවල්බව ජනසන්නිවේදන මාධ්‍ය මඟින් විකාශය කරන සජීවී පාර්ලිමේන්තු කතාබහ, හැසිරීම්වල ඇති තිරිසන්බව අනුව පැහැදිලිව පෙනීයයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.