ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 22, 2017

ගබ්සාව සදාචාරාත්මක ද.....?

ස්ත්‍රී දුෂණය, අපයෝජනයට, අපචාරයට, අතවරයට ලක්වූ කාන්තාවන් දෙස අප සමාජය බලන ආකාරයේ බොහෝ ගැටළු තිබේ. කෙතෙක් විද්‍යාව හා තාක්ෂණය දියුණුවුවද තවමත් අපේ සමාජය අති සාම්ප්‍රදායිකය. එබඳු අවාසනාවන්ත සිදුවීමකදී බොහෝ විට ස්ත්‍රියටම වරද පටවන අවස්ථා දක්නට ඇත. පිරිසක් (බොහෝ විට පුරුෂ පක්ෂය) එවැනි තරුණියන්ගේ අසරණ භාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්නට ප්‍රයත්න දරති. තවත් පිරිසක් (බොහෝ විට කාන්තා පක්ෂය)අර දූෂණයවූ තරුණිය පහත්කොට තමන් උසස් වීමට (අත්තුක්කංසන පාරවම්භන) වෙර දරති.රෝම ලන්දේසි නීතිය ඉදිරියේදීද ඇය උපහාසයට ලක්වෙයි.බොහෝ විට වැරදි කරුවන්ට ප්‍රමාණවත් දඩුවම්ද නොලැබෙයි. මේවා වහ වහා නිවැරදි විය යුතු කාරණාය. බොහෝ විට දූෂණයට ලක් වූ තරුණියක් හෝ විවාහයට පෙර ගැබ් ගත් තරුණියක් ගබ්සාවට පෙළඹෙන්නේ සමාජයේ ගැරහුම් නිසාය. එයින් ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි. ඉපදීමට පසු දරුවන් මරා දමන කාන්තාවන්ද දක්නට ඇත. අඩුම වශයෙන් එවැනි දරුවන් මරා නොදමා වෙනත් කෙනෙකුට හදාවඩා ගැනීමට දීමට හෝ පෙළඹවීමක්යාන්ත්‍රණයක් අවශ්‍ය වෙයි. සමාජයේ පිළිගැනීම ගෞරවය සහ ආරක්ෂාව මෙවැනි කාන්තාවන්ට ලැබීම අත්‍යවශ්‍ය වෙයි. ඒ පිළිබඳ සිතිය යුතුය.මේ නිසා මේ ගැන සාමූහික වගකීමක් අප සියලු දෙනාටම ඇත්තේය.

මුහුදේ ගිලීමට ගිය රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනා බේරා ගනී....!!!

තම ඥති හිත මිතුරන් සමඟ විනෝදයට මීගමු මුහුදේ දිය නෑමට ගිය තුරුණු රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනකු දියවැළකට අසුවී ගසාගෙන ගොස්‌ මරුවා සමඟ පොර බදමින් සිටියදී ඔවුන් දෙදෙනාගේ ජීවිත බේරා දීමට මීගමුව සංචාරක පොලිසියට අනුයුක්‌ත ජීවිතාරක්‍ෂක සේවයේ නියුතු සැරයන් (17344) සරත් කුමාර මහතා සමත් විය.
මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානය අසල මුහුදේ ඔවුන් දිය නෑමට 20 දා ගොස්‌ ඇත. මෙම අනතුරෙන් දිවි ගලවාගෙන ඇත්තේ ජාඇල මාඑළිය ප්‍රදේශයේ පදිංචි මංජුලා රොද්‍රිගු (30) සහ ජාඇල උතුරු බටගම පදිංචි පියුමි බිඳුකලා නමැත්තියන්ය.

ඵදා සිංහලයන්ගෙන් නොමිලේ ඉඩම් ගත් තම්බි අද විහාරයක් පවා ඉදි කිීරීමට නොදෙයි...!!!

දීඝවාපිය පරිවාර දාගැබ ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීහු විරෝධතා දක්‌වති....!!!


 නිසි අවසර ගත්තා - මේවා අපේ උරුමය කිසිවකුට විනාශ කරන්න දෙන්නේ නෑ - කිරිඳිවෙල සෝමරතන හිමි
 දීඝවාපි සෑ රදුන්ගේ පරිවාර දාගැබක්‌ වන මාණික්‌කමඩු ඉපැරණි පුද බිම ආසන්නයේදි විහාරස්‌ථානයකට පරිවාර චෛත්‍යයේ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට යැම නිසා 19 වන උදෑසන මුස්‌ලිම් ජනයා විරොධය පළ කිරීම නිසා උණුසුම් තත්ත්වයක්‌ ඇති විය. විහාරස්‌ථානය හදන්නට පටන් ගත් භුමිය මුස්‌ලිම් ජාතිකයෙක්‌ සතු ඉඩමක්‌ බව පවසමින් මෙම පිරිස විරෝධතාවයේ යෙදිණි.
මේ වන විට එම ස්‌ථානයේ වැඩ වාසය කරන ශාස්‌ත්‍රපති අඹගහපිටියේ සීලරතන හිමියන් ඇතුඵ එම ස්‌ථානයට වැඩමවා සිටි භික්‌ෂුන් වහන්සේලා පවසා සිටියේ මෙම ස්‌ථානයේ මීට පෙර විහාරස්‌ථානයක්‌ පැවති බවත් මේ සඳහා ජනපතිවරයාගේ සිට අදාළ ආයතනවලින් නිසි අවසර ලබාගෙන ඉන් අනතුරුව මෙම විහරස්‌ථනය ඉදිකිsරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කළ බවයි.

දේශපාලන පිම්පියන්ගේ කුණු දෙවොල....!!!


අද ලංකාවේ බහුතරයගේ කතාබහට ලක්වී ඇති මීතොටමුල්ල කුණුකන්ද තව ටික දිනකින් පාලකයින් විසින් මොන උප්පරවැට්ටියක් හරි දමා  යටගසන බවනම් ඉරපායනවා වගේ සහතික කර කිවහැක. මීතොටමුල්ල ජනතාවද  ඉතිහාසයේ හැම අවස්ථාවකම සිදුවූ අයුරින් පාලකයින්ගේ බසට රැවටී නිශ්ශබ්ද වනු ඇත.
     2008 ට ප්‍රථම මීතොටමුල්ල කුනුකන්ද කොලොන්නාවේ කුණු පමණක් දැමීමට තෝරාගත් බිම්කොටසකි . 2008දී ගොටාබයගේ අධීක්ෂණය සහ නියෝගය අනුව කොලඹ නගර සබවේ කුණු මීතොටමුල්ලට දිනපතා එකතුවිය. දිනපතා කොලබට එකතුවන ජනතාව ලක්ෂ 20සකි. කොලඹ ස්ථිර පදිංචිකරුවන් ලක්ෂ 7 කි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.