කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා වූ මහාදේවන් තිරුබාහරන් නොහොත් කුශාන්තන් නඩු පැවරීමකින් තොරව නිදහස් කර ඇත.
2014
වසරේ මාර්තු මසදී මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ මෙහෙයවීමකදී මැලේසියාවේදී
අත්අඩංගුවට ගනු ලැබූ කුශාන්තන් බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේ රඳවා තිබුණි.
අනුරාධපුරය, කටුනායක සහ කොළඹ ගුවන් ප්‍රහාර එල්ල කළේ කුශාන්තන්ගේ සැලසුම මතය.
ත්‍රස්තවාදී චෝදනා එල්ලවූ සිංහල සිරකරුවන් රඳවා සිටි කුටියේම රඳවා සිටි
කුශාන්තන් නිදහස් වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ සිටින ඔහුගේ බිරිය වෙත ගොස්
ඇත.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව මුළා
කරන බෙදුම්වාදයට රට තල්ලු කරන ව්‍යවස්ථාවක් බව , අධි නීතීඥ ගාමිනී මාරපන
පවසයි.පසුගියදා අධිනීතීඥ මනෝහර ද සිල්වා විසින් රචිත ‘බෙදුම්වාදීන්ගේ උපාය
මාර්ග සහ ව්‍යවස්ථා සංශෝධන ” ග්‍රන්ථය ජනගත කිරීම වෙනුවෙන් පදනම් ආයතනයේදී
පැවති උලෙලේදී ඔහු මේ බව ප්‍රකාශ කළා .
පක්ෂයකින්
තේරිපත්වූ මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පක්ෂ නායකයාට ලැබෙන
අයිතිය අහෝසි නොකර කොතරම් පවාදීමක් සිදු වුවත් හෘද සාක්ෂියට එකඟව ඡන්දය
දීමට මන්ත්‍රීවරුන්ට ඉඩක් නැති බව අධි නීතීඥ ගාමිනී මාරපන පෙන්වා දෙයි.
එදා
ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය
සම්මත කරගත්තේද එවැනි ලැජ්ජා සහගත බලහත්කාරකමින් බව ඔහු පෙන්වා දෙයි. මේ
යෝජිත ව්‍යවස්ථා සංශෝධනයද එලෙස සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් බව පෙන්වා
දෙන මාරපන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර පක්ෂ නායකයාට මන්ත්‍රීධූරය තීරණය
කිරීමේ අයිතිය ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 -13-ආ වගන්තිය අහෝසි කළ
යුතු යැයි අවධාරණය කරයි.වීඩියෝ සහිතයි
ගායක සුනිල් පෙරේරා ඇමරිකාවේ හූස්ටන්හිදී පසුගිය ඉරිදා දිනයේ
පැවති සංගීත ප්‍රසංගයකදී කරන ලද ප්‍රකාශයක් නිසා එම ස්ථානයේ දැඩි
නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
ශ්‍රී ලංකාවේ බුද්දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කල යුතු බවත්
ලංකාවේ මීලග ජනාධිපති මුස්ලිම් හෝ දෙමල විය යුතු බවටත් ඔහු විසින් කල
ප්‍රකාශයට එහි සිටි සියල්ලන් විරෝධය දක්වා ඇත.
ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳුවොත්
මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වෙනවා
-
සේනාධිරාජා කියයි
ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට රජය ක්‍රියා නොකළ හොත්
මන්ත්‍රීධුරවලින් ඉල්ලා අස්වන බව තමිල් අරසු කච්චි පක්ෂ
නායක මාවයි සේනාධිරාජා යාපනයේදී ප්‍රකාශ කර ඇත.