ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 14, 2017

විශ්වවිද්‍යාල, පාලි ත්‍රිපිටක බුදු දහම හා නූතන අධ්‍යාපන පරිහාණිය

අපේ රටේ පාසැල් අධ්‍යාපන ක්‍රියාවළිය හා විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රියාවලිය කිසියම් විමර්ශනාත්මක
දැක්මක් හෙළීමට කාලය දැන් පැමිණි තිබේ. දශක තුනක් තිස්සේ රටට ශාපයක්ව තිබූ යුද්ධය නිමාවීමත් සමඟම මෙරට සංවර්ධනය කිරීමට බොහෝ විට දුර්වලතා දැන හඳුනාගෙන තිබීමෙන් වාසියක් සැලසෙන බැවිනි. දේශීය දේ අගය කරන ‍දේශීය වශයෙන් රටෙහි සියඵ කේෂ්ත්‍රවල දියුණුවක් දැකිය හැක්කේ මූලික වශයෙන් එරටෙහි පාසැල් හා උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රටට ගැලපෙන පරිදි කිසියම් අනාගත දැක්මකට අනුව නැවත යාවත්කාලීන කිරීමෙන් බව දැනට බොහෝ කාලකට පෙරම මෙරට අධ්‍යාපනඥයින් ඇතුඵ බොහෝ විද්වතුන් විසින් පෙන්වා දී ඇති කරුණකි. අප රට බොහෝ කාලවකවානුවක් තිස්සේ බටහිර ජාතීන්ගේ යටත් විජිතයක් වී තිබූ හෙයින් මෙරට ජනයා ස්වදේශීය උරුමයන්ට වඩා විදේශීය හා විජාතික හරසුන් දේ මහත් හරසරින් යුක්තව අගයන්නට පුරුදු පුහුණුව සිටී. භාෂාව, සංස්කෘතිය, සමය සංකල්ප, ආකල්ප හා මතවාද පමණක් නොව සමේ වර්ණය පවා මහත් සේ උත්කර්ෂයට නංවා පිළිගනු ලබයි. තමාගේ උරුමය ආචීර්ණ කල්පික දේ ඇගයීමක් ලෙස හෝ අතීත කාමය වින්දනය කිරීමක් සේ සලකා එකහෙළා ඉවතලා ඒ වෙනුවට දොහොත් මුදුන් තබා හරසරින් විජාතික නිෂ්ඵල සම්පප්‍රලාප මහත් වැදගත් දේ ලෙස පරමාදර්ශ තලයට නංවා තබා තිබේ. ඉංග්‍රීසි භාෂාව කඩුවක් සේ දකින්නේත් සිංහල භාෂාවේ රසාලිප්ත ජීව ශක්තිය මරා දැමීමට ප්‍රයත්න දරන්නේත් අපට ප්‍රදානය කළ ව්‍යාජ නිදහසින් පසු මෙරට ඉතිරිකර ගිය ස්වදේශික සමේ වර්ණයෙන් හා පැහැයෙන් යුක්ත නමුත් අභ්‍යන්තර චිත්ත ස්වභාවයෙන් විදේශික වූ අමුතුම ආකාරයෙහි පුද්ගලයන් කොට්ඨාශයක් මෙරටෙහි සමාජ ආර්ථික හා දේශපාලනික ක්‍රියාවළිය හැසිරවීම හා මෙහෙයවීමේ කාර්යභාරය ඉසිලූ හෙයිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.