ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, April 13, 2017
මේ සිංහල අවුරුද්දේ ඔබේ ලග්නයට කොහොමද ?
අවුරුදු පලාපල මෙන්න
වසර 2017 අපේ‍්‍රල් මාසෙ 14 වෙනිදා පාන්දර 2.04 ට අලූත් අවුරුද්ද උදාවෙනවා. ඒ කියන්නේ සූර්යයා මෙතෙක් ගමන් කළ මීන රාශියෙ ඉඳලා මේෂ රාශියට ගමන් කරනවා. මේ වෙලාව උදාවෙන්නේ මකර ලග්නය. හතරෙ රවි බුධත්, ලග්නාධිපති ශනි දොළහෙත් සඳු දහයෙත් ගමන් කරනවා. සිකුරු තුනේ, කුජ පහේ, ගුරු නමයේ, රාහු අටෙත්, කේතු දෙකේත් ගමන් කරමින් තමයි තියෙන්නේ.ඉතින් උදාවෙන වසර ගොඩාක් සුබපලදායකයි කියලා කියන්න බෑ. අට අධිපති රවි හතරේ නිසා. ගොවිතැන් කෘෂිකාර්මික කටයුතුවලට බාධා වගේම මේ වසර ඇතුළත තද නියඟයක් ඇති වෙන බවක් පේනවා. මේ නියඟය නිසා ගොවිතැනට ලොකු පාඩුවක් ඇති වෙන බවයි පේන්නේ. ඒ වගේම රාජ්‍ය අංශයේ උසස් කාන්තාවකට වගේම ප්‍රසිද්ධ නළුවෙකුට හරි නිළියකට හරි මාරක අපලයක් සිද්ධ වෙනවා. රාජ්‍ය ආදායම් තත්ත්වයත් සුබ නෑ. සංක්‍රාන්ති කේන්ද්‍රයේ වගේම ශ්‍රී ලංකාවට හිමි කුම්භ ලග්නයටත් ධනය අතින් පෙන්නන්නෙ බාධා. රාජ්‍ය වියදම් ඉහළ යනවා වගේම ආදායම් බලාපොරොත්තු වෙන තරම් ලැබෙන පාටක් නැහැ.
Posted by
lankanews
at
April 13, 2017
0
comments
Links to this post
නූතන සමාජ පරිහානියට වගකිව යුතු නූතන පුහු මාධ්‍ය ජාලා....!!!
යම්කිසි
කාලසීමාවක් යන විට මිනිසා ගුණධර්මවලින් පිරිහි යන බව තථාගතයන්වහන්සේ විසින් දේශනා
කර තිබේ. එය කලියුග කාලය නම් වේ. මේ උදා වෙමින් පවතින්නේ එම පිරිහීමේ කාලසීමාව බව
වර්තමාන යුගයේ මිනිස් ක්‍රියාකාරකම් අනුව පැහැදිලි වේ. මානව චර්යා මනුෂ්‍යත්ව සභ්‍යත්වයට
නොගැලපෙන ලෙස සිත්සතන් අන්ත දූෂිත දැඩි ආත්මාර්ථකාමී, පටු, ලෝභී,පටිඝ හා කාමුක
ආකල්ප හා චේතනාවලින් පිරි ඉතිරි යමින් පවතියි. තාක්ෂණය හා විද්‍යාව කෙතරම් දුරට
දියුණු වුවද එම දියුණුව පවතින්නේ හුදෙක් මතුපිට භෞතික ස්ථරයතුළ පමණකි. මානවයා
සිත්සතන්වලින් ක්‍රමිකව වර්තමානය තුළ වනචාරී ගෝත්‍රික යුගයට ඇදී යමින් පවතියි. දියුණුවනවා
යන්නෙහි සැබෑ අර්ථය විය යුත්තේ භෞතිකව හා අධ්‍යාත්මික යන අංශ දෙකින්ම එක හා සමානව
සංවර්ධනයවීමයි. නමුදු නූතන යුගයෙහි එය හුදෙක් භෞතික දියුණුව පමණක් දක්වා අතිශයින්ම
පටුව හා ලඝුව තිබේ.
සරල පඹයාගේ වනචර ගැහිල්ලේ තරම....!!!
ජනාධිපති මෛත්‍රී මන්ත්‍රී බලපත්රයෙනුත් වාහනයක් ගෙන්වයි.. අධිසැප වාහනය හම්බන්තොටින් ගොඩබායි.. වරාය ගාස්තු 1750යි..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වර්මානයේ විධායක ජනාධිපතිවරයා ලෙස හිදිමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට හිමි ඩියුටි ෆී වාහන බලපත්‍රයක් උපයෝගී කරගෙන ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෲසර් ජීප් රථයයක් සිංගප්පූරුවේ ටොයොටා සමාගමන් ඇ.ඩොලර් 62500කට ලංකා බැංකුවේ ණයවර ලිපිගොනු අංක Branch 049- Ref No: NU/P/SIL/16/217 යටතේ ඇණවුම් කොට ගෙන්වා ගෙන ඇති බව කොලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවියේ දැක්වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වර්මානයේ විධායක ජනාධිපතිවරයා ලෙස හිදිමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට හිමි ඩියුටි ෆී වාහන බලපත්‍රයක් උපයෝගී කරගෙන ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෲසර් ජීප් රථයයක් සිංගප්පූරුවේ ටොයොටා සමාගමන් ඇ.ඩොලර් 62500කට ලංකා බැංකුවේ ණයවර ලිපිගොනු අංක Branch 049- Ref No: NU/P/SIL/16/217 යටතේ ඇණවුම් කොට ගෙන්වා ගෙන ඇති බව කොලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවියේ දැක්වෙයි.
Posted by
lankanews
at
April 13, 2017
0
comments
Links to this post
Labels: lankanews, luxery vehicles, Maithripala Sirisena, meithreepala family, my3, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
