පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයතුළ අවසාන භාගයෙහි සුජිත්
නිශාන්ත නැමැති හොර ජෝගියා කරළියට පැමිණෙනුයේ එබඳු වාතාවරණයක ජනමනස පවතිද්දීය.
මේ සුජිත්
නිශාන්ත නැමැති පුද්ගලයාගේ නියම නම එය නොවිය හැකි වුවද ඔහු කරළියට පැමිණෙනුයේ ඒ
නමිනි. ඇතැම්විට ඒ නමින් සිටින සැබෑ පුද්ගලයෙකුව අපහසුතාවයට පත් කිරීමේ වුවමනාවක්ද
ඒතුළ තිබිය හැකිය.පවතින රජයට හෝ කිසිදු රජයකට කඩේ නොයන අපක්ෂපාතී ස්වාධීන
බුද්ධිමතෙකු හෝ විද්වතකු අපහසුතාවයටපත්කරවීමේ වුවමනාවක්ද මේ සුජිත් නිශාන්ත නාමය
යොදාගැනීමතුළ සැඟවී පැවතියහැකිය. වයස අවුරුදු 25 පමණ පෙනුමකින් යුතු මේ පුද්ගලයා
ආචාර්ය උපාධියක් ලැබූවෙකු බවට ඇඟවෙන පරිදි ජනමාධ්යතුළ පෙනී සිටියි.ශ්‍රී ලංකාදීප
පුවත්පතේ අසංක ආටිගල මේ සුජිත් නිශාන්ත ඔසවා තැබීමට විශාල මෙහෙවරක් ඉටු කරනු
ලැබීය.විවිධ කාන්තා පුවත්පත්ද විවිධ වෙබ් අඩවිද මේ පුද්ගලයා හැකිතාක් ඉහළටම ඔසවා
තැබීමට ඉකුත් ජනාධිපතිවරයාගේ පාලන සමයතුළ විශාල කාර්යභාරයක් ඉටුකරන ලදී.ජ්‍යොතිෂය,
නක්ෂත්රය,කාන්තා,ළමා,පවුල් හා විවාහ උපදේශනය,බෝධිපූජා,දරුඵල ලබාදීම වත්පිළිවෙත්,බුදුදහම
සබැඳි මිථ්‍යාමත සමාජයේ වැපිරවීම ආදී අතිවිශාල විෂය ක්ෂේත්රයක් පිළිබඳ හැකියාවක්
තිබූ බවට සුජිත් නිශාන්ත නැමැත්තා මෙකී ජනමාධ්‍ය,සමාජ මාධ්‍ය හරහා පුම්බා තිබිණ.ඔහු
සකලාකලා වල්ලභ වැනිවිය.චන්දකාලය පැමිණෙන තෙක් ඔහු සකලකලා වල්ලභ ලෙස පෙනී සිට
උපදෙස් සපයන අතර චන්ද සමය ළංවෙත්ම ඔහුට සුවිශේෂයෙන්ම සැපයුනු කාර්යභාරයවී තිබුණේ
මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට හා එම රජයට පක්ෂපාතීව විවිධ ජනමාධ්‍ය,සමාජ මාධ්‍යජාලා
හරහා අනාවැකි ප්‍රකාශකරමින් මහජනතාවගේ මිථ්‍යා අන්ධවිශ්වාස රජය සඳහා පක්ෂපාතීවන
ලෙස සකස්කිරීමේ වගකීමයි