ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 9, 2017

පිටිදූවේ සිරිධම්ම සාධකයෙන් නිරූපිත සමාජ පරිහාණි ලක්ෂණ

කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් හිමිව තිබූ රූපවාහිනි හා මාධ්‍ය ජාලයතුළ ජනප්‍රියත්වයක් ඒ වන විට අත්පත් කරගෙන තිබූ පිටිදූවේ සිරිධම්ම ගේ මුල් කාලීනව තිබූ ජනප්‍රියත්වය අනුක්‍රමිකව පහළ මට්ටමකට බැස යමින් තිබිණ.ඊට විවිධ හේතු සාධකද විය. තමන්ගේ ජනප්‍රියත්වය දඩමීමා කරගත් පිටිදූවේ සිරිධම්ම ඒ වෙද්දී ජනප්‍රිය තලයේ වැජඹුනු දේශපාලන චරිත කීපයක් ඇසුරට යොමුවීමත්,මහායාන ඇදහීම්  මහායාන සංකල්ප ප්‍රජාව අතරට ගෙනයාමත්,මෙරට මුල්බැසගත් ථේරවාදී බෞද්ධ ඉගැන්වීම්වලට වෙනස් අත්තනෝමතික අර්ථකථන සැපයීමත්,සිරිසමන්තභද්‍ර නමින් තමන් බුද්ධත්වය ශාක්ෂාත් කළ බව පැවසීමත් යන කරුණු නිසා අනුක්‍රමිකව බෞද්ධ අනුගාමික පිරිස් අතර පිටිදූවේ සිරිධම්ම හට පැවතී පිළිගැනීම පහළට බැස යමින් පැවතින.නමුදු ඔහුට මෙකල අවශ්‍යවූයේ ඉහළ මිලකට අලෙවි වෙමින් හැකිතාක් මුදල් ඉපයීමයි. ඔහුගේ ඒ අරමුණ හා රන්දිව පුවත්පතේද සමන් සමරක්කොඩිගේද අරමුණ සමපාත වෙමින් පැවතින.මේ පිරිස ඒකරාශිවීමට බොහෝදුරකට හේතුවූයේ ගමේකම,වාණිජ අරමුණු,ශාස්ත්‍රාලීය පසුබිම වැනි කරුණුය. ගාල්ල ගමවීම හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය විෂය යටතේ විශේෂවේදී උපාධියක් ලැබීම යන කරුණු පුබුදු අරඹවෙලට මේ අරමුණු හා බද්ධවීමට පෙළඹවීමක් ඇති කරවීමට හේතුවිය.

පිස්සුද මල්ලී, සයිටම් කියන්නේ ආණ්ඩු පෙරලන්න තියෙන චාන්ස් එකක් - නාමල්...!!!

 

සයිටම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන සිසුන් පිරිසක් පසුගියදා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මුණගැහුනා. ඒ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපතිවරයා විදියට නාමල් මන්ත‍්‍රී තරුණයන්ගෙ ප‍්‍රශ්න ගැන සංවේදී නිසා. සයිටම් සිසුන්ගෙ බලාපොරොත්තුව උනේ තමන්ගෙ අධ්‍යාපන ගැටලූ ගැන මන්ත‍්‍රීවරයා දැනුවත් කරලා මොකක් හරි විසඳුමක් හොයාගන්න.සිසුන් සයිටම් ආයතනයේ ඉතිහාසය ගැනයි, වර්තමානයේ තමන්ට තියන ප‍්‍රශ්න ගැනයි නාමල් මන්ත‍්‍රීවරයාට එකින් එක පැහැදිලි කරලා අන්තිමට කිව්වා මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්න කියලා. නමුත් මන්ත‍්‍රීවරයාගෙන් ලැබුනේ කවුරුවත් බලාපොරොත්තු නොවුණු උත්තරයක්.පිස්සුද මල්ලී අපි සයිටම් එක පාවිචිචි කරලා ආණ්ඩුව පෙරළන්න යන්නෙ..!!!  කියලා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා කිව්වම සයිටම් සිසුන්ට උඩ-බිම බැලූණා.

අර්ථසාධකේටත් විද්ද සුණඛයෝ....!!! තාමත් ඵළියේ...!!!

බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක
අරමුදලට කෝටි 950 ක්‌ පාඩු වෙලා...!!!

ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්‌ ප්‍රධාන නියෝජිත කාර්යයක්‌ වන්නේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම සහ පරිපාලනය කිරීමයි. ඒ අනුව 1958 අංක 15 දරන පනත යටතේ පිහිටුවන ලද සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු ලෙස සේවා දායකයන්ගේ දායක මුදල් ලබා ගැනීම, අතිරික්‌ත අරමුදල් ආයෝජනය කිරීම, විධිමත් ලෙස ගිණුම් පවත්වාගෙන යැම සහ සාමාජිකයන්ට ප්‍රතිලාභ ගෙවීම මුදල් මණ්‌ඩලයට පැවරී ඇති වගකීමකි. මේ නිසා මහ බැංකුව වූ කලී අර්ථසාධක අරමුදලේ භාරකරුවා මිස හිමිකරුවා නොවේ. එසේ නම් මේ අරමුදලේ හිමිකරුවා කවුද? එහි හිsමිකරුවා වන්නේ ලක්‌ෂ සංඛ්‍යාත අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන රටේ සේවක හා කම්කරු ප්‍රජාවයි. ඒ නිසා මේ අරමුදලේ භාරකරුවා ලෙස එහි හිමිකරුවා වන අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට එම අරමුදල නිසි ලෙස කළමනාකරණය කිරීමේ වගකීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල බැඳී සිටී. එහෙත් මේ වගකීම මහ බැංකුව හරිහැටි ඉටු කළාද යන බරපතළ ප්‍රශ්නය දැන් මතුව තිබේ. එයට හේතුව වන්නේ දැනට රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන බැඳුම්කර මගඩියට අර්ථසාධක අරමුදල ද සම්බන්ධ කරගෙන තිබීමයි. ඒ හරහා එම අරමුදලට අතිවිශාල පාඩුවක්‌ සිදු වී සමස්‌ත ලක්‌ෂ සංඛ්‍යාත අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට ඉමහත් අගතියක්‌ සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී තිබීමයි.

විශ්වවිද්‍යාල, පාලි ත්‍රිපිටක බුදු දහම හා නූතන අධ්‍යාපන පරිහාණිය

අපේ රටේ පාසැල් අධ්‍යාපන ක්‍රියාවළිය හා විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රියාවලිය කිසියම් විමර්ශනාත්මක දැක්මක් හෙළීමට කාලය දැන් පැමිණි තිබේ. දශක තුනක් තිස්සේ රටට ශාපයක්ව තිබූ යුද්ධය නිමාවීමත් සමඟම මෙරට සංවර්ධනය කිරීමට බොහෝ විට දුර්වලතා දැන හඳුනාගෙන තිබීමෙන් වාසියක් සැලසෙන බැවිනි. දේශීය දේ අගය කරන ‍දේශීය වශයෙන් රටෙහි සියඵ කේෂ්ත්‍රවල දියුණුවක් දැකිය හැක්කේ මූලික වශයෙන් එරටෙහි පාසැල් හා උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති රටට ගැලපෙන පරිදි කිසියම් අනාගත දැක්මකට අනුව නැවත යාවත්කාලීන කිරීමෙන් බව දැනට බොහෝ කාලකට පෙරම මෙරට අධ්‍යාපනඥයින් ඇතුඵ බොහෝ විද්වතුන් විසින් පෙන්වා දී ඇති කරුණකි. අප රට බොහෝ කාලවකවානුවක් තිස්සේ බටහිර ජාතීන්ගේ යටත් විජිතයක් වී තිබූ හෙයින් මෙරට ජනයා ස්වදේශීය උරුමයන්ට වඩා විදේශීය හා විජාතික හරසුන් දේ මහත් හරසරින් යුක්තව අගයන්නට පුරුදු පුහුණුව සිටී.
භාෂාව, සංස්කෘතිය, සමය සංකල්ප, ආකල්ප හා මතවාද පමණක් නොව සමේ වර්ණය පවා මහත් සේ උත්කර්ෂයට නංවා පිළිගනු ලබයි. තමාගේ උරුමය ආචීර්ණ කල්පික දේ ඇගයීමක් ලෙස හෝ අතීත කාමය වින්දනය කිරීමක් සේ සලකා එකහෙළා ඉවතලා ඒ වෙනුවට දොහොත් මුදුන් තබා හරසරින් විජාතික නිෂ්ඵල සම්පප්‍රලාප මහත් වැදගත් දේ ලෙස පරමාදර්ශ තලයට නංවා තබා තිබේ. ඉංග්‍රීසි භාෂාව කඩුවක් සේ දකින්නේත් සිංහල භාෂාවේ රසාලිප්ත ජීව ශක්තිය මරා දැමීමට ප්‍රයත්න දරන්නේත් අපට ප්‍රදානය කළ ව්‍යාජ නිදහසින් පසු මෙරට ඉතිරිකර ගිය ස්වදේශික සමේ වර්ණයෙන් හා පැහැයෙන් යුක්ත නමුත් අභ්‍යන්තර චිත්ත ස්වභාවයෙන් විදේශික වූ අමුතුම ආකාරයෙහි පුද්ගලයන් කොට්ඨාශයක් මෙරටෙහි සමාජ ආර්ථික හා දේශපාලනික ක්‍රියාවළිය හැසිරවීම හා මෙහෙයවීමේ කාර්යභාරය ඉසිලූ හෙයිනි. ඒ යටතේ මෙරට අධ්‍යාපන ක්‍රියාවළිය ඔස්සේ තව දුරටත් විදේශිකයින්ට අවශ්‍ය චිත්ත ස්වභාවයෙන් යුක්ත ඔවුන්ට ගැතිකම් කරන දේශීය මතුපිට හැඩයෙන් යුතු අභ්‍යන්තරගත විදේශීය සිතුම් පැතුම් හා ආකල්ප වලින් සමන්විත පුද්ගලයින් බිහි වෙමින් පවතියි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.