ජනතාව රැවටීමට සහ ඇන්දවීමට ටයි කෝට් ගලවා තබා කපටි නිළ ඇඳුම ලා ගත් අපත දේශපාළුවා...!!!
පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ආනයනය කරන ලද මෝටර් වාහන සහ රත්රන් සඳහා නව සේවා ගාස්තුවක් ඇති කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ සඳහා ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත සංශෝධනය කෙරේ.
නව ආර්ථික සේවා ගාස්තු අය කෙරෙන සංශෝධන 2017 මාර්තු 24 දාතමින්
මුදල්
ඇමැතිවරයා විසින් ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
හොරුන් අතරට යන ජන සංනිවේදන ජාලය...!!!
සීඑස්එන් රූපවාහිනී නාලිකාව සතුව ඇති මාධ්‍ය බලපත්‍රය ආණ්ඩුවේ මුදල් ඇමති කරුපයියා විසින් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා පල වෙයි.
මේ සම්බන්දයෙන් අදාල පුද්ගලයින් සමග සාකච්චා වට ගණනාවක්ද පවත්වා ඇති
බවත් මෙම බලපත්‍රය මිලට ගැනීමට සැරසෙන්නේ මෑතකදී ලෝක සම්මානයෙන්ද පුද ලද
එජාපයේ ඇමතිවරයෙක් යයිද සදහන්ය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස්
FM නාලිකාව ඇරඹේ
පසුගිය කාලයේ වැඩි වශයෙන් කථාබහට ලක්වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් පුළුල් මාධ්‍ය ජාලයේ කොටස් කරුවෙකු වෙමින් ඔවුනට අනුබද්ධ
ඉන්ටර්ග්‍රෙඩට් මීඩියා නෙට්වර්ක් (IMN) මගින් වෙනම අරඹන එෆ් එම් නාලිකාවේ පරීක්ෂණ විකාශය අද (3) සිට ආරම්භ කර ඇත.
රස එෆ් එම් නමින් නම් කර ඇති එහි පරීක්ෂණ විකාශය 99.5 හා 99.7 FM සංඛ්‍යාත ඔස්සේ අරඹා ඇත.
මෙම සංඛ්‍යාතයන් මින් ඉහත සීඑස්එන් මාධ්‍ය ජාලයට අයත්ව තිබූ දෙමළ රේඩියෝ
නාලිකාවට අයත් වූ අතර පසුව ස්කයි නෙට්වර්ක් සමාගම නතුවී තිබුණි.