ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 25, 2017

මාමාගේ අයවැයෙන් බෑනාගේ අරක්කු සමාගමට කෝටි ගණනක බදු සහන..!!!



යහපාලන ආණ්ඩුව පැමිණියේ 2015 ජනවාරි 9 වෙනිදා ය. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපති වූයේ ජනවාරි මාසයේදී ය. ඔහුගේ බෑනගේ සමාගම වූ පර්පෙචුවල් ට්‍රෙසරිස් පලමු බැදුම්කර වංචාවට සම්බන්ධ වන්නේ 2015 පෙබරවාරි මාසයේ 27 වෙනිදා ය. ඒ හරහා විශාල ලාභයක් තම සමාගමට හිමිබව දැන ගත් වහාම එසේ ලැබෙන මුදල් ආයෝජනය කිරීම සඳහා බෑනාට හිමි අරක්කු සමාගම හරහා අලුත් අරක්කු ෆැක්ටරියක් ඉදිකිරිමට අවශ්‍ය බලපත්‍රයක් එම වසරේ දිම මුදල් අමාත්‍යාංශය හරහා ලබා ගත්හ.
ඉන්පසු 2017 අයවැය පිලියෙල කිරීම මුදල් අමාත්‍ය රවි කරුණානායක ලේකම් ආර් එච් එස් සමරතුංග ඇතුළු නිලධාරින් විසින් සිදු කල අතර එහි තීරණාත්මක රැස්වීමක් අමාත්‍යාංශයන් බැහැරව දකුණු පලාතේ තරු පන්තියේ හෝටලය තෝරා ගෙන එහි නේවාසිකව අයවැය පිලියෙල කරන ලදි.

පොරොන්දු වලට ගරු කර ඒවා අකුරටම ඉටු කරනු-මානව හිමිකම් කවුන්සලයට TNA ප්‍රසාදය ...!!!

34/L I යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට හා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට නිශ්චිත කාලයක් ලබාදීමත්, 30/1 යෝජනාව සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඒ පිළිබඳ වාර්තාවක් පිළිවෙලින් 2018 දී හා 2019 දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37 වන හා 40 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියම කිරීම පිළිබඳවත් දෙමළ ජාතික සන්ධානය තම ප්‍රසාදය පළකරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මඟින් සම්මත කරන ලද යෝජනාවට දෙමළ ජාතික සන්ධානය ප්‍රසාදය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ද්‍රවිධ ජාතික සන්ධානය මේ බව සදහන් කරනවා.
එම නිවේදනය පහත පරිදිය

විරුවන්ගේ විත්තිවාචකය විදෙස් විනිසුරන්ගේ ආගමනයට රතු කොඩියක්ද? කොළ කොඩියක්ද?

පසුගිය සතියේ තරම් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු සම්බන්ධව ජනතාව සාකච්ඡා කළ ආකාරයක් මෙයට පෙර දකින්නට නො වීය. 2019 මැයි 19 දින ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේදී මිය ගිය මොහොතේ සිටම ඉංග්‍රීසි ගැති මානසිකත්වයෙන් පෙළෙන්නෝ, බෙදුම්වාදීන් එනම් බටහිර අනුකාරකයෝ ලංකාවේ රාජ්‍ය නායකයින් සහ යුධ විරුවන්ව ජිනීවා මානව හිමිකම් උගුලේ හසු කරන හැටි ගැන ඇගිලි ගණිමින් සිටියේ ය. දෙමළ ඩයස්ෆෝරාවේ මෙහෙවීමෙන් මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව හරහා නිර්මාණය කරගත් යුධ අපරාධ දර්ශන ඇතුළත් වීඩියෝ පට කිහිපයක් අන්තර්ජාතිකව මුදා හරිමින් ලාංකීය හමුදාවෝ යුධ අපරාධ සිදුකර ඇති බවට පුළුල් ප්‍රචාරයක් ලොව පුරා ගෙන ගියහ. ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින බෙදුම්වාදී අරමුණු සහ ඉලක්ක ඇති මන්ත්‍රීවරු මෙන්ම ඩොලර් වලින් යැපෙන සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් ලංකාවේ හමුදා යුධ අපරාධ උගුලට හසුවන වාර්තා ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති බවත් ඒ සමගම වාර්තා විය. හිටපු නීතිපතිවරයෙකු වූ ශීවා පසුපතිද ඒ අතර විය. ඒ සමගම සිහි කළ යුත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වූ සී. වී. විග්නේශ්වරන් විසින් ‍උතුරු පළාත් සභාවේ මහ ඇමති වී උතුරු නැගෙනහිර වෙනම ඒකකයක් ලෙසට යෝජනා ‍උතුරු පළාත් සභාවේ සම්මත කරමින් කටයුතු කර ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.