ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 21, 2017

අභීත හඬක් රට ජාතිය වෙනුවෙන්..!!! අපගේ උපහාරය ඔබට...!!!

140,000 ක්‌ ද්‍රවිඩ ජනතාව සමූලඝාතනය කර ඇති බවට කොටි හිතවාදීන් මානව හිමිකම් සමුළුව හමුවේ එල්ල කරන චෝදනාව මුළුමනින්ම සාවද්‍ය බවට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (20දා) මානව හිමිකම් සමුළුව අමතා කියා සිටියේය.
ඊළාම් ක්‍රියාකාරීන් හය දෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන අභූත චෝදනා මා නිරීක්‍ෂණය කළා. මේ කිසිවෙක්‌ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි අය නොවෙයි යෑයි හෙතෙම එහිදී පැවසීය. සරත් වීරසේකර මහතා සමුළුව අමතන බව වාර්තා වී ස්‌විස්‌ ඊළාම් ඩයස්‌පෝරාව මගින් ඊළාම්වාදීන් විශාල පිරිසක්‌ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන්වා තිබුණි. video

නඩු අහන්නත් ලැජ්ජ නැතුව ආපු ලෝක හොරාණෝ...!!!

මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාග කටයුතු නරඹන්නකු ලෙස ඒ සඳහා වෙන්කර තිබෙන අසුනක හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වාඩිවී සිටීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා  ඊයේ දැඩි විරෝධය පළ කළේය.
හිටපු අධිපති මහේන්ද්‍රන්   (21 දා) කොමිසමට පැමිණ සිටියේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ සමඟය.

ජනාධිපති කොමිසම ඊයේ පෙරවරු 10 ට රැස්‌වූ අතර මුලින්ම නැගී සිටි අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා , නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් සාක්‍ෂිකරුවන් මාර්ගයෙන් කොමිසමට ඉදිරිපත් කරන මහ බැංකුවේ ලියවිලිවල පිටපත් තමාට ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

රුසියන් කෙල්ලො දෙන්නෙක් අපේ ඵවුන්ට දීපු තෑගි....!!!

යොවුන් වියේ පසුවෙන ලස්සන සුද්දියො දෙන්නා ලංකාවට ආවේ පරිසරය පිළිබඳව අධ්‍යනයක යෙදෙන්න කියලා. මේ දෙන්නගෙම උපන් රට රුසියාව. ලංකාවට ආව කෙල්ලො දෙන්න ගොඩක් ආස කලේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රදේශයට.
මේ ලස්සන සුදු නෝනලා දෙන්න නතර උනේ ඇල්ල පැත්තේ තියන හෝටලයක. සංචාරකයෝ ලංකාවට ආවම ඔවුන්ට උදව් කරන්න කට්ටිය එමට ඉන්නවා. සංචාරකයින්ට ගයිඞ් වැඬේ කරන්න ඉදිරිපත් වෙන්නේ බොහෝ විට පිරිමි පක්‍ෂය. ඉතින් මේ තරුණ සුදු නෝනාලා දෙන්නා දැක්කම ඒ දෙන්නගේ ගයිඞ්ලා වෙන්නත් ගොඩක් කොල්ලො ඉදිරිපත් වුනා. ඒ වුනාට සුද්දියෝ දෙන්නා එකම ගයිඞ් කෙනෙක් එක්ක අපේ රටේ සුන්දරත්වය රසවිදින්න යන්න කැමැත්තක් තිබුනේ නෑ. ඇල්ල පැත්තෙම කරක්ගහන්න ආසා කරපු මේ යෞවනියෝ දෙන්නා අද එක ගයිඞ් කෙනෙකුත් හෙට තවත් ගයිඞ් කෙනෙකුත් විදියට කොල්ලො සෙට් එකක්ම තෝරා ගත්තා හරිම සුහද විදියට.

රටටම අරක්කු බෙදන්න බැඳුම්කර හොරා ප්ලෑන් කරලා ...!!!

මුදල් ඇමති කරුප්‍පයියා ඇතුලු හොර නඩේගෙන් අතහිත...!!! 
බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස්‌ විසින් කල්කුඩාහි ආරම්භ කිරීමට යන අරක්කු නිෂ්පාදනාගාරයට අති විශාල බදු සහනයක්‌ ලැබෙන බව වාර්තා වෙයි.
මෙම නිෂ්පාදනාගාරය ආරම්භ කිරීම වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස්‌ රුපියල් බිලියන 4.5ක මුදලක් යොදවන අතර ඔහුට අයත් ‘මෙන්ඩිස්‌’ අරක්කු සමාගමේ නිශ්පාදනාගාරයක් එහි ඉදිකෙරේ.

පත්තර කාරයො ? ඕකුන්ව මං එනකොටත් සර්ච් කරනවා, යනකොටත් සර්ච් කරනවා "...!!!

හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ විසින් රචනා කළ "අන්න ඒක හරි" නම් කෘතිය එළිදැක්වීම පසුගිය සතියේ මහවැලි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර ය. උත්සවයේ මූලාසනය දැරූ භික්ෂූන් වහන්සේ සභාව අමතමින් ප්‍රකාශ කළේ "මේ බෝධි ලියනගේ මහත්තයා කියන්නේ අවංක, දක්ෂ, නිකැළැල් පොලිස් නිලධාරියෙක්. කවදාවත් කිසිම දූෂණයකට සම්බන්ධ වෙච්චි කෙනෙක් නෙවෙයි. ඒවගේ අය පොලීසියේ හරිම විරලයි" යනුවෙනි.
ඊළඟට තිබුණේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ ප්‍රධාන දේශනයයි. දේශනය ආරම්භ කරමින් ම පූජිත පැවසුවේ " හාමුදුරුවනේ ඒක මහ කැත කතාවක්නෙ! ඇයි හාමුදුරුවනේ මේ මම ? මමත් අවංක, දක්ෂ, නිකැළැල්, කිසිම දූෂණයකට සම්බන්ධ නැති කෙනෙක්නේ ? ඇයි මං ගැන ඔබවහන්සේ එහෙම නොකියන්නේ ?" යනුවෙනි. ඔහු ඊටම එකතු කරමින් "හැම එකාම කියන්නේ පූජිතට කෙළවෙලා කියලා, ඒත් මේ ඉන්නෙ මං හොඳට පොලිස්පති පුටුවේ .." යනුවෙන් ද පැවසුවේය.

මත් මතින් කොටු පනින්න ට්‍රයි කළ අඩු වයස් මහානාම ගැටව්...!!!

මහානාමයේ මද කිපෙති.. ගේට්ටු කඩාගෙන යශෝදරාවට පනිති.. මහ ගාලගෝටියක්..!!! 
මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක‍්‍රිකට් තරගයට සමගාමීව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු මෙම සිසුන් පිරිස බාලිකා විදුහලට කඩා පැන ඇති අතර එම විදුහලේ ගුරුවරුන් හා දෙමාපියන් පවසන්නේ අදාල සිසුන් පිරිස මත් ගතියකින් සිටිනු දුටු බවයි. video කොළඹ මහානාම විදුහලේ සිසුන් පිරිසක් බලහත්කාරයෙන් කොළඹ යශෝධරා බාලිකා විදුහලට කඩා පැනීමත් සමග එහි ඉතා උණුසුම් තත්වයක් හට ගත්තේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.