ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 20, 2017

ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ කණ්ඩායමක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග  ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  (20) අධිකරණයට දැනුම් දී තිබේ.
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදිය සිදුකර ඇත්තේද මෙම විශේෂ කණ්ඩායම විසින් බවත් එකල මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.VIDEO

බෞද්ධයෙනි,කුඩු වූ වසර 2500ක හිස්ටරිය නැවත ගොඩනගමුද...?

ගෞරවනීය මහා සoඝරත්නය ඇතුළු බෞද්ධ ජනතාවගේ අවධානය පිණිසයි.මෙම ආරාධනය අන්‍ය ජාතීන්ගේ ආගම, ජාතිය හා සoස්කෘතියට ගරු කරන, මේ පින්බර මව්බිමේ උපන් බෞද්ධයන් වෙතයි.උපතින්ම බෞද්ධාගම උරුම වූ අප අසා ඇත්තේ ථේරවාදී බුදු දහමේ කෙන්ද්‍රස්ථානය ශ්‍රී ලoකාව බවයි. අපට අපේ මුතුන් මිත්තන් උරුම කර දුන් වසර සිය දහස් ගණනක් පැරණි ඒ ප්‍රෞඩ ඉතිහාසය තුළ උරුම වූ නටඹුන් පවා අද අපට රැක ගැනීමට නොහැකි වෙමින් පවතී. මක් නිසාද යත්, එම වටිනා උරුමයන්ට නිසි ආරක්ෂාව යෙදීමේ වගකීම මින් පෙර පැවති සෑම රජයක් විසින්ම පැහැර හරිනු ලැබ තිබිණි.එම අගනා දායාදයන් විදේශිකයින්ට විකුණා මුදල් උපයා ගැනීමට වෑයම් කළා මිස, එම සම්පත් කෙරෙහි නිසි අවධානය යොමු කිරිම ඔවුන් අතින් සිදු නොවීය.
අප ලොවට කෑ ගසා පුරසාරම් දොඩන වසර 2500 ක ඉතිහාසයක් ඇති මේ පින්බිමේ, දින 365 පුරාවටම ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකා තුළින් බුදු බණ ප්‍රචාරය වූවත්, පහත සඳහන් කරුණු සළකා බැලීමේදී අපගේ දේශය ථේරවාදී බුදු දහමේ මූලස්ථානය ලෙස හැදින්විය හැකිද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.

ටොරෙන්ටෝ නගරාධිපති මුල්ලිවයික්කාල් අනුස්මරණ බිමේ-උතුරේ යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කරයි..!!!

යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට උතුරේ සංචාරයක නිරතව සිටින කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාවේ නගරාධිපති ජෝන් ටෝරී(John Tory) ඇතුලු කණ්ඩායම මුල්ලිවයික්කාල් අනුස්මරණ බිමේදි එම ස්මාරක පහණට ගිනී දල්වා යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කිරීමට කටයුතු කර තිබේ.PHOTOS

යුධ අපරාධ සිදුවූ බවට පෝස්ටර් උතුරේ … ද්‍රවිඩ දේශපාලඥයන් මහා සටනක...!!!

එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය යුධ අපරාධකරුවන් ආරක්ෂා කරන බව පවසමින් , E.P.R.L.F පක්ෂයේ නමින් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම පෝස්ටර් අලවා තිබෙනවා.
යාපනය ,කොණ්ඩාවිල් ,උරුම්පිරායි ,ඌරලි යන ප්‍රදේශවලයි මේ ආකාරයට පෝස්ටර් අලවා තිබෙනවා.
යුද්ධයෙන් මිය ගිය කාන්තාවකගේ සහ දරුවෙකුගේ ඡායාරූප යොදා ගනිමින් , පෝස්‍ටර් සකස් කර ගෙන තිබෙනවා.යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ කාර්යාලය මෙරටට තවත් වසර දෙකක් ලබා දීම , තම පක්ෂය විරුද්ධ බව , E.P.R.L.F පක්ෂයේ නායක සූරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසා ඇත.

ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්න නියෝග කෙරේ...!!!

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේදි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පවරා තිබුණු නඩුවක් අද (20) කැදවූ අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසින් ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට වරේන්තු නිකුත් කළා.

විරුවන් වෙනුවෙන් රටවල් 05 ක ශ්‍රි ලාංකික එකමුතුවක් …මහා විරෝධතාවයක් ....!!!

30 වසරක යුද්ධය නිමා කල රණවිරුවන්ට සහ එයට එරෙහිව නායකත්වය දුන් , පිරිසට යුධ අපරාධ චෝදනා නගමින් අන්තර්ජාතික අධිකරණයක් ඉදිරියේ දඩුවම් ලබා දීමේ යෝජනාවට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට ගෝලිය ශ්‍රි ලාංකික සංසදය තීරණය කර තිබෙනව. ඒ අනුව ලබන 22 දා පස්වරුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ගෝලිය ශ්‍රි ලංකා සංසදය විසින් මේ විරෝධතාවය පැවැත්වීමට නියමිතයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.